• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හැම තිස්සෙම අපි බලය ගන්න තමා වැඩ කරන්නේ -රාජ්‍ය ඇමැති දුමින්ද

3 November 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට, අපි හැම තිස්සේම අපිට අනාගතයේ බලය ලබා ගැනීම වෙනුවෙන් කටයුතු කරන්නේ යැයි රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි..

ඒ මහතා මේ බව, රැකියා ලක්ෂයේ දෙවැනි අදියර යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ 58 දෙනෙකු වෙත පත්වීම් ලිපි ප්‍රදානය කරමිනි.

පළමු අදියර යටතේ පත්වීම් 59 ක් ප්‍රදානය කෙරුණු අතර, මීට පෙර පළමු අදියර යටතේ දුමින්ද දිසානායක මහතා විසින් පත්වීම් 298 ක් ප්‍රදානය කෙරිණි.

එහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා, ” සමහර මෙතන ඉන්න අය මට මනාප දීලත් නැතිව ඇති, මාව දන්නෙත් නැතිව ඇති මේ ගෙදරට කලින් ඇවිල්ලත් නැතිව ඇති, පළමු වැනි වතාවට වෙන්න ඇති මේ ගෙදරට එන්න ඇති.මාව අදුරගෙන, මට වැඩකරලා, පෝස්ටර් ගහලා නෙමෙයි ඔය අය ආවේ. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට, අපි හැම තිස්සේම අපිට අනාගතයේ බලය ලබා ගැනීම වෙනුවෙන් ඉතිහාසයේ අපි වැඩ කරපු ක්‍රමයට, විශේෂයෙන්ම මගේ පියා වන බර්ටි ප්‍රේමලාල් දිසානායක මැතිතුමා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ආසන 07 ත් එක්කම වැඩ කරා, අපි ආසන 07ම අපේ කියලා හිතුවේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලු දෙනා එකම කණ්ඩායමක්, එකම පවුලක් කියලා අපි හිතුවේ. මේ පත්වීම දෙන මාවත් මතක තියා ගත්තාට කමක් නෑ, අවශ්‍යතාවක් තියෙනවා නම්.හැබැයි නෑ කියලත් තරහක් නෑ,අපි මේ ප්‍රථිඋපකාරයක් බලාගෙන කරන දෙයක් නෙමෙයි.අපිව පත් කරපු ඔබතුමන්ලා වෙනුවෙන් අපෙන් විය යුතු සේවාවක් විදිහට තමයි මේ රැකියාව ඔබතුමන්ලාට ලබා දීලා තියෙන්නේ. මේ රැකියාව ලැබිලා යන තැන් එක්ක ප්‍රශ්න ඇති, ඒ්කට අපිත් එක්ක අමනාප වෙන්න එපා කියලා ඉල්ලනවා.ආණ්ඩුවේ රස්සාවක් කියන කොට අපි හැමෝම හිතන්නේ, කාර්යාලයක රැකියාවක්, මේසයක් – පුටුවක් තමයි අපි හැමෝම බලාපොරොත්තු වෙන්නේ, හැබැයි අපිට අවශ්‍යතාව තිබුනේ රටේ තියෙන යම් යම් තනතුරු වලට බදවා ගන්නා කට්ටිය ඒ රැකියාවට ගත්තාම, ඒ අය බඳවා ගන්නා රැකියාවට අදාළ රාජකාරිය නෙමෙයි කරන්නේ වෙනත් රාජකාරියක් තමයි කරන්නේ.ඒ නිසා යම් රාජකාරී ප්‍රමාණයක් තියෙනවා පුරප්පාඩු වුණ, ඒ නිසා මම ඔබතුමන්ලාගෙන් ඉල්ලීමක් කරනවා ඔබතුමන්ලාගේ සුදුසුකම් වලට ලැබුණ මේ රැකියාව, කවමදාවත් ආණ්ඩුවේ රැකියාවක් නොලැබෙන අවස්ථාවක තමයි ඔබතුමාලාගේ සුදුසුකම් වලට මේ රැකියාව ලැබිලා තියෙන්නේ.ඒ නිසා යන තැන හිත සතුටින් රාජකාරී කරන්න,ඔබතුමන්ලා මේ ආරම්භ කරන රජයේ රැකියාව ඉදිරියේදී ක්‍රමවේදයන් එයි ඔබතුමන්ලාගේ සුදුසුකම් හදාගත්තාම ඉහලට යන්න.ඒ නිසා යන තැන හිත සතුටින් වැඩ කරන්න. එහෙම නැත්නම් ආණ්ඩුවේ රස්සාවකුත් ලැබිලා අපිට වැඩ කරන්න ලැබුනේ අහවල් තැන, මේක මොකටද අපට කියන චෝදනාව, හෝ විවේචනය කරන්න එපා.අපි හැමෝම මේ දෙන දෙයින්, ලැබෙන දෙයින් සතුටු වුණොත් තමයි අපිට ඉදිරි ගමනක් හදා ගන්න පුලුවන්කම තියෙන්නේ. මේ ලැබෙන පත්වීම හිත සතුටින් භාර ගෙන, මේ ලැබෙන රැකියාවත් එක්ක තමන්ගේ ජීවිතය ජය ගන්න.තමන්ගේ පවුලට, දෙමාපියන්ට සලකලා ආදර්ශමත් පවුලක් විදිහට ඉදලා , රටටත් වැඩදායි පුද්ගලයකු ලෙස තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න කටයුතු කරන්න යැයි පැවසීය.

මෙම අවස්ථාවට හිටපු අමාත්‍යය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැදවච්චිය ආසන සංවිධායක තිස්ස කරල්ලියද්ද, මිහින්තලය ආසන සංවිධායක, හිටපු පළාත් සභා අමාත්‍ය සරත් ඉලංගසිංහ, අනුරාධපුර බටහිර ආසන සංවිධායක, හිටපු ප්‍රාදේශීය සභා සභාපති නලීන් දිසානායක, අනුරාධපුර නැගෙනහිර ආසන සම සංවිධායකවරුන් වන හිටපු ප්‍රාදේශීය සභා සභාපති ඩී.පී බන්දුලසේන හා හිටපු නියෝජ්‍යය නගරාධිපති ප්‍රේමසිරි හෙට්ටිආරච්චි,කැකිරාව ආසන සංවිධායක නීතීඥ රවීන්ද්‍ර දිසානායක, අනුරාධපුර දිස්ත්‍රික් සංවිධායක හිටපු පළාත් සභා මන්ත්‍රී ඥානතිලක යන මහත්වරුන් ඇතුළු දේශපාලන නියෝජිතයන් පිරිසක් සහභාගී වූහ.

තිසර සමල් – එප්පාවල

Post Views: 3
Previous Post

නිදහස් පක්ෂය ඊළඟ ආණ්ඩුවේ තීරණාත්මක බලවේගය විය යුතුයි – ඇමැති නිමල්

Next Post

යට ගහන ගැටුම නැවත ඇති කරන්න ආණ්ඩුව උත්සාහ කරනවා – ජවිපේ

editor

editor

Next Post

යට ගහන ගැටුම නැවත ඇති කරන්න ආණ්ඩුව උත්සාහ කරනවා - ජවිපේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලයේ තවත් ප්‍රධානියෙක් එප්ස්ටයින් ලිපිගොනු සම්බන්ධයෙන්  ඉල්ලා අස්වෙයි

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලයේ තවත් ප්‍රධානියෙක් එප්ස්ටයින් ලිපිගොනු සම්බන්ධයෙන් ඉල්ලා අස්වෙයි

9 February 2026
Asia Capital සමාගමට එරෙහි නඩුව බලතල නොමැති වීම මත අධිකරණයෙන් ඉවතට

Asia Capital සමාගමට එරෙහි නඩුව බලතල නොමැති වීම මත අධිකරණයෙන් ඉවතට

9 February 2026
8 ශ්‍රේණියේ සිසුවියකට අමානුෂික ලෙස පහර දුන් ගුරුවරයෙකු නානුඔයදී අත්අඩංගුවට

8 ශ්‍රේණියේ සිසුවියකට අමානුෂික ලෙස පහර දුන් ගුරුවරයෙකු නානුඔයදී අත්අඩංගුවට

9 February 2026
ලිබියානු වෙරළට ඔබ්බෙන් සංක්‍රමණික යාත්‍රාවක් පෙරළෙයි

ලිබියානු වෙරළට ඔබ්බෙන් සංක්‍රමණික යාත්‍රාවක් පෙරළෙයි

9 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලයේ තවත් ප්‍රධානියෙක් එප්ස්ටයින් ලිපිගොනු සම්බන්ධයෙන්  ඉල්ලා අස්වෙයි

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලයේ තවත් ප්‍රධානියෙක් එප්ස්ටයින් ලිපිගොනු සම්බන්ධයෙන් ඉල්ලා අස්වෙයි

9 February 2026
Asia Capital සමාගමට එරෙහි නඩුව බලතල නොමැති වීම මත අධිකරණයෙන් ඉවතට

Asia Capital සමාගමට එරෙහි නඩුව බලතල නොමැති වීම මත අධිකරණයෙන් ඉවතට

9 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved