• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අපි ප්‍රචණ්ඩත්වයට කැමැත්තක් නැහැ..අපේ අයගෙත් ඉවසීමේ සීමාවක් තිබෙනවා – මන්ත්‍රී නාමල් රාජපක්ෂ

9 April 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අපි ප්‍රචණ්ඩත්වයට කැමැති නැති බවත් අපේ අයගෙත් ඉවසීමේ සීමාවක් තිබෙන බව හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ කොටිකාවත්ත සණස උත්සව ශාලාවේ දී ඊයේ (08) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොලොන්නාව ආසන බලමණ්ඩල හමුව අමතමිනි.

නිර්පාක්ෂික යැයි කියා ගනිමින් සියදහස් ගණන් ගාලු මුවදොර අරගල කළද අවසානයේ නිර්පාක්ෂික වුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා පමණක් යැයි හෙ‌තෙම පැවසිය.

අරගල සිදුකළ හැමකෙනාම දේශපාලන වේදිකාවක ඉන්නා බව සදහන් කරන ඒ මහතා ඒ හැමදෙනාම නොදැනුවත්වම හෝ තවත් පාර්ශවයක ඉත්තන් බවට පත්ව සිටින බවද අරගලයක අවසානය එසේ වූ බවද පෙන්වාදෙයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා, කොලොන්නාව ආසනය කොළඹ දිස්ත්‍රික්කයේ අපේ පක්ෂ දේශපාලනයේ තීරණාත්මක සන්ධිස්ථානයක්. ඒ වගේම හැම මැතිවරණයක දීම මේ ආසනය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සමඟ හිටගත්තා. ඉතාම අසීරු අවස්ථාවල දී පවා මේ ජනතාව අපේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කළා. ඒ වගේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය ගොඩනඟන්න අපි කටයුතු කළා. එදා අපිව මහ පාරේ ඇවිද්දවනවා කියපු නායකයන් හිටියා. අභියෝග මැද අපි කටයුතු කළා. හිර ගෙවල්වල යන්නත් වුණා. ඒ සියලු අභියෝග මැද අපි පක්ෂය ගොඩනැඟුවා. ඉතාම කෙටි කලක් තුළ මේ රටේ තීරණාත්මක මැතිවරණ අපි දින්නා. ජනාධිපතිවරණයෙන් ලක්ෂ 69 ක ඡන්ද ප්‍රමාණයක් අපි ගත්තා. පාර්ලිමේන්තු මැතිවරණය අපි ජයග්‍රහණය කළා. අපි යම්කිසි බලාපොරොත්තුවක් ඇතිව ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය දුන්නා. අපි දැකලා තිබුණේ, අහලා තිබුණේ මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලයයි. ජනතාවගේ ජීවිත උසස් කරන්න ගත්ත උත්සාහය අපි දන්නවා.

මේ රටේ ආර්ථික වර්ධනය වේගය චීනයට පමණක් දෙවැනි තැනකට ගෙනාවේ කවුද. මහින්ද රාජපක්ෂ මහතා කොළඹ කෙනෙක් නොවේ. කොළඹ දිස්ත්‍රික්කය සංවර්ධනය කළේ කාගේ කාලයේ ද ? මගේ පියා කම්කරු ඇමැතිවරයා විදියට එදා කොරියාවේ රැකියාවලට යවන්න හදනවිට කොරියාවට නම් රැකියාවලට යවන්න එපා කියා කිවුවා. කොරියා කියලා ඔවුන් දැක්කේ කොළඹ තිබෙන වත්තයි. වත්තේ ජීවිතය වෙනස් කරලා ජීවිතයට වටිනාකමක් දුන්නේ කවුරුන්ද. මහල් නිවාස යෝජනා ක්‍රම හදුන්වා දුන්නා. දරුවන්ට බය නැතිව, ආඩම්බරයෙන් පාසල් යන්න අවශ්‍ය පරිසරය නිර්මාණය කර දුන්නා. කොළඹ පටු පාරවල් තිබුණේ. මංතීරු හතරේ පහේ පාරවල් පටන් ගත්තේ මහින්ද රාජපක්ෂ මහතායි. කොළඹ වරාය නගරය ඉදිකරන්න සීගිරි ගල කඩා ගෙනෙන්න වෙයි කියූ අනුර කුමාර දිසානායක දැන් අලුත් පක්ෂයක් හදාගෙන ඒකට ව්‍යාපෘති ගේන්න සැලසුම් කරනවා. නෙළුම් කුළුණ හදනවිට හිනා වුණා. යහපාලන ආණ්ඩුව පැමිණ මේ සියල්ල අතරමඟ නතර කළා.

පෝර්ට්සිටි ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම නතර කළා. එදා රාජපක්ෂවරුන්ගේ බැංකු ගිණුම් පිළිබඳ තොරතුරු සොයාන්න ආණ්ඩුවෙන් පඩි දීලා කමිටුවක් පත්කළා. නමුත් අවසානයේ ඔවුන් ප්‍රකාශ කළේ එවැනි ගිණුම් නැහැ කියලයි. පසුගිය කාලයේ උගන්ඩාවට සල්ලි ගෙනිච්චා කිවුවා. රාජපක්ෂවරුන්ගේ මුදල් ගුවන් යානා ආධාරයෙන් උගන්ඩාවට රැගෙන ගොස් තිබෙනවා නම් ආන්ඩුව මැදිහත් වී ඒ සියලු මුදල් මෙරටට ගෙන එන්නැයි ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා. රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් එහෙම කරන්න කියා ඉල්ලනවා. එවැනි මුදලක් තිබෙනවා නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පස්සේ ගොස් රාජ්‍ය ආයතන විකුණන්න අවශ්‍ය වන්නෙත් නැහැ. ඔවුන් ජනතාව තුළ ඊෂ්‍යාව ගොඩනැඟුවා. වෛරය වැපිරුවා. දළ වශයෙන් ලංකාවෙන් රුපියල් බිලියන 4 ක පමණ මුදලක් පිට වෙනවා. ඒ ආණ්ඩුවෙන් නොවෙයි. පෞද්ගලික අංශයෙන්. ඉන්දියාවෙන් දළ වශයෙන් බිලියන 50 ක් පමණ පිට වෙනවා. ඉන්දියාවෙත් ඉන්නේ රාජපක්ෂලාද ? චම්පික රණවක මහත්තයා එහෙම කියනවා.

නමුත් ඒ ප්‍රකාශයේ මූලික පදනම තමයි වෛරය ඇතිකරන එක. ජනතාවට ඒත්තු ගන්වන්න ඕන වුණා රාජපක්ෂවරු ඩොලර් බිලියන 18 ක් ගිලලා කියලා. පසුගිය කාලයේ ණයබර ගැන කතා කළා. රාජපක්ෂවරු බිලියන 3.5 ක් ණය අරගෙන තිබෙනවා කියලා අනුර කුමාර දිසානායක මහතා කිවුවා. යහපාලන ආණ්ඩුව බිලියන 12 ක් ණය අරගෙන තිබෙනවා. දැන් රට ණයබරින් වැඩිකර තිබෙන්නේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවද ? යහපාලන ආණ්ඩුවද ? නමුත් බොරුවෙන් ආණ්ඩු පරෙලලා ආන්ඩු ලබා ගත්තත් ඒ ආණ්ඩුවට වැඩිකල් යන්න බැහැ. මේ රටේ දේශීයත්වය අපි ආරක්ෂා කරන්න ඕන. අපේ කම රකින්න ඕන. රාජ්‍ය ආයතන ලාභ ලබන ආයතන බවට පත්කරන්න ඕන. ඒවාට ආයෝජන ගේන්න ඕන. නමුත් අපි ගිවිසුම් ගතවන විට රටට අහිතකර ගිවිසුම්වලට නොයා යුතුයි. හම්බන්තොට වරායට ආයෝජන ගෙනඑන විට කිසිදා විරුද්ධ වුණේ නැහැ. නමුත් හම්බන්තොට වරාය විකුණන්න ගත්ත ගිවිසුමත් එක්ක තමයි අපිට ප්‍රශ්න තිබෙන්නේ.

අපි අපේ ස්ථාවරයේ අදටත් ඉන්නවා. ජාත්‍යන්තර වශයෙන් ගිවිසුම්වලට පැමිණියාට පසුව පසුකාලීනව ඒවා වෙනස් කරන්න බැහැ. රාජ්‍ය පාලනයේ ක්‍රමවේදයක් තිබෙනවා. ඉදිරියේ දී අපි ප්‍රතිපත්තියට අනුව ඉදිරියට යනවිට ගෝලීය දේශපාලන ස්ථාවරත්වය සම්බන්ධයෙන් අපේ වැඩි අවධානයක් යොමු කරනවා. ඇතැමුන් පසුගිය කාලයේ දේශපාලන අරමුණු වෙනුවෙන් අහිංසක මිනිසුන් පාවිච්චි කළා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගිය දවසේ සිට ගෑස් සිලින්ඩර පුපුරන්නේ නැහැ. අපි දන්නවා මේ රටේ ජනතාවගේ හද ගැස්ම. ගමේ ජනතාවගේ වගේම නගරයේ ජනතාවගේ හදගැස්ම හොඳින් හදුනාගත් දේශපාලන පක්ෂයක්. දේශීය ආර්ථිකය නංවන්න, ග්‍රමීය ජනතාවගේ ජීවනෝපාය නංවන්න රජය කටයුතු කරයි කියා අපි විශ්වාස කරනවා. මැයි මස 9 දා මහින්ද රාජපක්ෂ මහතාගේ හිතවතුන් පිරිසක් ගිහින් ගාලු මුවදොර අරගලකරුවන්ට ගැහුවා කියන්න ඇතැමුන් උත්සාහ කරනවා. ඒක සම්පූර්ණයෙන්ම බොරුවක්.

අපේ අය මැයි 9 දා ආවේ මහින්ද මහත්තයා බලන්න මිස ගහගන්න නොවෙයි. කාංචන විජේසේකර, ශෙහාන් සේමසිංහ, රොෂාන් රණසිංහ ඇමැතිවරුන්ගේ නිවාසවලට ගැහුවේ අප්‍රේල් මාසයේ. ඒ නිසා මේ කතා හදන අයයි ජනතාවයි තේරුම් ගතයුතු වෙනවා. අපි විශ්වාස කරන දේශපාලනය තුළ ප්‍රචණ්ඩත්වය අගය කරන්නේ නැහැ. අපේ පාක්ෂිකයන් හරි අහිංසකයි. අපේ අයගෙත් ඉවසීමේ සීමාවක් තිබෙනවා. අපි ප්‍රචණ්ඩත්වයට කැමැත්තක් නැහැ. මහින්ද රාජපක්ෂ මහතා තමයි දේශපාලනයේ තිබුණු ප්‍රචණ්ඩත්වය ඉවත් කළේ. අවසානයේ නිර්පාක්ෂික වුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා පමණයි. අනෙක් හැමකෙනාම දේශපාලන වේදිකාවක ඉන්නවා. ඒ හැමදෙනාම නොදැනුවත්වම තවත් පාර්ශවයක ඉත්තන් බවට පත්ව සිටිනවා යැයි මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

Post Views: 13
Previous Post

දියුණුම රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව පත් කල යුතුයි – අනුර දිසානායක

Next Post

ඉදිරි ජනපතිවරණයේදි මාගේ සහය වත්මන් ජනපති රනිල්ටයි – රාජ්‍ය ඇමති රෝහණ

editor

editor

Next Post

ඉදිරි ජනපතිවරණයේදි මාගේ සහය වත්මන් ජනපති රනිල්ටයි - රාජ්‍ය ඇමති රෝහණ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

4 July 2025
නුදුරේදීම නැවත බල හුවමාරුවක්  – රනිල්ගෙන් අනාවැකියක්

නුදුරේදීම නැවත බල හුවමාරුවක් – රනිල්ගෙන් අනාවැකියක්

4 July 2025

Recent News

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

4 July 2025
නුදුරේදීම නැවත බල හුවමාරුවක්  – රනිල්ගෙන් අනාවැකියක්

නුදුරේදීම නැවත බල හුවමාරුවක් – රනිල්ගෙන් අනාවැකියක්

4 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved