27 April 2024
#දේශීය

උකුවෙල ජංගම වැඩසටනක් ලබන 05 වනදා

සේවාලාභී අවශ්‍යතා, ගැටළු හඳුනාගනිමින්, එකී ගැටළු සඳහා කඩිනම් සහ සාධනීය විසඳුම් ලබාදීම අරමුණු කරගනිමින් උකුවෙල කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 73ම ආවරණය වන පරිදි උකුවෙල ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය මඟින් සංවිධානය කරනු ලබන “ගම්පති ජංගම සේවා වැඩසටහන්” මාලාවේ පළමු වැඩසටහන මේ මස 5 වන සෙනසුරාදා වරකාමුර අන්නූර් විද්‍යාලයේ පැවැත්වීමට නියමිතයි.

වරකාමුර නාගහතැන්න දෙහිපිටිය පහලවෙල පුරිජ්ජල උඩුපිටිය කළල්පිටිය ඇල්වල මීදෙණිය බලකඩුව කොහොඹිලිවෙල වාරියපොලවත්ත නාගොල්ල – උකුවෙල වත්ත කොටස යන ග්රාම නිලධාරී වසම් 13 මෙම පළමු ජංගම සේවා වැඩසටහනේදී ආවරණය කරනු ලබන අතර, සෙසු ග්රාම නිලධාරී වසම්වල ජංගම සේවා වැඩසටහන් ක්රියාත්මක කිරිමට නියමිතය.

සේවාලාභී ඔබේ අවශ්යතා වෙනුවෙන් සංවිධානය වන මෙම ජංගම සේවා වැඩසටහනේ දී, උප්පැන්න/විවාහ/මරණ සහතික ගැටළු පදිංචිව සිටින රජයේ ඉඩමේ අයිතිය පිළිබඳ ගැටළු රජයෙන් ලබා දෙන සමාජ සේවා ආධාර පිළිබඳව ගැටළු ජාතික හැඳුනුම්පත් සහ වැඩිහිටි හැඳුනුම්පත් සකස් කිරීම නොමිලේ මනෝ උපදේශනය නොමිලේ ඇස් පරීක්ෂාව රැකියා අපේක්ෂිත තරුණ තරුණියන් වෙනුවෙන් වෘත්තීය මාර්ගෝපදේශනය ආයුර්වේද සායනය
ප්රාදේශීය සභාවේ සේවා පොලීසිය මඟින් ඉටු කර ගතයුතු අවශ්යතා ය කරුණු සඳහා ඔබ වෙත විසඳුම් ලබාදීමට අපේක්ෂිතය.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *