• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මේ රටේ සමාජ, ආර්ථික සංවර්ධනයක්, සමඟ ඉදිරියට යෑමක් කරන්න අපිට පුළුවන් – මන්ත්‍රී රංජිත් බණ්ඩාර

24 March 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අප දේශපාලන වශයෙන් හොඳ වාතාවරණයක් එළඹෙනතෙක් මැතිවරණයකට නොයන බවට මතයක් ගොඩනැගීමට විපක්ෂය උත්සහ කරන අතර එය එක්තරා විදිහක මිත්‍යාවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (24) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා, “අපි දේශපාලන ව්‍යාපාරයක් විදිහට අපි පක්ෂය ආරක්ෂාව ගැන හිතනවාට වඩා වැඩියෙන් රාජ්‍ය ආරක්ෂාව ගැන හිතන පක්ෂයක්. විපක්ෂයේ පක්ෂ, කල්ලි සහ කණ්ඩායම් අවස්ථා ගණනාවකදි මේ රටේ මහජනතාවගේ මනස තුළ තැන්පත් කරන්න උත්සහ කළා රාජ්‍ය ආරක්ෂාවට වඩා මේ දේශපාලන ව්‍යාපාරවල ආරක්ෂාව වැදගත් කියලා. අපි දකින්නේ මේ සමාජ මාධ්‍ය තුළ මේ IMF එකේ ණය ලැබීම අපිට සතුටට කරුණක් කියලා. මොවුන් මතයක් ගොඩ නගන්න උත්සහ කරනවා. හැබැයි අපි දේශපාලන ව්‍යාපාරයක් විදිහට අපේ එකම අරමුණ තමයි අවම වශ‌යෙන් මිනිස්සුන්ගේ අවම අවශ්‍යතාවයන් සැපිරෙන ආකාරයට මේ ආර්ථිකය ශක්තිමත් වෙන්න ඕන කියලා. ඊට වඩා ඉහල තැනකට ගෙනියන්න අවශ්‍ය පදනම අපි සකස් කර ගන්න ඕන. ඒ සඳහා තමයි අපි රාජ්‍ය ආරක්ෂා කරගත යුතුයි කියලා කතා කරන්නේ. ණය දෙනකොටම අපි වගේ රටක මේ ණය දෙන පිරිස ණය ආපසු අයකර ගැනීම පිළිබඳවත් කල්පනා කරනවා. මේ ණය ගෙවන්න පුළුවන් පරිසරය හදන්න ඒ අය විවිධ යෝජනා කරනවා.මහජනතාවට විවිධ දුෂ්කරතාවයන්ට මුහුණ දෙන්න සිදුවුණා. සමහර අවස්ථාවලදි අපිට දැඩි විවේචන එල්ල වුණා අලුතින් සල්ලි අච්චු ගහනවා කියලා. අවස්ථා ගණනාවකදි අපිට කාසි හා නොට්ටු සංසරණයට නිකුත් කරන්න සිදු වුණා. එයට හේතුව අපිට ආර්ථිකය හැසිරවීම සඳහා වන ක්‍රමවේදයන් ඒ අවස්ථාවේ හොයගන්න බැරි තැනට තල්ලු වෙලා තිබුණා. ඒ නිසා අපි පිළිගන්නවා කෙටිකාලින අපහසුකම් බොහෝමයක් මේ වගේ අවස්ථාවන්වල ඇති වෙන්න පුළුවන්. අඩු ආදායම් ලබන අය විවිධ අභියෝගයන්ට මුහුණ දෙනවා. හැබැයි මේ අභියෝගයන්ට කෙටිකාලින පැලැස්තර මිසක් දිගු කාලින උත්තර නෑ. අපි අපේ ආර්ථිකය දිගුකාලීනව කළමණාකරණය සඳහා කෙටිකාලීනව ගනු ලබන ක්‍රියාමාර්ගවල සමහර ප්‍රතිපල මඟින් ඇති කරන බලපෑම ඉහළයි. ඒ නිසා අපි දිගින් දිගටම පහුගිය කාලයේ දැක්කේ වැඩපිළිවෙළක් නැතුව විවේචනය කරන පිරිස. ඒ නිසා දැන් අවස්ථාවක් තිබෙනවා මේ ආර්ථිකය හැසිරවීම සඳහා වන වැඩපිළිවෙළ මහජනතාව ඉදිරියට අරගෙන එන්න. රාජ්‍ය ආරක්ෂාව තහවුරු වන ආකාරය ගැන අපිට කියන්න. නමුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදිහට අපි කරන විදිහ කිව්වා. අපිට මේ රටේ මහජනතාව අවස්ථාව 03 දි ජනවරමක් දුන්නා. නමුත් ඒ අවස්ථාවේ කරපු වැඩපිළිවෙළයි මේ රටේ මහජනතාව දිනෙව්වේ. ඒ නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මොනම හේතුවක් නිසාවත් පිඩනය තුළ බලය ලබා ගැනීමේ වැඩපිළිවෙළකට තල්ලු වෙන්නේ නෑ. නමුත් මේ රටේ දේශපාලන පක්ෂ, කල්ලි කණ්ඩායම් රට තුළ ප්‍රශ්න ඇති කරලා ජනතාව පිඩනයට ලක්කරලා ඒ හරහා බලය ලබා ගන්න අවස්ථා ගණනාවකදි කුමන්ත්‍රණය කළා. මේ මවපු රැලි අද රැල්ලට ඒ අයත් එක්ක ගහගෙන ඇවිල්ලා. ආගිය අතක් නෑ අද රැලිවල. අපි දේශපාලන වශයෙන් හොඳ වාතාවරණයක් එළඹෙනකන් මැතිවරණයකට යන්නේ නෑ කියලා තව මතයක් ගොඩනගන්න උත්සහ කරනවා. ඒකත් එක්තරා විදිහක මිත්‍යාවක්. විපක්ෂය මේ මඟින්ම පිළි අරගෙන තිබෙනවා ඔවුන්ට පුළුවන් යහපත් වාතාවරණයක් ගොඩනගන්න කියලා. ඕනෑම දේශපාලන ව්‍යාපාරයක් මැතිවරණයකට ඉදිරිපත් වෙන්නේ පවත්නා වාතාවරණය තුළ. හැබැයි අපේ රටේ විපක්ෂය කල්පනා කරනවා මේ රටේ ආණ්ඩුවට ප්‍රශ්න විසඳගන්න ඉඩ දුන්නොත් අපිට ලබාගත හැකි අවම ජයග්‍රහණය ලබා ගන්න බැරිවෙයි කියලා. ඒ නිසා දේශපාලන ව්‍යාපාරයක් විදිහට සතුටු වෙනවා ඔවුන් පිළිඅරගෙන තිබෙනවා අපිට පුළුවන්කම තියෙනවා මේ රටේ සමාජ ආර්ථික සංවර්ධනයක්, ඉදිරියට යෑමක් කරන්න පුළුවන් කියලා. බොහෝ දෙනෙක් කල්පනා කරනවා IMF එකෙන් ණය ගත්තාම අපිට තිබෙන හැම ප්‍රශ්නයකටම උත්තර තියෙනවා කියලා. හැබැයි දිගුකාලීන ප්‍රශ්න සඳහා අපිට කිසියම් ආකාරයක කෙටිකාලීන ප්‍රවිෂ්ටයක් මේ හරහා ලබාගන්න පුළුවන්කම ලැබිලා තිබෙනවා. මේ නිසා අපි මේ අවස්ථාවේ දිර්ඝකාලයක් තිස්සේ කර ගැනිමට නොහැකිව තිබුණු, කරගත යුතුව තිබුණු ආර්ථික ප්‍රතිසංස්කරණවලට යා යුතුයි. දැන් කණ්ඩායමක් වැලපෙන්න පටන් අරගෙන තිබෙනවා පහුගිය සදුදා කැබිනෙට්ටුව ගත්ත සමහර තින්දු තිරණ සම්බන්ධව. රජය තීරණාත්මක උපායමාර්ගික ව්‍යවසායන්වල නිරත වෙන්න ඕන. ඒකට හේතුව තීරණාත්මකයි. උපායමාර්ගික වශයෙන් මේ රටේ මහජනතාවගේ පැවැත්ම තහවුරු කරන ව්‍යාපාරයක්. ආණ්ඩුව කල්පනා කළා අපිට වඩා මෙය පෞද්ගලික අංශය මෙය හොඳට සිදු කරන්න පුළුවන් කියලා. ඒ නිසා සමහර ප්‍රතිසංස්කරණ සමහර කාලවලට හොඳ නෑ කිව්වට තීන්දු තීරණ ගන්න වෙනවා. අපි IMF එකෙන් ණය මුදල් ලබා ගත්තාම සේරම ප්‍රශ්නවලට පිළිතුරු හම්බනේනේ නෑ වගේ තමයි ඒ හරහා ‍ලොකු විශ්වාසයක් මේ රටේ ආර්ථිකයේ ඉදිරි පැවැත්ම වෙනුවෙන් ඇතිවෙලා තියෙන්නේ. ලංකාවට උදව් උපකාර කරන්න කැමති බොහෝමයක් ආයතන මේ රටේ ආර්ථික හැසිරවීම කෙරෙහි විශ්වසායක් ඇති කරගන්න ඕන. ඊයේ ලෝක බැංකුව ඩොලර් බිලියන 1.7 ක මූල්‍ය ප්‍රතිපාදනයක් ලංකාවේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා වෙන්කරලා තිබෙනවා. ඒ නිසා අපි කළයුතු ප්‍රතිසංස්කරණවලට යායුතුයි. ආයෝජනවලට හිතකර පරිසරයක් අපි නිර්මාණය කළ යුතුයි. ඒ නිසා අපි දේශපාලන ව්‍යාපාරයක් විදිහට විශ්වාස කරනවා IMF එකට යෑම ආරම්භයක් විතරයි. ඒ නිසා අපි මේ රටේ ආර්ථික ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනි සිටිනවා.”යනුවෙන් මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා මෙහිදි සඳහන් කළේ ය.

 

Post Views: 9
Previous Post

දෘෂ්‍ය ආබාධිතයින්ගේ ඇඟලුම්කම්හල මන්ත්‍රී දුමින්දගේ නිරික්ෂණයට

Next Post

දිවුල්ගස්කොටුව ප්‍රාථමික විද්‍යාලයේ ශිෂ්‍යත්ව ප්‍රතිභා ප්‍රණාම උළෙල මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන්

editor

editor

Next Post

දිවුල්ගස්කොටුව ප්‍රාථමික විද්‍යාලයේ ශිෂ්‍යත්ව ප්‍රතිභා ප්‍රණාම උළෙල මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලාෆ්ස් ගෑස්  ගැන පණිවිඩයක්

ලාෆ්ස් ගෑස් ගැන පණිවිඩයක්

1 July 2025
පරාටේ නීතිය අද සිට

පරාටේ නීතිය අද සිට

1 July 2025
අද දවසේ කාලගුණය

අද දවසේ කාලගුණය

1 July 2025
92 පෙට්‍රල්, සුදු ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ නගියි

92 පෙට්‍රල්, සුදු ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ නගියි

30 June 2025

Recent News

ලාෆ්ස් ගෑස්  ගැන පණිවිඩයක්

ලාෆ්ස් ගෑස් ගැන පණිවිඩයක්

1 July 2025
පරාටේ නීතිය අද සිට

පරාටේ නීතිය අද සිට

1 July 2025
අද දවසේ කාලගුණය

අද දවසේ කාලගුණය

1 July 2025
92 පෙට්‍රල්, සුදු ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ නගියි

92 පෙට්‍රල්, සුදු ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ නගියි

30 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලාෆ්ස් ගෑස්  ගැන පණිවිඩයක්

ලාෆ්ස් ගෑස් ගැන පණිවිඩයක්

1 July 2025
පරාටේ නීතිය අද සිට

පරාටේ නීතිය අද සිට

1 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved