27 April 2024
#දේශීය

මාතලේ බේකරි නිෂ්පාදන අඩුවි නැහැ

පාන් පිටි පහළ යැමත් සමග බේකරි නිෂ්පාදනවල මිල පහළ දැමිම සදහා අදාළ සංගම් විසින් නිවේදනය කළද මාතලේ නගරයේ සහ ඒ අවට ප්‍රදේශවල පාන් සහ කෙටි කැමවල මිල අඩු වි නොමැති බව පාරිභෝගික ජනතාව පවසයි.

මාතලේ නගරයේ ඇතැම් වෙළදසැල්වල මිල අඩු කර තිබුණත් ඇතැම් වෙළදසැල්වල මිල අඩු ‍කර නොමැති බවත් පාරි‍භෝගිකයෝ පවසයි.

බේකරිහිමියන් සහ වෙළදසැල් හිමියන් පවසන්නේ පාන් පිටි වල මිල පහළ ගියද අනෙකුත් අතුරු අමුද්‍රව්‍ය වල මිල සිඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවත් මේ නිසා තමන් අපහසුතාවට පත්ව සිටින බවත් කෙසේ වෙතත් පාරිභෝගික ජනතාවට සාධරණ හා අඩු මිලට ලබා දිම අරමුණ බවද වෙළදසැල් හිමියෝ පවසයි.

 

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *