• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

බස්නාහිර කලාපයේ සශ්‍රීක හරිත ජීවනාලය” ලෙස වත්තල නගරය සංවර්ධනය කෙරේ

26 February 2023
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

වත්තල නගරය “බස්නාහිර කලාපයේ සශ්‍රීක හරිත ජීවනාලය” ලෙස සංවර්ධනය කෙරෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පවසයි.

ඒ අනුව එය ඉදිරි දස වසරක කාලය තුළ එය ක්‍රියාත්මක කිරීමට නියමිත අතර නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් මත එයට අදාළ සංවර්ධන සැලසුම් කෙටුම්පත සකස්කර තිබේ.

කෙටුම්පත් සම්බන්ධයෙන් පසුගිය 24 වනදා බත්තලමුල්ල,සෙත්සිරිපායේ පිහිටි නාගරික සංවර්ධන අධිකා‍රියේ ශ්‍රවණාගාරයේදී වත්තල නගර සංවර්ධන සැලැස්ම සඳහා මහජන නියෝජිතයන්ගේ හා නිළධාරීන්ගේ අදහස් හා යෝජනා ලබා ගැනීම සිදු කෙරිණ.

මෙහිදී කෙටුම්පත් කරන ලද වත්තල නගර සංවර්ධන සැලැස්ම නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතා විසින් වත්තල-මාබෝල නගර සභාවේ ලේකම් පී.ඒ.එස්.එස් සඳරුවන් සහ වත්තල ප්‍රාදේශීය ලේකම් ආර්.එච්.පී වසන්ති වික්‍රමරත්න මහත්ම මහත්මීන් වෙත පිළිගන්වනු ලැබිණ.

මෙම කෙටුම්පත වත්තල-මාබෝල නගර සභාවේ හා වත්තල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් වෙත ඉදිරිපත්කර ඔවුන්ගේ සහ මහජනතාවගේ අදහස් හා යෝජනා ලබාගැනීම සිදුවේ. එම ක්‍රියාවලිය දින 60 ක කාලයක් ඇතුළතදී සිදුකළ යුතුය. අනතුරුව නාගරික සංවර්ධන අධිකාරිය විසින් වත්තල නගර සංවර්ධන සැලසුම ගැසට් මගින් ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

1978 අංක 41 දරණ නාගරික සංවර්ධන පනත අනුව විෂය භාර අමාත්‍යවරයා විසින් නාගරික සංවර්ධන බල ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත්කරනු ලබන ඕනෑම ප්‍රදේශයක් සඳහා නගර සංවර්ධන සැලසුම් සකස්කර එය ක්‍රියාත්මක කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය බැඳී සිටී.

වත්තල නගර සංවර්ධන සැලැස්මේ දැක්ම වන්නේ “බස්නාහිර කලාපයේ සශ්‍රීක හරිත ජීවනාලය” යන්නයි. ඉඩම් හා ගොඩනැඟිලි සංවර්ධන, ආර්ථික සංවර්ධන උපාය මාර්ගය, අපරව්‍යුහ පහසුකම් සංවර්ධනය, තිරසාර පරිසර සංවර්ධනය යන ප්‍රධාන උපාය මාර්ග 04 කින් සමන්විතය. එමෙන්ම මෙම නව සංවර්ධන සැලැස්ම යටතේ වෙරළාශ්‍රිත සංචාරක කලාප සංවර්ධනය, ධීවර ආර්ථිකය සංවර්ධනය,අඩු ආදායම්ලාභී හා මිශ්‍ර සංවර්ධනය, මුහුදු ආහාර වීදි, කෙරවලපිටිය අන්තර්හුවමාරු මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගත් රේඛීය උද්‍යාන සංවර්ධනය, ආපදා අවම කිරීම,මහාමාර්ග හා ප්‍රවාහනය සංවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමුකර තිබේ.

1995.8.22 දින ගැසට් අංක 885/6 යටතේ වත්තල වෙරළබඩ තීරයේ සිට කිලෝමීටර 1ක් ප්‍රමාණයක් නාගරික බල ප්‍රදේශයක් ‍ලෙස ප්‍රකාශයට පත්කර තිබේ. එමෙන්ම 2002.4.19 වැනිදා ගැසට් අංක 1232/5 යටතේ වත්තල මාබෝල නගර සභා බල ප්‍රදේශය නාගරික සංවර්ධන අධිකාරියට අයත් බල ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත. නැවත 2016.9.9 දින අංක 1983/30 යටතේ ගම්පහ දිස්ත්‍රික්කයම නාගරික සංවර්ධන අධිකාරියට අයත්වන බල ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ. වර්ග කිලෝමීටර 57.7ක විශාලත්වයකින් යුතු වත්තල නගරය ග්‍රාම නිළධාරී වසම් 46න් සමන්විතය. 2030 වනවිට වත්තල නගරයේ මුළු ජනගහනය 216,926ක් වෙතැයි උපකල්පනය කර ඇත.

වත්තල බල ප්‍රදේශය කොළඹ නගරයට ඉතා සමීපයෙන් පිහිටා ඇති බැවින් එක පසෙකින් අධි ඝනත්ව ඉහළ නාගරික ලක්ෂණ පෙන්නුම් කෙරේ. එමෙන්ම ප්‍රදේශයේ උතුරු කොටස සහ සැලසුම් සීමාවේ අභ්‍යන්තර ප්‍රදේශ පාරිසරික සංවේදීත්වයෙන් ඉහළ මුතුරාජවෙල තෙත්බිම් පරිසරය පිහිටා තිබේ.එය මෙරට විශාලතම වෙරළබඩ තෙත් බිම් පරිසර පද්ධතිය ලෙස ප්‍රසිද්ධියක් උසුලයි.

එමෙන්ම කෙරවලපිටිය කර්මාන්ත කලාපය, ධීවර කටයුතු සඳහා ජාතික ආර්ථිකයට ඵලදායි දික්ඕවිට වරාය පිහිටා ඇත්තේද මෙම සීමාවේය. අතීතයේ සිටම භාණ්ඩ ප්‍රවාහනයට ප්‍රසිද්ධ හැමිල්ටන් ඇල සහ ඕලන්ද ඇල මාර්ගද වත්තල බල ප්‍රදේශයේ පිහිටා තිබේ. කොළඹ නගරයට ආසන්නයේ පිහිටා ඇති බැවින් වත්තල නගරය නේවාසික පහසුකම් සපයන ප්‍රදේශයකි.

නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත්, අතිරේක අධ්‍යක්ෂ ජනරාල් මහින්ද විතානරච්චි, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (සැලසුම්) එම්.පී රණතුංග, ප්‍රියානි නවරත්න අධ්‍යක්ෂ (උපාය මාර්ගික සැලසුම්), වයි.ඒ.ටී.කේ ගුණතිලක අධක්ෂ (බස්නාහිර පළාත්), නියෝජ්‍ය අධ්‍යක්ෂ (සැලසුම්) හේමාල් ලක්පැතුම් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Post Views: 5
Previous Post

රටේ ආර්ථිකය විනාශ කිරිමට අන්තාවදි දේශපාලන පක්ෂ උත්සහා කරන බව රාජ්‍ය ඇමැති රෝහණ කියයි

Next Post

අනුර ඇතුළු 26 දෙනෙකුට අද කොළඹ තහනම් කෙරේ

editor

editor

Next Post

අනුර ඇතුළු 26 දෙනෙකුට අද කොළඹ තහනම් කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

15 May 2025
රාජ කුමාරි ඝාතන නඩුව – විත්තිකරුවන්ට පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණයට දින දෙයි

රාජ කුමාරි ඝාතන නඩුව – විත්තිකරුවන්ට පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණයට දින දෙයි

15 May 2025
පොහොර වංචාවක් – 12ක් අත්අඩංගුවට

පොහොර වංචාවක් – 12ක් අත්අඩංගුවට

15 May 2025
පුබුදු දසනායක අමෙරිකාවේ ප්‍රධාන ක්‍රිකට් පුහුණුකාර ධුරයට

පුබුදු දසනායක අමෙරිකාවේ ප්‍රධාන ක්‍රිකට් පුහුණුකාර ධුරයට

15 May 2025

Recent News

ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

15 May 2025
රාජ කුමාරි ඝාතන නඩුව – විත්තිකරුවන්ට පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණයට දින දෙයි

රාජ කුමාරි ඝාතන නඩුව – විත්තිකරුවන්ට පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණයට දින දෙයි

15 May 2025
පොහොර වංචාවක් – 12ක් අත්අඩංගුවට

පොහොර වංචාවක් – 12ක් අත්අඩංගුවට

15 May 2025
පුබුදු දසනායක අමෙරිකාවේ ප්‍රධාන ක්‍රිකට් පුහුණුකාර ධුරයට

පුබුදු දසනායක අමෙරිකාවේ ප්‍රධාන ක්‍රිකට් පුහුණුකාර ධුරයට

15 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

15 May 2025
රාජ කුමාරි ඝාතන නඩුව – විත්තිකරුවන්ට පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණයට දින දෙයි

රාජ කුමාරි ඝාතන නඩුව – විත්තිකරුවන්ට පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණයට දින දෙයි

15 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved