වත්මන් විපක්ෂය නියෝජනය කරන දේශපාලන කණ්ඩායම් විවිධ සන්ධානගත වීම් හරහා එක් වීමට උත්සාහ කළද, එය තමන්ට කිසිසේත්ම අභියෝගයක් නොවන බව ජාතික ජන බලවේගයේ විධායක සභික වසන්ත සමරසිංහ මහතා පවසයි. විපක්ෂය මේ වන විට සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවත්, ඔවුන් සිදුකරන මෙම එකතුවීම් හුදෙක් “කුණු ගොඩවල්” එක් කිරීමක් බඳු ක්‍රියාවක් බවත් ඔහු දැඩි ලෙස අවධාරණය කළේය.
ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද දේශපාලන කණ්ඩායම් කුමන ආකාරයේ නව ලේබල් යටතේ පැමිණියද ජනතාව තවදුරටත් ඔවුන්ට නොරැවටෙන බව පෙන්වා දෙන සමරසිංහ මහතා, විපක්ෂයේ අභ්‍යන්තර අර්බුද හමුවේ ඔවුන් අද වන විට දේශපාලනිකව අසරණ වී ඇති බව ද සඳහන් කළේය. මෙවැනි අසාර්ථක කණ්ඩායම්වල එකතුවීම් පිළිබඳව කලබල විය යුතු නැති බවත්, රටේ සැබෑ වෙනසක් අපේක්ෂා කරන ජනතාව තමන් කෙරෙහි තබා ඇති විශ්වාසය තවදුරටත් තහවුරු වෙමින් පවතින බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.














