• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

සංවර්ධන ක්‍රියාදාමයේ දී විශ්වවිද්‍යාල ප්‍රජාවගේ දායකත්වය ඉතා වැදගත් -ජනපති

20 January 2023
in සංවර්ධන
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

සියවන නිදහස් සැමරුම (2048) වන විට ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් බවට පත් කිරීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රජාව ඇතුළු තරුණ, තරුණියන්ගේ උපරිම දායකත්වය ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ 75 වන නිදහස් සැමරුමට සමගාමීව “ජාතික යොවුන් වේදිකාව” ගොඩනැඟීම පිළිබඳ ඊයේ (19) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ය.

රටේ සංවර්ධන ක්‍රියාදාමයේ දී විශ්වවිද්‍යාල ප්‍රජාවගේ දායකත්වය ඉතා වැදගත් බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

2048 වසර වන විට සමෘද්ධිමත් සහ බලගතු ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ ක්‍රියාවලියේ කොටස්කරුවෙකු වීමට ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට අවස්ථාව ලබා දීම සහ වසර 25ක සංවර්ධන න්‍යාය පත්‍රයට තරුණ ප්‍රජාව වගකිව යුතු හවුල්කරුවන් ලෙස දායක කර ගැනීම ජාතික යොවුන් වේදිකාව නිර්මාණය කිරීමේ අරමුණයි.

සියලුම විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සම්බන්ධ කරගනිමින් සියලු දිස්ත්‍රික්කයන්හි ප්‍රධාන නගර සංචාරක නගර ලෙස සංවර්ධනය කිරීමේ වැඩසටහනක් ද මේ යටතේ ක්‍රියාවට නැංවීමට නියමිත අතර ඊට අදාළ සැලස්ම මෙහිදි ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරනු ලැබීය.

ඒ අනුව යාපනය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කිරීමට යෝජිත වැඩසටහන යාපනය සහ වවුනියාව විශ්වවිද්‍යාල විසින්ද අනුරාධපුර දිස්ත්‍රික්කයට අදාල සංචාරක සැලසුම් කැලණි විශ්වවිද්‍යාලය සහ රජරට විද්‍යාලය විසින් ද ඉදිරිපත් කරන ලදී.

රුහුණු විශ්වවිද්‍යාලය, සබරගමුව විශ්වවිද්‍යාලය සහ සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ඒකාබද්ධව ගාල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් සැලසුම් කර ඇති අතර කොළඹ විශ්වවිද්‍යාලය , ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය සහ මොරටුව විශ්වවිද්‍යාලය ඒකාබද්ධව කොළඹ‍‍ දිස්ත්‍රික්කය ආශ්‍රිතව සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියක් සැලසුම් කර තිබේ.

මහනුවර දිස්ත්‍රික්කයට අදාළව පේරාදෙණිය, වයඹ සහ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාල ඒකාබද්ධව සකස් කළ සැලැස්ම ද මෙහිදී ඉදිරිපත් කෙරණු අතර මඩකලපුව දිස්ත්‍රික්කය සදහා වන සංචාරක ප්‍රවර්ධන සැලැස්ම නැගෙනහිර සහ අග්නිදිග විශ්වවිද්‍යාලය විසින් සකස් කර තිබිණි.

මෙම සියලු ව්‍යාපෘති පිළිබඳව සිය ප්‍රසාදය පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒවා ක්‍රියාවට නැංවීමේදී පෞද්ගලික අංශයේ ද දායකත්වය ලබා ගැනීමේ හැකියාව පෙන්වා දුන්නේය.

විශ්වවිද්‍යාල ප්‍රජාව රටේ සංවර්ධන වැඩපිළිවෙළට දායක කර ගැනීම ඉතා හොඳ ප්‍රවණතාවයක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ජාතික යොවුන් වේදිකාවට සම්බන්ධ මෙම වැඩසටහනට විශ්ව විද්‍යාලය පද්ධතිය දක්වන දායකත්වය පිළිබඳ සිය ප්‍රසාදය පළ කළේය.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග, මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරු සහ විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 14
Previous Post

හැකි සෑම අයුරකින්ම ශ්‍රී ලංකාවට සහාය දීමට අපි සුදානම්- ඉන්දීය විදේශ ඇමැති

Next Post

ශ්‍රී ලංකා මුහුදු තීරය ආක්‍රමනය කරන ඉන්දීය ධිවරයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නවා -ඉන්දීය විදේශ අමාත්‍ය ජයශංකර්

editor

editor

Next Post

ශ්‍රී ලංකා මුහුදු තීරය ආක්‍රමනය කරන ඉන්දීය ධිවරයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නවා -ඉන්දීය විදේශ අමාත්‍ය ජයශංකර්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
2026 පළමු මාස 9 තුළ සංචාරක ක්ෂේත්‍රයෙන් ලද ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 2,000 ඉක්මවයි

2026 පළමු මාස 9 තුළ සංචාරක ක්ෂේත්‍රයෙන් ලද ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 2,000 ඉක්මවයි

19 October 2026
ශිරාන් බාසික් මත් ජාවාරමට අමතරව අවි ජාවාරම්වලත් නිරතවී ඇතැයි අධිකරණයට දන්වයි

ශිරාන් බාසික් මත් ජාවාරමට අමතරව අවි ජාවාරම්වලත් නිරතවී ඇතැයි අධිකරණයට දන්වයි

19 October 2026
නාමල් රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

නාමල් රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

19 October 2026
මධ්‍යම තැපැල් හුවමාරුවේදී රුපියල් මිලියන 67.5කට අධික විදෙස් මත්ද්‍රව්‍ය තොගයක් රේගු භාරයට

මධ්‍යම තැපැල් හුවමාරුවේදී රුපියල් මිලියන 67.5කට අධික විදෙස් මත්ද්‍රව්‍ය තොගයක් රේගු භාරයට

19 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

2026 පළමු මාස 9 තුළ සංචාරක ක්ෂේත්‍රයෙන් ලද ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 2,000 ඉක්මවයි

2026 පළමු මාස 9 තුළ සංචාරක ක්ෂේත්‍රයෙන් ලද ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 2,000 ඉක්මවයි

19 October 2026
ශිරාන් බාසික් මත් ජාවාරමට අමතරව අවි ජාවාරම්වලත් නිරතවී ඇතැයි අධිකරණයට දන්වයි

ශිරාන් බාසික් මත් ජාවාරමට අමතරව අවි ජාවාරම්වලත් නිරතවී ඇතැයි අධිකරණයට දන්වයි

19 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved