27 April 2024
#දේශීය

අරගලය මර්ධනය ගියොත් එකතුවන පිරිස වැඩි වෙයි – හිටපු ජනපති මෛත්‍රිපාල

අරගලයකරුවන් මර්ධනය කිරීමට අත්අඩංගුවට ගැනීමට යාම තුලින් ආණ්ඩුවට එරෙහි එකතු වන පිරිස වැඩිවීමට බොහෝ ඉඩ ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

අද (28) එම පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ් මහතා පැවසුවේ ලෝකයේ අනෙකුත් රටවල පැවැති අරගල ගැන සලකා බැලුවොත් මෙවැනි මර්ධනකාරී තත්ත්වයට යාම තුළින් ආණ්ඩුවට එරෙහි පෙළ ගැහෙන පිරිස් වැඩි වන බවයි.

එසේම සර්ව පාක්ෂික ආණ්ඩුවක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අද පස්වරුවේ ජනාධිපති හමුවන බව සිරිසේන මහතා කියා සිටියේය. එසේම ඔහු වැඩිදුරටත් කියා සිටියේ පවතින ආර්ථික තුළ සර්ව පාක්ෂික ආණ්ඩුවකින් තොරව විසදුමක් නොමැති බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *