• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රාජ්‍ය මාධ්‍ය ලාභ ලැබීමේ තත්ත්වයට පත් කර ගැනීමට නම් වඩාත් නිර්මාණශීලී විය යුතුයි – ජනමාධ්‍ය ඇමැති ඩලස්

25 October 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

දැනට පාඩු ලබමින් පවතින රාජ්‍ය මාධ්‍ය ලාභ ලැබීමේ තත්ත්වයට පත් කර ගැනීමට නම් වඩාත් නිර්මාණශීලී වැඩසටහන් ඉදිරිපත් කළ යුතු බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

අමාත්‍යවරයා කියා සිටියේ පැහැදිලිවම රාජ්‍ය මාධ්‍යයන් තුළ නිර්මාණශීලීත්වයේ පසුබෑමක් පවතින බව පිළිගත් බවත් ඒ සඳහා කඩිනමින් පියවර ගත යුතු බවයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ පසුගියදා (21) පාර්ලිමේන්තුවේදී පැවති ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදීය.

රාජ්‍ය මාධ්‍ය නඩත්තු කිරීම සඳහා එක් ආයතනයකට මසකට මිලියන 35ක පමණ මුදලක් වැය කිරීමට සිදුවන බවත්, එය සමහර ආයතන සඳහා මිලියන 45ක් පමණ වන බවත් අවධාරණය කළ අමාත්‍යවරයා රාජ්‍ය මාධ්‍ය වාණිජ වශයෙන් අසාර්ථක වීම රජයට තවදුරටත් දරා ගත නොහැකි බව සඳහන් කළේය.

එයට අමතරව රූපවාහිනී නාලිකාවන් තුළ ප්‍රචණ්ඩකාරි සහ ළමයින්ට නොගැලපෙන අන්තර්ගතයන් සහිත චිත්‍රපට ප්‍රචාරය වන බැවින් ඒවා ප්‍රචාරය සඳහා සුදුසු ගුවන් කාලයන් නිර්දේශ කිරිමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමේ වැදගත්කමද මෙහිදී අවධාරණය කෙරිනි.

පාර්ලිමේන්තු රැස්වීම් වාර්තා කිරීමේදී ජනමාධ්‍ය තුළ ඉතා වැදගත් කරුණු මගහැරෙන බවත් එනිසා පාර්ලිමේන්තුව තුළ සිදුවන රටට වැදගත් අණ පනත් ඉදිරිපත් කිරීම්, සම්මත කිරීම් මෙන්ම වැදගත් විවාද ආදිය ඇතුළත් කොට විශේෂ වැඩසටහනක් විකාශය කිරීමේ අවශ්‍යතාව මෙහිදී ‍සාකච්ඡාවට ලක්වු අතර, අමාත්‍යවරයා රාජ්‍ය මාධ්‍ය ආයතන වෙත උපදෙස් ලබා දුන්නේ ඒ පිළිබඳ අවධානය යොමු කරන ලෙසයි.

උතුරු ප්‍රදේශයේ ජනතාවගෙන් 85%ක් පමණ ඉන්දියානු ටෙලිවිෂන් චැනල නැරඹීමට හුරු වී සිටීම සහ ඒ හේතුවෙන් එම ප්‍රදේශවල දරුවන් තුළ මෙරටේ සිදුවීම් පිළිබඳ සාමාන්‍ය දැනුම අවම බවත් මෙහිදී අනාවරණය විය. මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ සභාපති රෙජිනෝල්ඩ් කුරේ මහතා සඳහන් කළේ නේත්‍රා නාලිකාව ඔස්සේ පෙරවරු 4.00 සිට රාත්‍රී 12.00 දක්වා පළමු ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා දෙමළ දරුවන්ටද අධ්‍යාපනය ලබා දෙන බවයි.

මේ පිළිබඳ අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ රාජ්‍ය මාධ්‍ය තුළින් ජනතාවට ලබා දෙන තොරතුරු මෙරට දමිල ජනතාවට සම්ප්‍රේෂණය නොවීමේ ගැටළුවක් පවතින බවයි. රාජ්‍ය මාධ්‍ය ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල වලට දමිල සමාජිකයන් පත් කිරීමේ අවශ්‍යතාවය ද ඒ මහතා පෙන්වා දුන්නේය.

රටේ පවතින ආර්ථික තත්ත්වය හේතුවෙන් ලබන වසරේ අමාත්‍යාංශයට අදාළ කිසිදු නව ඉදි කිරිමක් සඳහා රජයෙන් මුදල් වෙන් නොකෙරෙන බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියේය.

මෙම රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන චන්දිම වීරක්කොඩි, ශාන්ත බණ්ඩාර, ආචාර්ව සුරේන් රාඝවන්, උද්දික ප්‍රේමරත්න, වීරසුමන වීරසිංහ, මධුර විතානගේ, චාල්ස් නිර්මලනාදන්,සම්පත් අතුකෝරළ, මේජර් සුදර්ශන දෙනිපිටිය, එස්. කජේක්ද්‍රන්, ගුණතිලක රණවක, උපුල් ගලප්පත්ති, ඩයනා ගමගේ යන මහත්ම මහත්මීහු සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය,ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව, ස්වාධීන රූපවාහිනී සේවය, ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පදනම් ආයතනය,තැපැල් දෙපාර්තමේන්තුව, එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව, තොරතුරු දැනගැනීම් පිළිබඳ කොමිෂන් සභාව ඇතුළු ආයතන රැසක නිලධාරීහුද සහභාගී වූහ.

Post Views: 3
Previous Post

පොලොන්නරු ජනතාව මෙහි උරුමකරුවන් මිසක් කුලීකරුවන් නෙමෙයි – රාජ්‍ය ඇමැති රොෂාන්

Next Post

පක්ෂය කිව්වොත් අද වුණත් ආණ්ඩුව දාලා යනවා – මහින්ද කියයි

editor

editor

Next Post

පක්ෂය කිව්වොත් අද වුණත් ආණ්ඩුව දාලා යනවා - මහින්ද කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

17 June 2025
ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

17 June 2025
එයාර් ඉන්දියා ගුවන් යානයක අදත් දෝෂයක්

එයාර් ඉන්දියා ගුවන් යානයක අදත් දෝෂයක්

17 June 2025
රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

17 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

17 June 2025
ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

17 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved