27 April 2024
#දේශීය

හැම තිස්සෙම අපි බලය ගන්න තමා වැඩ කරන්නේ -රාජ්‍ය ඇමැති දුමින්ද

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට, අපි හැම තිස්සේම අපිට අනාගතයේ බලය ලබා ගැනීම වෙනුවෙන් කටයුතු කරන්නේ යැයි රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි..

ඒ මහතා මේ බව, රැකියා ලක්ෂයේ දෙවැනි අදියර යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ 58 දෙනෙකු වෙත පත්වීම් ලිපි ප්‍රදානය කරමිනි.

පළමු අදියර යටතේ පත්වීම් 59 ක් ප්‍රදානය කෙරුණු අතර, මීට පෙර පළමු අදියර යටතේ දුමින්ද දිසානායක මහතා විසින් පත්වීම් 298 ක් ප්‍රදානය කෙරිණි.

එහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා, ” සමහර මෙතන ඉන්න අය මට මනාප දීලත් නැතිව ඇති, මාව දන්නෙත් නැතිව ඇති මේ ගෙදරට කලින් ඇවිල්ලත් නැතිව ඇති, පළමු වැනි වතාවට වෙන්න ඇති මේ ගෙදරට එන්න ඇති.මාව අදුරගෙන, මට වැඩකරලා, පෝස්ටර් ගහලා නෙමෙයි ඔය අය ආවේ. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට, අපි හැම තිස්සේම අපිට අනාගතයේ බලය ලබා ගැනීම වෙනුවෙන් ඉතිහාසයේ අපි වැඩ කරපු ක්‍රමයට, විශේෂයෙන්ම මගේ පියා වන බර්ටි ප්‍රේමලාල් දිසානායක මැතිතුමා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ආසන 07 ත් එක්කම වැඩ කරා, අපි ආසන 07ම අපේ කියලා හිතුවේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලු දෙනා එකම කණ්ඩායමක්, එකම පවුලක් කියලා අපි හිතුවේ. මේ පත්වීම දෙන මාවත් මතක තියා ගත්තාට කමක් නෑ, අවශ්‍යතාවක් තියෙනවා නම්.හැබැයි නෑ කියලත් තරහක් නෑ,අපි මේ ප්‍රථිඋපකාරයක් බලාගෙන කරන දෙයක් නෙමෙයි.අපිව පත් කරපු ඔබතුමන්ලා වෙනුවෙන් අපෙන් විය යුතු සේවාවක් විදිහට තමයි මේ රැකියාව ඔබතුමන්ලාට ලබා දීලා තියෙන්නේ. මේ රැකියාව ලැබිලා යන තැන් එක්ක ප්‍රශ්න ඇති, ඒ්කට අපිත් එක්ක අමනාප වෙන්න එපා කියලා ඉල්ලනවා.ආණ්ඩුවේ රස්සාවක් කියන කොට අපි හැමෝම හිතන්නේ, කාර්යාලයක රැකියාවක්, මේසයක් – පුටුවක් තමයි අපි හැමෝම බලාපොරොත්තු වෙන්නේ, හැබැයි අපිට අවශ්‍යතාව තිබුනේ රටේ තියෙන යම් යම් තනතුරු වලට බදවා ගන්නා කට්ටිය ඒ රැකියාවට ගත්තාම, ඒ අය බඳවා ගන්නා රැකියාවට අදාළ රාජකාරිය නෙමෙයි කරන්නේ වෙනත් රාජකාරියක් තමයි කරන්නේ.ඒ නිසා යම් රාජකාරී ප්‍රමාණයක් තියෙනවා පුරප්පාඩු වුණ, ඒ නිසා මම ඔබතුමන්ලාගෙන් ඉල්ලීමක් කරනවා ඔබතුමන්ලාගේ සුදුසුකම් වලට ලැබුණ මේ රැකියාව, කවමදාවත් ආණ්ඩුවේ රැකියාවක් නොලැබෙන අවස්ථාවක තමයි ඔබතුමාලාගේ සුදුසුකම් වලට මේ රැකියාව ලැබිලා තියෙන්නේ.ඒ නිසා යන තැන හිත සතුටින් රාජකාරී කරන්න,ඔබතුමන්ලා මේ ආරම්භ කරන රජයේ රැකියාව ඉදිරියේදී ක්‍රමවේදයන් එයි ඔබතුමන්ලාගේ සුදුසුකම් හදාගත්තාම ඉහලට යන්න.ඒ නිසා යන තැන හිත සතුටින් වැඩ කරන්න. එහෙම නැත්නම් ආණ්ඩුවේ රස්සාවකුත් ලැබිලා අපිට වැඩ කරන්න ලැබුනේ අහවල් තැන, මේක මොකටද අපට කියන චෝදනාව, හෝ විවේචනය කරන්න එපා.අපි හැමෝම මේ දෙන දෙයින්, ලැබෙන දෙයින් සතුටු වුණොත් තමයි අපිට ඉදිරි ගමනක් හදා ගන්න පුලුවන්කම තියෙන්නේ. මේ ලැබෙන පත්වීම හිත සතුටින් භාර ගෙන, මේ ලැබෙන රැකියාවත් එක්ක තමන්ගේ ජීවිතය ජය ගන්න.තමන්ගේ පවුලට, දෙමාපියන්ට සලකලා ආදර්ශමත් පවුලක් විදිහට ඉදලා , රටටත් වැඩදායි පුද්ගලයකු ලෙස තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න කටයුතු කරන්න යැයි පැවසීය.

මෙම අවස්ථාවට හිටපු අමාත්‍යය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැදවච්චිය ආසන සංවිධායක තිස්ස කරල්ලියද්ද, මිහින්තලය ආසන සංවිධායක, හිටපු පළාත් සභා අමාත්‍ය සරත් ඉලංගසිංහ, අනුරාධපුර බටහිර ආසන සංවිධායක, හිටපු ප්‍රාදේශීය සභා සභාපති නලීන් දිසානායක, අනුරාධපුර නැගෙනහිර ආසන සම සංවිධායකවරුන් වන හිටපු ප්‍රාදේශීය සභා සභාපති ඩී.පී බන්දුලසේන හා හිටපු නියෝජ්‍යය නගරාධිපති ප්‍රේමසිරි හෙට්ටිආරච්චි,කැකිරාව ආසන සංවිධායක නීතීඥ රවීන්ද්‍ර දිසානායක, අනුරාධපුර දිස්ත්‍රික් සංවිධායක හිටපු පළාත් සභා මන්ත්‍රී ඥානතිලක යන මහත්වරුන් ඇතුළු දේශපාලන නියෝජිතයන් පිරිසක් සහභාගී වූහ.

 

තිසර සමල් – එප්පාවල

Leave a comment

Your email address will not be published. Required fields are marked *