27 April 2024
#දේශීය

අනුර ඇතුළු 26 දෙනෙකුට අද කොළඹ තහනම් කෙරේ

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පුද්ගලයින් 26 දෙනෙකුට අද (26)දිනය තුළ උද්ඝෝෂණ සහ පෙළපාලි පැවැත්වීම වළක්වාලමින් නියෝගයක් ලබා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය අංශය නිවේනදනය කරයි.

ඒ අනුව අද පස්වරු 1 සිට රාත්‍රී 8 දක්වා කාලය තුළ දී කොටුව පොලිස් වසමට අදාළ මාර්ගවල අවහිරතාවක් හා මාර්ගවල ගමන් ගන්නා වාහනවලට බාධා කිරීම් නොකරන ලෙසත්, ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරයට, මුදල් අමාත්‍යංශය සහ ගාලුමුවදොර පිටිය පරිශ්‍රයට ඇතුලු ස්ථාන කිහිපයකට ඇතුළුවිම වලකින ලෙසත්, පොදු හා පුද්ගලික දේපලවලට හානි නොකරන ලෙසත් මහජනයා ප්‍රකෝප විය හැකි ප්‍රචණ්ඩකාරි සිදුවීම් සිදු නොකරන ලෙසටත්, නියෝග කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් අධිකරණ ආඥාවක් නිකුත් කර තිබේ.

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *