27 April 2024
#දේශීය

බහින් බස්වීමක් දුරදිග යාමෙන් අයෙකු මරුට

සීතලහන්දිය, වෙලේවත්ත ප්‍රදේශයේ නිවසක ඊයේ (08‍) රාත්‍රි 9 ට පමණ පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇති වු බහින් බස්වීමක් දුර දිග යාමෙන් එක් අයෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

පොලිසිය පැවසුවේ එක් පුද්ගලයෙකු විසින් අනෙක් පුද්ගලයාට විදුරු බෝතලයක් කඩා ඇනිමෙන් එම පුද්ගලයා බරපතල තුවාල ලබා බලංගොඩ රෝහලට ඇතුලත් කිරීමේදී මිය ගොස් ඇති බව අනාවරණ වු බවයි.

මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 28 ක් වු සීතලහන්දිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෘත ශරීරය බලංගොඩ රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර ඇත. ඝාතනය සිදු කල සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර බලංගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *