27 April 2024
#දේශීය

උසස් පෙළ සිසුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා වෙබ් අඩවියක්

රටේ උද්ගතව ඇති කොරෝනා වසංගත තත්වය නිසා පාසැල් අධ්‍යාපන කටයුතු ඇණහිට ඇති උසස්පෙල සිසුන්ගේ පහසුව තකා ඔන්ලයින් තාක්ෂණය මගින් උසස්පෙල විෂයන් හැදෑරීම සඳහා නව වෙබ් අඩවියක් පසුගියදා ආරම්භ කෙරිණි.

එය Alevel.today නමින් හදුන්වා දී ඇති අතර මෙම නව වෙබ් අඩවිය ආරම්භ කර ඇති අතර මෙමගින් අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ කලා ,වාණිජ ,විද්‍යා ,තාක්ෂණ ඇතුලු සියලු විෂය ධාරාවන්ට ආදාල සියලු අනු විෂයන් ගුරු මණ්ඩලයක පූර්ණ අධීක්ෂණය යටතේ උසස් පෙළ සිසුන්ට ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ හැදෑරීමට අවස්ථාව සැලසේ.

පූජ්‍ය ආචාර්යය බද්දේගම සමිත හිමියන්ගේ අදහස් හා මගපෙන්වීම යටතේ සමිත හිමි පදනම මගින් මෙම සමාජ සත්කාරය ආරම්භ කල අතර නව වෙබ් අඩවිය ආරම්භ කිරීම අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ මූලිකත්වයෙන් බද්දේගම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේදී සිදුකෙරිණි.

 

https://alevel.today/#.Xqj_7TW2830.whatsapp

 

 

දිලිනි සමන්මලි 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *