27 April 2024
#දේශීය

රජයේ හොඳ වැඩවලට සහාය … වැරදි වැඩ විවේචනය කරනවා – මන්ත්‍රී ඉරාන්

අර්බුද අවස්ථාවේ දී රජය විවේචනය කරන්න එපා යැයිඇතැම් අමාත්‍යවරු ඉල්ලා සිටිය ද වග කිව යුතු විපක්ෂයක් වශයෙන් විවේචනය කළ යුතු අවස්ථාවලදී රජය විවේචනය කරන්න සිදුව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.

මන්ත්‍රීවරයා ඊ‌යේ (21) පාර්ලිමේන්තුවේ පවසා සිටියේ විපක්ෂයේ ඉන්න ගමන් රජයේ හොඳ වැඩවලට හැකි සෑම සහායක්ම රජයට දෙන බවයි.

දූෂණයට, හොරකමට, අක්රමිකතාවලට හසු වුවහොත් රට යළි ගොඩනැගිය නොහැකි බව නව ජනාධිපතිවරයාට සහ රජයට අනතුරු ඇඟවීමක් කරමින් මුදල් වගකීම් සම්බන්ධයෙන් වගකිව යුතු පාර්ලිමේන්තුව නොමග යවමින් විකෘති සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරන නිලධාරීන් පිළිබඳව අවධානයෙන් සිටීමේ වැදගත්කම ද ඔහු අවධාරණය කළේය.

2020 වසර තුළ අයවැය හිඟයේ නිල අගය දළ දේශීය නිෂ්පාදිතයෙන් 9.6% ක් බව සිහිපත් කළ හෙතම මුදල් පදනම් මත ගිණුම් ක්රමය යටතේ 2020 වසරේ වියදම් කළ රුපියල් බිලියන 420 ක් 2019 වසරේ වියදම්වලට මාරු කර එය වංචනික ලෙස පෙන්වා ඇතැයි ඉරාන් වික්රමරත්න මහතා සඳහන් කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *