27 April 2024
#දේශීය

පාසල් ගුරුවරුන්ට එන්නත් ලබාදීම ජූලි 12 වනදා ආරම්භ කෙරේ – අධ්‍යාපන ඇමැති

දිවයිනේ සියලු ම ගුරුවරුන්ට කොවිඩ් 19 එන්නත ලබාදීමේ වැඩසටහන මේ මස 12වෙනි සඳුදා ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

ඒ අනුව මෙරට පාසල් 10155ක් වන සියලු ම ගුරුවරුන්ට මෙන් ම විදුහල්පතිවරුන්ට සහ සියලු ම අනධ්‍යයන සේවකයන්ට ද මේ වැඩපිළිවෙළ සමඟ ම එන්නත් ලබා දීමට කටයුතු සංවිධානය කර ඇති බව ද ඒ මහතා පැවසී ය.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ අද (07) දින ඉසුරුපාය පරිශ්‍රයේ දී මාධ්‍ය අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ” ජනාධිපතිවරයාගේ සෘජු මැදිහත්වීම නිසා මෙම කටයුත්ත ඉතා ඉක්මනින් අවසන් කරගැනීමට අවස්ථාව ලැබී ඇත. ඒ අනුව අද උදෑසන සියලු ම පළාත් ආණ්ඩුකාරවරු, ප්‍රධාන ලේකම්වරු, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරු සහ සෞඛ්‍ය අංශ සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරු ව මෙම තීරණයට එළඹෙන ලදී. ඒ අනුව විදුහල්පතිවරු සහාය කාර්යය මණ්ඩලයක් පත්කොට ඒ ඒ මධ්‍යස්ථානවලට යවා ගුරුවරුන් හඳුනා ගැනීම සිදුකරනු ලබන අතර සියලු ම ගුරුවරුන්ට ප්‍රමුඛ කණ්ඩායමක් ලෙස සලකා, පාසල් හැකිතාක් ඉක්මනින් විවෘත කිරීමට හැකිවන පරිදි, ප්‍රථම පියවර වශයෙන් එන්නත්කරණය සිදු කෙරේ. එමෙන් ම දූ දරුවන් සඳහා පාසල් විවෘත කිරීමේ ක්‍රියාවලියේ පළමු පියවරක් වශයෙන් ළමුන් 100ට අඩු පාසල්, රජයේ ආධාර ලබන පාසල් සහ පිරිවෙන් විවෘත කිරීමට අපේක්ෂිත ය. මේ අයුරින් පාසල් දිගින් දිගට ම වසා තැබීම කළ නොහැකි අතර මෙම වැඩපිළිවෙළ ඉක්මනින් අවසන් කල හැකි බවට ද අමාත්‍යවරයා විශ්වාසය පළ කළේ ය.

මෙම අවස්ථාව සඳහා රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා ද සහභාගී විය.

 

 

 

Vaccination of school teachers will commence on July 12 – Minister of Education

 

The Minister of Education Prof. GL Peiris says that the program to give the Kovid 19 vaccine to all teachers in the island will commence on the 12th of this month.

Accordingly, arrangements have been made to vaccinate all 10155 teachers as well as principals and all non-academic employees in the country with this program, he said.

The Minister said this addressing the media at the Isurupaya premises today (07).

He further said that the decision was taken following discussions with all the Provincial Governors, Principal Secretaries, Chief Secretaries, Provincial Directors of Education and the Health Sector this morning. The principals appoint a support staff and send teachers to the respective centers to identify the teachers and vaccinate all the teachers as a priority group so that the schools can be reopened as soon as possible and as a first step in the process of opening schools for the children It is expected to reopen schools with less than 100 children, government aided schools and pirivenas.

Minister of State Susil Premajayantha was also present on the occasion.

Leave a comment

Your email address will not be published. Required fields are marked *