27 April 2024
#සංවර්ධන

වතු වැටුප රු. 1000 දෙන්න පඩිපාලක සභාව තීරණය කරයි

මෙරට තේ සහ රබර් වගාව ආශ්‍රිත පාලිත සමාගම් යටතේ සේවය කරන වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා ඉහල නැංවීමට තේ සහ රබර් සඳහා වන පඩිපාලක සභා තීරණය කරයි.

ඒ, අද (8) රැස් වූ වතු වෘත්තීය සමිති සහ වතු හාම්පුතුන්ගේ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් පැවැත් වූ තේ සහ රබර් සඳහා වන පඩිපාලක සභාවලදි මෙම තීරණයට එළඹි බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

වතු කම්කරුවන්ගේ වැටුප් හා වෙනත් කටයුතු පිළිබඳව මීට පෙර ක්‍රියාත්මක වූයේ වතු වෘත්තීය සමිති සහ හාම්පුතුන් විසින් අත්සන් තබනු ලැබූ සාමූහික ගිවිසුමට අනුව මෙම තීරණය ගෙන ඇති බව අමාත්‍යවරයා පැවසිය.

මෙහි දී වෘත්තී සමිති නායකයන් විසින් ඉදිරිපත් කළ යෝජනාව වූයේ රුපියල් 900ක මූලික වැටුප සහ රුපියල් සීයක අයවැය යෝජනා දීමනාවක් ලබා දීමයි.මෙම යෝජනාව සඳහා හාම්පුතුන් එකඟ නොවූ අතර ඒ අනුව එම යෝජනාව පිළිබඳව පැවැත් වූ ඡන්ද විමසීමේ දී ඡන්ද 11ට අටක් ලෙස වෘත්තිය සමිති ඉදිරිපත් කළ යෝජනාව සම්මත විය.

 

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *