• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

IMF සමඟ අත්සන් කල ගිවිසුමේ කොන්දේසි මොනවාද – ජානිපෙ නායක විමල්

21 September 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අස්සන් කර ඇති ගිවිසුමේ කොන්දේසි මොනවාදැයි ආණ්ඩුව වහා රටට අනාවරණය කළ යුතු බව උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතින නිදහස් පක්ෂයෙ නායක , පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද(21) බොරැල්ලේ පිහිටි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති උත්තර ලංකා සභාගයේ පක්ෂ නායක මාධ්‍ය හමුවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ මහතා . “ඇතැමුන් සිතුවා රනිල් වික්‍රමසිංහ රටේ මුල් පුටුවට ගියාම ජාත්‍යන්තර සහයෝගය එකපිට එක ලැබී, මෙම ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් තියුණු තීරණ අරගෙන, එය උත්සන්නවීම වළක්වලා සමථයකට පත් කිරීම සඳහා කඩිනම් පියවර ගනීවි, කියලා. ඇතැමුන් තුළ ඇති වූ එම විශ්වාසයට අපි ගරහන්න ගියේ නැහැ, එය බොළඳ විශ්වාසයක් බවට පුරෝකථන දෙන්න ගියේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා එළවලා, රනිල් වික්‍රමසිංහ ජනාධිපති පුටුවට ගෙන ඒමට දායක වූ අරගලකරුවන් ඇතුළු සියලුදෙනා අද වික්ෂිප්ත වෙලා ඉන්නවා. රනිල් වික්‍රමසිංහ ආවයි කියලා මේ අර්බුදය සම්බන්ධයෙන් ගත්තු විශේෂ පියවර මොනවාද? ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිහිට පැතීම හැරුණාම ආර්ථිකයේ කඩාවැටීමට අදාළ හේතු විමර්ශනය කරලා එය වැළැක්වීම සඳහා අඩුම තරමින් පනතක් හෝ සම්මත කර ගත්තාද?

දැන් පම්පෝරි කියනවා, ‘අපනයන ආදායම ඉහළ ගිහිල්ලා‘ කියලා. සංඛ්‍යාලේඛන අනුව එය ඇත්තක්. නමුත් අපනයන ආදායමෙන් රට තුළට එන්නේ 20%යි. අපනයන ආදායම වැඩි වුණාට වැඩක් නැහැ, එම විදේශ විනිමය රට තුළට එන්නේ නැත්නම්. එම ආදායම රට තුළට එන්නේ නැත්තේ විදේශ විනිමය පනතේ තිබෙන හිල් නිසයි. ඒ හිල් වහන එක අත්‍යවශ්‍යයි. ඒක තමයි පළමුව කළ යුතු දේ. අඩුම තරමින් ඒකවත් කරලා නැහැ. රනිල් වික්‍රමසිංහ මහතා මුදල් ඇමතිවරයා ලෙස ගෙන ආ අතුරු අය – වැයේ සඳහන් වෙනවා, විදේශ විනිමය පනත ඇතුළු තවත් පනත් කිහිපයක් සංශෝධනය කිරීමට බලාපොරොත්තු වෙනවා කියලා. මේ වෙලාවේ රටට අවශ්‍ය බලාපොරොත්තු නොවෙයි. කඩිනම් පියවර. අතුරු අය – වැයක් රැගෙන ඒම හැර මේ ආර්ථික අර්බුදයට සරිලන කිසිදු කඩිනම් පියවරක් ගැනීමට මේ පාලනය සමත්ව නැහැ. රාජ්‍ය ඇමතිවරුන් තොගයක් පත් කරලා, හෙට අනිද්දාට තව කැබිනට් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු පත්කරලා මේ අර්බුදයට විසඳුම් සෙවීමට බැහැ.

රටේ ජනතාවගේ වේදනාවන් දවසින් දවස දෝරේ ගලනවා. නාගරික කුලී නිවැසියන්ට අද කූලී ගෙවා ගන්න බැහැ. කුලිය ගෙව්වොත් බඩගින්නේ ඉන්න වෙන්නේ. ඒ වගේම ගම්බද පෙදෙස්වල තමයි අද මන්දපෝෂණය උග්‍රම වෙලා තිබෙන්නේ. මේ ආකාරයට නාගරික හා ගම්බද ජනතාව දිළිඳු බවේ පතුලටම ඇදගෙන යන එක වැළැක්වීමට ගත්තු පියවර කෝ? මෙයාලා කියනවා, ‘අපි මූල්‍ය අරමුදලේ ප්ලෑන් එකත් සමග යනවා‘ කියලා. මූල්‍ය අරමුදල කියනවා, ‘හදිසි ණයදීම් ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය නැහැ‘ කියලා. දැන් බලනකොට චීන ණය අභිබවා ගොස් තිබෙනවා ඉන්දියාවෙන් රැගෙන ඇති ණය ප්‍රමාණය. ඒ වගේම අපේ රට අරන් තිබෙන සමස්ත ණය ප්‍රමාණයෙන් 47%ක් පමණ, වැඩි පොලියට මූල්‍ය වෙළඳපොළෙන් ගත්තු ණයයි. ඒ වගේම වැඩි පොලියට ගත්තු ණය ප්‍රමාණයෙන් 80%ක්ම අරගෙන තිබෙන්නේ, ‘මෛත්‍රීපාල සිරිසේන – රනිල් වික්‍රමසිංහ‘ යහපාලන යුගයේදීයි. මෙම ණය වැඩි ප්‍රමාණයක් අරගෙන තිබෙන්නේ ඇමෙරිකා සහ යුරෝපා සමාගම්වලින්. ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සාකච්ඡා කිරීමට සිදුවන්නේ එම ණය හිමියන් සමගයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මැදිහත්වූවාට එම සමාගම් කැමතිනම් විතරයි ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදු වන්නේ. අකමැති වුවහොත් මේ අර්බුදය තවදුරටත් උත්සන්න වෙනවා.

දැන් මේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන අතරේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව අතට දෙනවා ‘කළ යුතු‘ වැඩසටහනක්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අත්සන් කරලා තිබෙන ගිවිසුම ජනගත කරලා නැහැ. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා නැහැ. ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට පහසුකම් සැලසීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කවර කොන්දේසිවලට ද එකඟ වුණේ? අපි දන්න විදියට එක කොන්දේසියක් තමයි, ‘ජාත්‍යන්තර ණය පමණක් නොව දේශීය ණය ද ප්‍රතිව්‍යුහගතකරණය කිරීම‘ යන්න. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්න කියලා කියන්නේ මොකටද? එහෙම වුණාම රාජ්‍ය බැංකු දෙකතුනක් කඩා වැටෙනවා. ඒ වගේම රාජ්‍ය අරමුදල් කිහිපයකුත් කඩා වැටෙනවා. රාජ්‍ය බැංකු ටිකත් වැට්ටුවාම, ඒවත් පෞද්ගලීකරණය කළාම රජය අන්ත අසරණ ආයතනයක් බවට පත් වෙනවා. රජයට කරන්න පුළුවන් කෙංගෙඩියක් නැති වෙනවා.ිනව ලිබරල්වාදය‘ කියන්නේ රාජ්‍යය බෙලහීන කිරීමම තමයි.

මූල්‍ය අරමුදල නැමති දොස්තර ළගට යන්න කියා හර්ෂ ද සිල්වා මහතා ඇතුළු බොහෝ අය කීවානේ. ඒ විශේෂඥ වෛද්‍යවරයා ළඟ තමයි බොහෙත් තියෙන්නේ කියමින් ඔන්න දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහින් තිබෙනවා. මෙයා දැන් බෙහෙත් දෙන්නෙත් නැහැ, නොදෙන්නෙත් නැහැ. බෙහෙත් දෙනවා වගේ පෙන්වනවා. ‘ලෙඩා මළත් බඩ සුද්දයි‘ වගේ ප්‍රතිකර්මත් කරනවා. බඩ සුද්ද වෙයි. හැබැයි ලෙඩා මැරෙයි. මේ යන්නේ එතැනටයි. කියන්නන් වාලේ ‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිහිට පතමු!‘ කියපු අයට දැන් වගකීමක් තිබෙනවා, මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ බෙල්ලෙන් අල්ල ගෙන කරන්න යන්නේ මොකක්ද, කියලා කියන්න.

ආණ්ඩුවට මූල්‍ය අරමුදලෙන් පිට කිසිදු සැලැස්මක්, උපායමාර්ගයක් නැහැ. ඒ නිසා ජනතාවට මූල්‍ය අරමුදල සිදු කරන ක්‍රියාදාමය ඉදිරියේ අන්ධයන් සේ සිටීමට සිදුවෙලා. මේ පාලකයන් රොත්ත තමන්ට ලැබෙන රාජ්‍ය ඇමතිකම, කැබිනට් ඇමතිකම දිහා බලාගෙන වෙන කිසිම අරමුණක් නැතිව දේශපාලනය කරනවා නම් ඔවුන් දන්නේ නැහැ මේ වගේ අර්බුදයකදී තමන්ට ලැබීමට නියමිත ඉරණම කොතරම් භයානකද, කියා.

අපි කියන්නේ එක දෙයයි. මූල්‍ය අරමුදල සමග අත්සන් කරලා තිබෙන ගිවිසුම හෙළිදරව් කරන්න. ඒ ගිවිසුමේ තිබෙන කොන්දේසි මොනවාද කියලා හෙළිදරව් කරන්න. මේ අර්බුදය දඩමීමා කරගෙන ශ්‍රී ලංකා රාජ්‍යයේිබෙල්ල මිරිකන්න‘ ඉඩ තියන්න අපි ලෑස්ති නැහැ. මේක ශ්‍රී ලංකා රාජ්‍යයේ බෙල්ල මිරිකන ගිවිසුමක්ද, නැද්ද? කියා අපට අනාවරණය කරන්න. එසේ නොකර යනවා නම් ඊට එරෙහිව නැගීසිටීම පොදු ජනතාවගේ අනිවාර්ය වගකීමක් කියා අපි විශ්වාස කරනවා. ”යැයි විමල් වීරවංශ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම මාධ්‍ය හමුවට උත්තර ලංකා සභාගයේ ජාතික සංවිධායක වාසුදේව නානායක්කාර, නියෝජ්‍ය සභාපති, මහාචාර්ය තිස්ස විතාරණ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද එක්ව සිටියහ.

 

Post Views: 6
Previous Post

සියලු දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු ඉදිරි සතිය තුළ රැස් කරන්න – අගමැති

Next Post

රජයේ හොඳ වැඩවලට සහාය … වැරදි වැඩ විවේචනය කරනවා – මන්ත්‍රී ඉරාන්

editor

editor

Next Post

රජයේ හොඳ වැඩවලට සහාය ... වැරදි වැඩ විවේචනය කරනවා - මන්ත්‍රී ඉරාන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

16 May 2025
දිනන දකුණ සහ මම

දිනන දකුණ සහ මම

16 May 2025

Recent News

එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

16 May 2025
දිනන දකුණ සහ මම

දිනන දකුණ සහ මම

16 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved