• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විමල් කොතනද අපි දන්නේ නෑ .. අපේ පක්ෂයේ නායකයා මහින්දයි – මන්ත්‍රී සාගර කියයි

8 February 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

විමල් වීරවංශ මහතා පුවත්පතට ප්‍රකාශ කරලා තියෙනවා මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නායකත්වයෙන් ඉවත් කොට එය ගෝඨාභය ජනාධිපතිවරයාට භාර දිය යුතු බව කල ප්‍රකාශය ඉල්ලා අස්කර ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි සාගර කාරියවසම් මහතා පවසයි.

ඒ මහතා අද පැවැති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ විමල් විරවංශ මහතාගේ පක්ෂයක් නොවන බවත් පොදු ජන පක්ෂයේ තීරණ එතුමාට ගත නොමැති බවයි.

එම මාධ්‍ය සාකච්ඡාවේදී වැඩිදුරටත් සාගර කාරියවසම් මන්ත්‍රීවරයා මෙසේ අදහස් පල කළ සිටියේය “පසුගිය දිනවල ඇතිවු විවිධ ප්‍රකාශ සහ වාර්තා සහ අප සමඟ කටයුතු කරන පුද්ගලයින් සිදුකරන ප්‍රකාශ සම්බන්ධයෙන්‍ ජනතාවට කිසියම් හෝ කරුණු පැහැදිලි කිරීමක් සිදුකීමට අවශ්‍ය යැයි නිසා.

අපේ පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන්නේ ඉතාමත් දැඩි විනයක් සහිත කටයුතු කරන පක්ෂයක්. අපේ පක්ෂයේ වැරදි කර කිසියම් පුද්ගලයෙක් හෝ දේශපාලඥයෙක් හෝ වෙනත් තරාතිරමක පුද්ගලයෙක් වේවා අප පක්ෂයක් හැටියට ඒ පුද්ගලයින්ට විනය මාර්ග ගත්තා.

ඒ වගේම අපේ පක්ෂයේ විනය පත්වාගෙන යන්න කටයුතු කරා. අපි පක්ෂයේ විනය පක්ෂයේ මහලේකම්වරයා වන මටත් අදාළයි. එය සැමට අදාලයි. ඒ වගේම රටේ ජනතාව බලාපොරොත්තු වුණු ජනතාවට අවශ්‍ය ඒ විනය ගරුක රටට අදාරය කරන පක්ෂය බිහිකිරීම තමයි පක්ෂයට නායකය දුන් ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාත් මේ පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මැතිතුමාත් මූලික අභිප්‍රාය වුණේ අපිට උපදෙස් දුන්නේ. ඒ වගේම ශ්‍රි ලංකා පොදුජන පෙරමු පක්ෂය බිහිවන්නේ ඉතා සුවිශේෂි තත්වය මත. මේ රටේ යුද්ධය දිනපු මේ රට සංවර්ධනය කරපු මේ රටේ ජනතාව ආදරය කරපු නායකයා බොරු චෝදනා කරලා වැරදි විදිහට පරාජය කරලා ජනතාව නොමග යවලා ගෙදර යැව්වට පස්සේ එතුමා වටා එකතු වන ජනතා බලවේග සමඟ විවිධ කණ්ඩායම් විවිධ කාරණා කියනවා ඒත් අපි හැමෝම දන්නවා ඒ බලවේගය ගොඩනැගුණේ කවුරුත් වටා නෙවේ මහින්ද රාජපක්ෂ කියන ශ්‍රේෂ්ඨ ප්‍රතාපවත් නායකත්වය මත . ඒ නායකත්වය වටා ගොඩනැගුණු මහා ජනබලවේගයේ කූඨාප්‍රාප්තිය තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට නිර්මාණය වන්නේ. අපි පක්ෂය නිර්මාණය කරන විට මහින්ද රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරයෙක් හැටියට පාර්ලිමේන්තුවේ අසුන් ගන්වන තත්වයක් යටතේ අපි එතුමන්ව පරමාදර්ශි නායකයා හැටියට කටයුතු කරමින් තමයි මේ පක්ෂය ගොඩනැගුවේ. අපි බොහෝම කළගුණ දන්නා පක්ෂයක්. මේ පක්ෂයට නායකත්වය දුන්නේ මේ පක්ෂයේ ශක්තිය වුණේ හදවත වුණේ මහින්ද රාජපක්ෂ කියන ඒ ශ්‍රේෂ්ඨ චරිතයයි. නමුත් ඊයේ පුවත්පතක විමල් වීරවංශ මහතා කර ප්‍රකාශයක් මත අපි පක්ෂයක් හැටියට යුතුකමක් හා වගකීමක් තියෙනවා විමල් විරවංශ මහතා පෙන්නලා දෙන්න එතුමා ඉන්නේ කොතැනද අපි ඉන්නේ කොතැනද කියලා. විමල් වීරවංශ මහතා ඊයේ දිනයේ දි ඉරිදා ලංකාදීප ප්‍රකාශ කරලා තියෙනවා මහින්ද රාජපක්ෂ මැතිතුමා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නායකත්වයෙන් ඉවත් කොට එය ගෝඨාභය ජනාධිපතිතුමා භාර දිය යුතුයි කියලා. මේ එතුමාගේ පක්ෂය නෙවේ. එතුමාට තීරණය ගන්නත් බෑ. ඒ වගේ ප්‍රකාශයක් කරන්නත් බෑ. දේශපාලනයේදි වාසි ලබා ගන්න ඒ වගේ කුහක තැනට පත්වෙන්න පක්ෂය ලබාගන්න අපි ගන්න සූදානම් නෑ. අපේ පක්ෂය අදට් පරමාදර්ශ නායකයා හැටියට සලකන මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය අපේ සියලු පාක්ෂිකයෝ ජනාධිපති අපේක්ෂකයා තෝරා ගත්තේ අපේ නායකයා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දිනවලා එතුමා රට වෙනුවෙන් තෝරාගත්තා. නමුත් අපේ පක්ෂ නායකත්වයට දේශපාලන වාසි සමඟ කුහකව කටයුතු කරන්නේ නෑ. අපි අපිට මනාප ටිකක් ලබා ගන්නවත් පටු දේශපාලනය කරන පක්ෂයක් නොවේ. ප්‍රතිපත්තිවලට අනුව අනාගතයට යහපත් රටක් බිහිකරන්නයි අපේ පක්ෂය සිදු කරන්නේ. අදටත් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මේ පක්ෂයේ නායකයා. විමල්වීරවංශ මැතිතුමාට අපේ පක්ෂයේ නායකත්වය පිළිබඳව කතා කරන්න බෑ. නායකත්වය වෙනස් කරන්න කියනන් සදාචාරාත්මක නෑ. පක්ෂයේ හැටියට අසතුටට පත් වෙනවා. එතුමා කැබිනට් අමාත්‍යවරයෙක් හැටියට කටයුතු කරන කෙනෙක් නිසා ජනතාවගෙන් සමාව ඉල්ලන්න ඕන.

 

 

Post Views: 0
Previous Post

වතු වැටුප රු. 1000 දෙන්න පඩිපාලක සභාව තීරණය කරයි

Next Post

බහින් බස්වීමක් දුරදිග යාමෙන් අයෙකු මරුට

editor

editor

Next Post

බහින් බස්වීමක් දුරදිග යාමෙන් අයෙකු මරුට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

24 May 2025
තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
ජල බිලට වෙන්න යන දේ

ජල බිලට වෙන්න යන දේ

22 May 2025

Recent News

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

24 May 2025
තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
ජල බිලට වෙන්න යන දේ

ජල බිලට වෙන්න යන දේ

22 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

24 May 2025
තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved