27 April 2024
#දේශීය

අපි ආණ්ඩුව ගන්නවා – එජාප මහ ලේකම්ගෙන් ප්‍රකාශයක්  

1977 වසරේ දී ජේ.ආර් .ජයවර්ධන හිටපු ජනාධිපතිතුමන් පාක්ෂිකයන්ට ප්‍රතිලාභ ලබා  දුන් ආකාරයට ඉදිරි ජනාධිපතිවරණයෙන් අනතුරුව ද පාක්ෂිකයන්ට සහන ලබා දෙන බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. 
හිටපු ජනාධිපති ජේ. ආර්  ජයවර්ධන මහතාගේ 112 වැනි ජන්ම දින සැමරුම වෙනුවෙන් පිටකෝට්ටේ පිහිටි ජාතික සේවක සංගම් මූලස්ථානයේ අද (17) පැවති උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්  එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්තුමන් මේ බව සඳහන් කළා.
 
තමන් හිටපු ජනාධිපති ජේ. ආර්  ජයවර්ධන මහතාගේ පිළිරුව ඉදිරිපිට සිටිමින් “අපි ආණ්ඩුව ගන්නවා.ඒ වගේම පාක්ෂිකයන්ට සලකනවා ” යනුවෙන්  අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා එහිදී සඳහන් කර සිටියා.
 
1994  වසරට පසුව රාජ්‍ය නායකත්වය සමග ශක්තිමත් බලයක් එක්සත් ජාතික පක්ෂයට නොලැබුණු බව ද  එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්තුමන් මෙහිදී සිහිපත් කළා.
 
හිටපු ජනාධිපති ජේ. ආර්  ජයවර්ධන මහතාගේ 112 වැනි ජන්ම දින සැමරුම්  උත්සවය ජාතික සේවක සංගමය විසින් සංවිධානය කර තිබුණා.
 
එහිදී ජාතික සේවක සංගම් කාර්යාලයේ පිහිටි ඒ මහතාගේ පිළිරුවට ද මහලේකම්වරයා විසින් පුෂ්පෝපහාර දක්වනු ලැබුවා.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *