27 April 2024
#දේශීය

නිදහස් පක්ෂය ඊළඟ ආණ්ඩුවේ තීරණාත්මක බලවේගය විය යුතුයි – ඇමැති නිමල්

අද පවතින තත්ත්වය අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පාර්ලිමේන්තුවේ ආසන 113 දිනාගෙන බලය ඇල්ලීම පහසු නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨ උප සභාපති කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ නුවරඑළිය දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බල මණ්ඩලය පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමින්ය.

එහිදී අමාත්‍යවරයා පැවසුවේ පක්ෂය ගම් මට්ටමින් ගොඩනගා වශයෙන් ඊළඟ මහ මැතිවරණයේදී අපි ආසන 50ක්වත් දිනාගෙන ඊළඟ රජයේ තීරණාත්මක බලවේගය බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පත් විය යුතුයි.ඒ සඳහා ශ්‍රී ලංකා සදහා ශ්ඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අලුත් වැඩපිළිවෙළක් එක්ක ගමට යා යුතු බව හෙතෙම පැවසිය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *