27 April 2024
#දේශීය

තරුණයින් බලාපොරොත්තු වු වෙනස අපිත් පිළිගන්නවා – ජනපති

අරගලයේ නිරතව සිටි තරුණයන්ගේ ඉල්ලීම වුයේ රටේ ක්‍රමය වෙනස් කිරීම බවත් එය අපිත් පිළිගන්නවා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (27) පස්වරුවේ පිටකෝට්ටේ පිහිටි එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොත මන්දිරයේ දී එහි කාර්ය මණ්ඩලය අමතමිනි.

එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර, ජාතික සංවිධායක සාගල රත්නායක, පක්ෂයේ ප්‍රධාන විධායක නිලධාරී ශමල් සෙනරත් යන මහත්වරු විසින් පක්ෂ මූලස්ථානය වෙත පැමිණි ජනාධිපතිවරයා පිළි ගනු ලැබිණ.

සියලුදෙනාට රටේ නීතියට අනුව සාමකාමී විරෝධතාවල නිරතවීමට ඉඩ ඇති බවත්, අරගලයේ නිරත වූවන්ට ද එම අයිතිය ඇති අතර විවිධ දක්ෂතා ඇති තරුණ තරුණියන් ද ඊට එක්ව සිටි අයුරු තමා දුටු බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

තමා ජනාධිපති ධූරය භාර ගත්තේ රට ඉතා අසීරු තත්ත්වයක පවතින අවස්ථාවේ බව සඳහන් කළ ජනාධිපතිවරයා ආර්ථික අභියෝගය ජය ගනිමින් රට ඉදිරියට ගෙන යාමට මේ වන විට පියවර රැසක් ගෙන ඇති බව ද කියා සිටියේය.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *