“ශ්‍රී ලංකාව මෙම ආර්ථික අර්බුදයෙන් ඉක්මනින් ගොඩඑනු ඇතැයි විශ්වාස කරන බවත් ඉදිරි කටයුතු සාර්ථක කරගැනීමට හැකි සෑම ආකාරයකින්ම සහාය වන බව ඉන්දිය විදේශ අමාත්‍ය ජයශංකර් අග්‍රාමාත්‍යවරයාට සහතික වු බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ “ද්වීපාර්ශ්වික සබඳතා, ඒකාබද්ධ ව්‍යාපෘති සහ ශ්‍රී ලංකාවට ලබාදෙන ඉන්දියානු සහාය” පිළිබඳ සාකච්ඡාවක් අද (20) අරලියගහ මන්දිරයේදී පැවැති අවස්ථාවේදිය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදුකරන වත්මන් ගනුදෙණු මගින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වෙනසක් ඇතිකොට, අතිරේක මූල්‍ය පහසුකම් ලබාගැනීමට හැකිවන අයුරින් ශ්‍රී ලංකාවට වඩාත් තිරසර මූල්‍ය කළමනාකාරිත්වයේ මාවතකට පිවිසීමට හැකි වනු ඇතැයි ඉන්දියාව විශ්වාසකරන බවත් ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍යවරයා පැවසීය.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර යෝජිත විදුලි ජාල සම්බන්ධතාව පිළිබඳව අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය ගුණවර්ධන මහතා සදහන් කළේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්රයේ ඉන්දීය ආයෝජන සිදුකරන ලෙසයි.
මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, බන්දුල ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, අතිරේක ලේකම් මහින්ද ගුණරත්න යන මහත්වරුන්ද
ඉන්දීය දූත පිරිසට මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ, විදේශ අමාත්‍යංශයේ සම ලේකම් පුනීත් අග්‍රවාල්, අධ්යක්ෂ සන්දීප් කුමාර් බයියාප්පු, නියෝජ්‍ය ලේකම් නිධි චෞද්රි, නියෝජ්‍ය ලේකම් රඝූ පූරි සහ නියෝජ්‍ය මහ කොමසාරිස් විනෝද් ජේකොබ් යන අය එක්ව සිටියා.