• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අභියෝගය තේරුම් ගෙන ඊට සරිලන ලෙස වෙනස් විය යුතුයි – කර්මාන්ත අමාත්‍ය විමල්

9 January 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අප එදිනෙදා වියදම් පියවා ගැනීමට පවා විදේශ රටවලින් ණය ගන්නා රටක් බවට පත්ව ඇති බවත් මෑත ඉතිහාසය පුරා මෙරට ආර්ථිකය මෙහෙයවූ කිසිවෙකුත් ඒ ගමන තුළ විදේශ විනිමය අර්බුදයකට මුහුණදීමට සිදුවන දිනයක් උදා වේ යැයි නොසිතූ බව කර්මාන්ත අමාත්‍ය වීරවංශ මහතා පවසයි.

මෙරට ආර්ථිකයේ තිබෙන ඇත්ත අභියෝගය තේරුම්ගෙන ඒ අභියෝගයට සරිලන ලෙස වෙනස් වීමට හැකි වුවහොත් පමණක් රට හමුවේ වන සෙසු අභියෝග ද ජය ගත හැකි වනු ඇති බව හෙතෙම පැවසිය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ(08) මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් හි පැවති ‘මධ්‍යම හා ඌව පළාත් සඳහා වන වෙළඳ සංසදය හා වෙළෙඳපොළ 2022’ සමාරම්භක උළෙලට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය. “ඌව සහ මධ්‍යම පළාත් කේන්ද්‍ර කරගෙන වසර 04ක් පුරා දිගහැරුණු ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වය බලගැන්වීමේ ක්‍රියාන්විතයක අවසාන අදියරේ මෙහෙයුමකට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වීමට ඇරයුම් කිරීම පිළිබඳව සංවිධායක මණ්ඩලයට මගේ කෘතවේදිත්වය පළ කිරීමට කැමතියි. ලොවම දැඩි අභියෝග රැසකට මුහුණ පා ඇති මොහොතකයි ශ්‍රී ලංකාවේ අපි මේ අයුරින් මුණගැසෙන්නේ. වසංගතයට පෙර පැවති ලෝකයට වඩා වෙනස් ලෝකයක් තමයි අද අප ඉදිරිපිට නිර්මාණය වී තිබෙන්නේ. ලෝකය පුරාම රටවල රාජ්‍ය පාලනයන්ට මෙම වසංගත අභියෝගයෙන් මිදීමට සටන් කිරීමට සිදුව තිබුණා. අපත් රජයක් විදියට අන් සියලු අභියෝග ජය ගැනීමට සටන් වදිනවාට වඩා වැඩි ප්‍රමුඛතාවක් ලබා දී සටන් වැදුණේ කොවිඩ් වසංගතයෙන් මිඳීමටයි. එම සටනේ සෑහෙන ජයග්‍රහණයක් ලබාගෙන ඇති නිසයි අපට මේ විදිහට ශාලාවක එකතු වෙලා ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් අමතන්න, ඔවුන්ගේ නිෂ්පාදන සඳහා වෙළෙඳ පොළක් පවත්වන්න අද හැකි වෙලා තිබෙන්නේ. දුප්පත්කම කියන එක අපි ඇතැම්විට විශ්වාස කරන්නේ ආර්ථික විද්‍යා මිනුම් දඬුවලින් පමණයි. ආර්ථික විද්‍යා මිනුම් දඬුවලට අනුව ඒක පුද්ගල ආදායම ඇසුරෙන් එක්තරා අංකයක් තිබෙනවා, ඒ අංකයට වඩා ආදායම අඩු නම් ඒ අයව සලකනවා දරිද්‍රතා රේඛාවෙන් පහළ සිටින කොටස් විදිහට. දුප්පත්කම තිබෙන්නේ ආර්ථික විද්‍යා සංඛ්‍යාත්මක කරුණු දැක්වීමක් ඇතුළෙ පමණක් නොවෙයි, අපේ හිත ඇතුළේ, අපි හිතන විදිහ ඇතුළේ, අපේ හිත මෙහෙයවාගන්න අපට තිබෙන හයිය ඇතුළේ, එය තිබෙනවා. අපේ පැරැන්නන් පැවසූ ප්‍රස්ථාව පිරුළු අතරෙ මගේ හිතේ වඩාත්ම බලවත් ලෙස රැඳුණු ප්‍රස්ථාව පිරුළ තමයි ‘හිත ඇත්නම් පත කුඩාද?’යන්න. හිත ඇත්නම් පත කුඩාද?, කියා අපේ පැරැන්නන් ඇසුවේ හිතාගන්න බැරි දේවල් ඒ අයට හිතන්න පුළුවන් වුණු හින්දා. අපි කවුරුවත් අසා නැහැ දාගැබක් අසලදී අකුණක් ගසා මියගිය මිනිසකු ගැන. යම් දාගැබක් ඉදිකරනු ලබන්නේ එවැනි අනතුරක් සිදු වීමට ඇති අවදානම වැළැක්වීමේ තාක්ෂණයක් සහිතව යි. එහෙම කළේ බලවත්ව කල්පනා කරපු, හිත ඇත්නම් පත කුඩා ද, කියා විමසූ මිනිස්සු. අද තරුණ පිරිස පමණක් නොවෙයි වැඩිහිටියන් ද සමාජ මාධ්‍ය තුළ ප්‍රතිචාර දැක්වීම් සිදු කරනවා. කල්පනා කරලා බලන්න, ලෝකයේ පළමුවෙන්ම කලා කෘතියක් දිහා බලලා ඒ ගැන ප්‍රතිචාර දැක්වීමට ඉඩක් හදලා දුන්නේ කවුද? සීගිරියේ නිර්මාණ ශිල්පීන්. ඒ නිසා තමයි කිසිදු භේදයකින් තොරව කුලහීන, ප්‍රභූ සියලුදෙනාගේ ප්‍රතිචාර සහිත කැටපත් පවුරක් නිර්මාණය වූයේ. ඒ නිසා මෙහිදී වැදගත්ම දෙය තමයි දුප්පත්කම හිතින් පරද්දන එක. හිත දුප්පත් නම් සාක්කුවෙ කොච්චර සල්ලි තිබුණත් එයාට නැගිටින්න බැහැ. සාක්කුවේ සතයක් නැතත් හිත ශක්තිමත් නම් ඔහුට හෝ ඇයට නැගිටින්න පුළුවන්. යුරෝපා සංගමයේ ආධාර මතින් වසර 04ක් පුරා දිගහැරුණු මේ ක්‍රියාන්විතයේදී මේ සම්පත්දායකයන්ට පුළුවන්කමක් නැහැ ව්‍යවසායකයාගේ හිතට හයිය දෙන්න. ඔවුනට පුළුවන් හිත හයිය මිනිස්සුන්ට එතනින් එහාට යන්න උදව් කරන්න. අපේ පැරැන්නන් කිසිදා හිතින් දුප්පත් වුණේ නැහැ. එදා අපේ රටේ තිබුණු ‘ආසියාතික නිෂ්පාදන රටාව’ කියන නිෂ්පාදන ක්‍රමය යටතේ සෑම මිනිසෙකුටම ස්වයංපෝෂිත ජීවන රටාවක් තිබුණා. ඒ නිසා තමයි බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් තේ වගාව ආරම්භ කරන විට තේ වතුවල වැඩට යන්න මේ රටේ මිනිස්සු හිටියේ නැත්තෙ. ඒ කියන්නේ සූරා කන්න අතිරික්ත ශ්‍රමයක් තිබුණේ නැහැ. සෑම අයෙකුටම ජීවනෝපාය මාර්ගයක් තිබුණා. හිත හයිය, ඒ හිතෙන් ධනය උපදවන මාර්ග ගැන හිතන්න පුළුවන් මිනිස්සු, ඒ වගේම ස්වභාවධර්මයා ලබා දී ඇති දෙයින් ජයග්‍රහණ ගෙන එන්න පුළුවන් මිනිස්සු යන සියලුදෙනාගෙන් සැදුම්ලත් ක්‍රියාන්විතයක් දියත් වන ප්‍රමාණයට තමයි අපේ රට අද මුහුණ දී ඇති බොහෝ ගැටළුවලට අපට උත්තර සොයා ගන්න පුළුවන් වෙන්නේ.

මට පෙර අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යතුමන් විදේශ විනිමය අර්බුදය පිළිබඳව කතා කළා. අද අපි විදේශ රටවලින් ණය අරගෙන අපේ එදිනෙදා වියදම් පවා පියවා ගැනීමට පුරුදු වූ රටක්. රාජ්‍ය සේවකයන් සංඛ්‍යාව ලක්ෂ 10 සිට ලක්ෂ 15ට ඉහළ දමනවා, නමුත් ඔවුනට වැටුප් ගෙවීමට රටේ ආදායම මදි. ඒ නිසා ණයට අරගෙන ඔවුනට පඩි ගෙවන තත්ත්වයට අපේ රටේ ආර්ථිකය ගතවූ ඉතිහාසය තුළ පවත්වාගෙන ආවා. ඒ මුළු ඉතිහාසය පුරාම අපේ රටේ ආර්ථිකය මෙහෙයවපු කවුරුත් සිතුවේ නැහැ, ‘අපට මේ විදේශ විනිමය අර්බුදයට මුහුණදීමට සිදුවන දවසක් උදා වේවි’, කියා. ඒ පාලකයන් කල්පනා කළේ නැහැ ‘ඒ දවස උදා වන එක වළක්වන්න ඕනේ’ කියා. කොවිඩ් තත්ත්වය විසින් ඒ දවස අපට කලින් උදා කරලා දීලා තිබෙනවා. කොවිඩ් තත්ත්වය ආවත් නාවත් ඉක්මනින් හෝ ප්‍රමාද වී හෝ ඒ අර්බුදයට මේ රටට මුහුණදීමට සිදුවෙනවා. ඒක වළක්වන්න බැහැ. කොවිඩ් තත්ත්වය ඒ අර්බුදය වඩාත් තීව්‍ර කරලා තිබෙනවා. අපි අද යථාර්ථය පිළිගන්න ඕනෙ. අපි හැමෝම සමගියෙන් එකතු වෙලා, ආර්ථිකයේ තිබෙන ඇත්ත අභියෝගය තේරුම් අරන් ඒ අභියෝගයට සරිලන විදිහට වෙනස් වෙන්න පුළුවන් වුණොත් විතරයි රටක් හැටියට අපට සෙසු අභියෝග ජය ගත හැකි වෙන්නේ.

ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ නිෂ්පාදන ක්‍රියාන්විතය බලගැන්වීමෙන් පමණයි අපට එක් පැත්තකින් ආනයන ආදේශක නිෂ්පාදන මේ රටේ බිහි කිරීමට හැකි වන්නේ. අනෙක් පැත්තෙන් කුඩාවට පටන් ගන්නා නිෂ්පාදකයා විදේශ වෙළදපොළ කරා රැගෙන යාමට හැකි වෙන්නේ. යුරෝපා සංගමයෙන් ලැබුණු ආධාර නිසි පරිදි කළමනාකරණය කරමින් වසර 04ක් පුරා දියත් කළ මේ ඒකාබද්ධ ව්‍යාපෘතිය මගින් එක් පැත්තකින් මධ්‍යම හා ඌව පළාත් දෙකෙහි ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයා බලගැන්වීමටත් අනෙක් පැත්තෙන් එම නිෂ්පාදකයා වෙනුවෙන් වැඩකරන ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය වැනි රාජ්‍ය ආයතනවල ඵලදායිතාව ඉහළ නංවන්නත් දැක්වූ දායකත්වය පිළිබඳ එම ව්‍යාපෘතිය මෙහෙයවූ ආයතනවලට මාගේ ගෞරවය සහ ප්‍රසාදය පළකර සිටිනවා. අවසන් වශයෙන් ‘හිතෙන් දුප්පත්කම පරද්දලා, රටට අවශ්‍ය ජයග්‍රාහී අනාගතය ගොඩනගන්න අපි සියලුදෙනාම ඇපකැප වෙමු!’ යි කියා ආරාධනා කරමින් ඔබ සැමට ජය පතනවා. යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම අවස්ථාවට සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා ව්‍යාපාර සංවර්ධන හා ඌන උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, මධ්‍යම පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීහු, යුරෝපා සංගමයේ නියෝජිතවරිය ඇතුළු ඉහත ව්‍යාපෘතියට සම්පත් දායකත්වය සැපයූ සංවිධානවල නියෝජිතයෝ ද එක්ව සිටියහ.

Post Views: 4
Previous Post

චීන සංචාරකයින් මෙරටට ගෙන්වීමට සහාය ලබා දෙන්න .. ජනපති – චීන විදේශ ඇමති හමුවේ කියයි

Next Post

භානුකගේ සමුගැනීම ගැන යළි සිතා බලන්න ඇමැති නාමල් කියයි

editor

editor

Next Post

භානුකගේ සමුගැනීම ගැන යළි සිතා බලන්න ඇමැති නාමල් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

19 May 2025
🔴 Breaking News

BREAKING ! තවත් වෙඩි තැබීමක්

19 May 2025
වාහන මිලට වෙච්ච දේ ?

වාහන මිලට වෙච්ච දේ ?

19 May 2025
මුලු රටම බලන් හිටපු එකතු වීම අද සිද්ධ වුණා! PHOTOS

මුලු රටම බලන් හිටපු එකතු වීම අද සිද්ධ වුණා! PHOTOS

19 May 2025

Recent News

අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

19 May 2025
🔴 Breaking News

BREAKING ! තවත් වෙඩි තැබීමක්

19 May 2025
වාහන මිලට වෙච්ච දේ ?

වාහන මිලට වෙච්ච දේ ?

19 May 2025
මුලු රටම බලන් හිටපු එකතු වීම අද සිද්ධ වුණා! PHOTOS

මුලු රටම බලන් හිටපු එකතු වීම අද සිද්ධ වුණා! PHOTOS

19 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

19 May 2025
🔴 Breaking News

BREAKING ! තවත් වෙඩි තැබීමක්

19 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved