• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අවස්ථාවාදී එක්ක අපි නෑ – ජවිපේ වසන්ත

3 November 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අවස්ථාවාදී අරගල වලට අපි කිසිසේත් සම්බන්ධ නොවන බවත් වේදිකා වලට නගින්නේ වේදිකා වල ඉන්න පුලුවන් මිනිස්සුත් එක්ක යැයි වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු, අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ ආණ්ඩුවට එරෙහිව දේශපාලන පක්ෂ, බහුජන සංවිධාන හා වෘත්තීය සමිති කොළඹදී  සිදු කරන විරෝධතා පා ගමනට ජාතික ජන බලවේගය හා වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය සහභාගී නොවන්නේ මන්දැයි මාධ්‍ය කළ විමසීමකට පිළිතුරු ලබා දෙමින්ය.

වසන්ත සමරසිංහ මහතාගේ සහභාගීත්වයෙන් එප්පාවල එළියදිවුල්වැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ කොට්ඨාශ ක්‍රියාකාරී හමුවක් ඊයේ  (02) පස්වරු‌වේ පැවති අතර, ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ වසන්ත සමරසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේ, ” ආර්ථික පීඩනයට එරෙහිව නම් 02 වනදා අරගලය තියෙන්නේ ආර්ථික පීඩනය ඇති කරන හැම වෙලාවේම මේ අරගලයට සම්බන්ධ වෙන පාර්ශවයන් ඒ වෙනුවෙන් පෙනී ඉන්න ඔ්න, පහුගිය දවස් වල පාර්ලිමේන්තුවේදී ආරක්ෂක සේවා බද්ධ සම්මත වුණා, 2.5 % යි, ඒක සම්මත වෙනකොට, සජිත්ලා, ඔය මෛත්‍රීලා ඇතුළු අද සම්බන්ධ වෙන අය පස්ස දොරෙන් පැනලා යනවා, ආණ්ඩුවට ඒක සම්මත කරන්න දීලා, ඒ ජනතාවට සහන දෙන්නද? තෙල් සංස්ථාව විකුණන පනත ගෙන ආවා පහුගිය 18 වැනිදා? අපේ වෘත්තීය සමිති ගෙයක් ගෙයක් ගානේ ගියා, සජිත් ප්‍රේමදාස හම්බෙලා කිව්වා එකසිය ගණනක් ඡන්ද තියනවා ඒ නිසා මේක පරද්දන්න පුලුවන් කියලා. හැබැයි මොකද වුණේ? තෙල් සංස්ථා පනත ගේනවා සජිත්ලා මඟඇරලා යනවා පනත සම්මත වෙනවා, ඡන්ද 77 යි හම්බුණේ, වැඩි ඡන්ද 60 කින් සම්මතයි, මොකක් නිසාද ආර්ථික සහන දෙන්නද? ජනතාවට සහන දෙන්නද? නෑ මේ ගොල්ල මේ කබරගොයා, තලගොයා කරගන්න හදනවා. අරගල හදනකොට සැබෑ ජනතා අරගලය පිට් පොකට් ගහන්න හදනවා.අද අන්න බලාගත්තැහැකි අරගලය පිට් පොකට් ගහන්න ආපු අයට, එතන්ට ආපූ ඇත්ත වුවමනාවක් තිබුණ මිනිස්සු හිටියා, අරගලයට ඇත්ත වුවමනාවකින් සම්බන්ධ වෙන මිනිස්සු හිටියා. අන්න විරෝධය දක්වනවා, හැමදාම එනවා බැනර් එකක් අස්සට රිංගලා කථාවක් කරලා තමන්ගේ මූණ දාගන්න.ඇත්ත වුවමනාව තියෙනවා නම් අද කොළඹ පිරෙන්න ජනතාව ගේනන තිබුණානේ,ඇයි ගෙනාවේ නැත්තේ, අනුන්‌ගේ බෝඩ් ඉස්සරහට ඇවිල්ලා හැමදාම පිට් පොකට් ගහන්න හදනවා,ඒ නිසා තමයි අපි වෘත්තිය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථාන ඒකාබද්ධ ජනතා ව්‍යාපාරය ලෙස මේ අරගලයේ අරමුණ පැහැදිලි නෑ කියලා කල් තියාම කිව්වා, මේ අරගලය සූදානම් කලේම අපි හදන සමහර වැඩ යටපත් කරන්න කියලා හිතාගෙන ඒ නිසා අද එක ඔප්පු වෙලා තියෙනවා.ඒ නිසා අපි කියනවා, අපි වේදිකා වලට නගින්නේ වේදිකා වල ඉන්න පුලුවන් මිනිස්සුත් එක්ක, අපි වේදිකාවට නග්ගවන්නෙත් වේදිකාවල ඉන්න පුලුවන් මිනිස්සු.ඒ නිසා මර්ධනය කියන සටන් පාඨයට එක වෙලාවක පක්ෂ වෙන ගමන්, අනෙත් වෙලාවේ විකුණන සටන් පාඨය එන කොට ඒකට පාර්ලිමේන්තුවේ මඟඇරලා යන මිනිස්සුත් එක්ක අපි සටන් කරන්නේ නෑ,ඒ නිසා එකට වේදිකාවේ ඉන්න පුලුවන් මිනිස්සු වේදිකාවට නග්ගන්න මිනිස්සු පුරුදු වෙන්න ඔ්න,

මේ සටන් පාඨ හැදෙන්නේ නිකං නෙමෙයි, අපි කිව්වා මර්ධනය නවත්වන්න, ජාතික සම්පත් විකුණන එක නවත්වන්න, රාජ්‍යය පෞද්ගලික වතු සේවකයන්ට සහන දෙන්න උද්දමනය 80% යි කියලා, හැබැයි ඒවා කියන්නේ අපි නිකං නෙමෙයි.බදු පනත් එන කොට පරද්දන්න ඔ්න, රටේ සම්පත් විකුණන පනත් එනකොට පාර්ලිමේන්තුවේ පරද්දන්න ඔ්න, ඒවා පරද්දන්නේ නැතිව පාරට එනවා අපි පරද්දන්න එන්නම් කියලා.පාර්ලිමේන්තුවේ පරද්දන්න පුලුවන් වෙලාවේ පරද්දන්නේ නැති මිනිහා, පාරේ පරද්දයිද? අවස්ථාවාදී අරගල වලට අපි කිසිසේත් සම්බන්ධ වෙන්නේ නෑ.සැබෑ අරමුණක් වෙනුවෙන් අරගල කරන සියලු දෙනාට අපි ආරාධනා කරනවා ඔබට එකතු වෙන්න තැන හදලා තියෙනවා වෘත්තිය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථාන ඒකාබද්ධ ජනතා ව්‍යාපාරය එතන්ට එකතු වෙන්න.

අපි අරගල කරනවා දිගටම, පහුගිය 27 වැනිදා කොළඹදී දැවැන්ත පා ගමනක් සහිත විරෝධතාවයක් අපි පැවැත් වූවා, අපි ලබන 09 වැනිදාත් ඒ වගේම දැවැන්ත විරෝධයක් කොළඹදී පවත්වනවා, ඒ වගේම අපි රට පුරා නගර මට්ටමින් මේ විරෝධතා පවත්වනවා.මේ අයවැය තවදුරටත් රටේ ජනතාව පීඩාවට පත් කරමින් බදු ගහන අයවැයක් කියලා අපි දැන් තියාම කියලා තියෙනවා.ඒ නිසා අපි කියනවා අවංක වුවමනාවෙන් සටන් කරන සියලු දෙනා එකතු වෙන්න අපිත් එක්ක.අරගලය ජනතා ජයග්‍රහණයකින් කෙරවල කර ගන්න අවස්ථාවාදීන්ට ඉඩ නෑ.

අපි කියන්නේ වසන්ත මුදලිගේ සහෝදරයත් සිරිධම්ම හාමුදුරුවෝ දෙන්නාව දැන් දවස් 75 කට වැඩි කාළයක් රඳවාගෙන රනිල් රාජපක්ෂලා දෙන්නා තමන්ගේ බලය එක්ක සටන් කරපු අරගලයත් එක්ක වෛරයකින් නම් මේ කටයුතු කරන්නේ, අපිට කියන්න තියෙන්නේ ඔයගොල්ල පවු කියලා.දින 90 ක් මේ දෙන්නා රඳවාගෙන හිටියා කියලා මේ අරගලය හෑල්ලු වෙන්නේ නෑ, අරගලය නවතින්නෙත් නෑ, අරගලය මර්ධනය කරන්නත් බෑ, මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් හා හාමුදුරු නමක් රඳවාගෙන ඉන්න එක ලැජ්ජා වෙන්න ඔ්න කියලා අපි රනිල්ලාට, රාජපක්ෂලාට කියනවා.කථා කරන්නේ ප්‍රජාත්‍රන්තවාදය ගැන, විමර්ශන වලින් අඩුමගානේ වසන්ත මුදලිගේගෙන් , සිරිධම්ම හාමුදුරුවන්ගෙන් ප්‍රශ්න කරලා තව එක ක්‍රියාමාර්ගයකට කෙනෙක් අත්අඩංගුවට ගත්තාද? මේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත් වගේ පනත් වහාම හකුළවන්න ඔ්න, මේ දෙගොල්ල ඒවා හකුළවන්නේ නෑ, ඒ වෙනුවෙන් සැබෑ ජනතාවාදී ආණ්ඩුවක් හදන්න තමයි අපි කියන්නේ මේ පාර්ලිමේන්තුව විසුරුවනකල් මේ සටන යනවා, මර්ධනය නවත්වන්න, ජාතික සම්පත් විකුණන එක නවත්වන්න, ජනතාවට සහන දීලා අපි මේ සටන නවත්වන්නේ, සැබෑ ජනතාවාදී ආණ්ඩුවක් හදලා, අපි ඒ වනතුරු මේ සටන ඉස්සරහට ගෙන යනවා.

අරගලය තමයි යන්තම් හෝ මේ රට මේ හොර නඩෙන් බේරා ගත්තේ, රටට ආයෝජකයෝ ඇවිල්ලා තියෙනවාද? රුපියලක් ණයට දෙන්න එකෙක් නෑ ලෝකයේ, රට බංකොළොත් කරලා තියෙන්නේ, මේ රට හොරාකාපු හොර නඩය රනිල් එක්ක එකතු වෙලා තවත් හොරා කන්න ලෑස්ති වෙන්නේ.ඒක නවත්වන්නේ අපි මේ හොර නඩය එළවලා නෙමෙයි හිරේ දාලා කියලා අපි රනිල් රාජපක්ෂ කණ්ඩායමට කියනවා යැයි වසන්ත සමරසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

 

තිසර සමල් – අනුරාධපුර

 

 

Post Views: 0
Previous Post

උකුවෙල ජංගම වැඩසටනක් ලබන 05 වනදා

Next Post

මාතලේ බේකරි නිෂ්පාදන අඩුවි නැහැ

editor

editor

Next Post

මාතලේ බේකරි නිෂ්පාදන අඩුවි නැහැ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved