• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආණ්ඩුව රට ගොඩගන්න හදනකොට වෘත්තිය සමිති රට ආපස්සට ඇදීමේ උත්සාහයක් – ඇමති ප්‍රසන්න

19 March 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ආණ්ඩුව රට ගොඩගන්න හදන විට වෘත්තිය සමිති අරගල කර රට ආපස්සට ඇදීමේ උත්සාහයක නිරතවන බවට නාගරික සංවර්ධන හා නිවාස ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ගම්පහ, සීදුව, නැගෙනහිර මූකලන්ගමුව වසමේ ඉදිකළ නව බහුකාර්‍ය ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට පසුගිය 17 වනදා දින සහභාගී වෙමිනි.

ඔහු පෙන්වා දෙන්නේ වෘත්තිය සමිතිවලට අවශ්‍යව ඇත්තේ තම දේශපාලන න්‍යාය පත්‍රය පමණක් ක්‍රියාත්මක කිරීමට බවයි.

වෘත්තිය සමිතිවල පදනම් විරහිත වැඩ වර්ජන හේතුවෙන් ආර්ථික අර්බුදය විසඳීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙල කඩාකප්පල් විය හැකි බවද ඇමතිවරයා පෙන්වා දෙයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඇමතිවරයා මෙසේද පැවසීය. “ නිදහසින් පසු මේ රට අරාජික කරන්න හිටපු පාලකයෝ සියළු දෙනා එකතු වෙලා කටයුතු කළා යැයි අද සමාජ මාධ්‍ය හරහා ආණ්ඩු විරෝධි කණ්ඩායම් ප්‍රකාශ කර සිටිනවා. රට සංවර්ධනය කළේ නෑ කියනවා. ආර්ථික අර්බුදයට හේතුව එය යැයි පවසනවා. ඔවුන් නොයෙකුත් දේවල් කතා කළා. නමුත් අපි පසුගිය කාළේ මේවට උත්තර දෙන්න ගියේ නෑ. සමහර දේශපාලන තීන්දු මේ ආර්ථික අර්බුදයට බලපාන්න ඇති කියලා මම කියනවා. මේ රට මේ තත්ත්වයකට මුහුණ දෙන්න සිද්ධ වුනේ ඇයි කියලා ඔබ කල්පනා කරලා බලන්න. අපි නිදහස ලබලා සුද්දගෙන් මේ රට ගන්න කොට මෙරට රජයේ පාසල් හා රජයේ රෝහල් තිබිලා තියෙන්නේ එකයි. අද වනවිට මෙරට රජයේ පාසල් කීයක් තිබෙනවද? රජයේ රෝහල් කීයක් තිබෙනවද? එදා කොළඹ තිබුණ තත්ත්වයමද අද කොළඹ තියෙන්නේ. එදා මේ ගම්වල තිබුණ තත්ත්වයද අද ගමේ තියෙන්නේ. එහෙනම් හිටපු සියළු දෙනාම සංවර්ධනයක් රට වෙනුවෙන් කරන්න කටයුතු කරලා තියෙනවා. හැබැයි ආර්ථික අර්බුදය එනකොට මේ රටේ වසර තිහක් තිබුණ යුද්ධය ගැන කවුරුත් කතා කරන්නේ නෑ. වසර තිහක් යුද්ධ කරන කොට යුද්ධයට වියදම් කරපු මුදල් කොහෙන්ද ලැබුණේ කියලා කවුරුත් අහන්නේ නෑ. ඒ මුදල් වියදම් කලේ කොහොමද, ඒවගෙන් රටේ සංවර්ධනයට දායකත්වයක් වුනාද? අද ඒ ගැන කවුරුත් කතා කරන්නේ නෑ. ඒ සියල්ල යට ගහලයි කතා කරන්නේ.77 කැරැල්ල, 83 ජූලි අරගලය, 88,89 කැරැල්ල කාලේදි මොන තරම් බස් ගිනි තිබ්බද, මොන තරම් රාජ්‍ය දේපල විනාශ කලාද කියලා කල්පනා කරලා බලන්න. ඒ කාගේ මුදල්ද. ඒ විනාශ වුණේ ජනතාවගේ මුදල්. ඒ වගේම ස්භාවික විපත් රටට පැමිණි පසු, පසුගිය කාලේ කොරෝනා වසංගතය වැනි දෙයක් පැමිණි පසු ඒවාට වියදම් කලේ කවුද? අද කවුරුත් ඒ ගැන කතා කරන්නේ නෑ. කියවන්න, විවේචනය කරන්න ලේසියි. නමුත් වැඩ කරන්න අමාරුයි. අපි ඒ අභියෝග සියල්ල භාරගෙන අද කටයුතු කරනවා. දශක ගණනාවක් මේ දේශපාලනයේ හිටපු කෙනෙක් විදියට මම අද සතුටු වෙනවා. අපි මේ මන්ත්‍රීවරු සියළු දෙනාම හැකි පරිදි ගමට වැඩ කරලා තියෙනවා. යුද්ධය අවසන් කරලා රට සංවර්ධනය කරන්න පටන් ගන්න කොට ගම්වල පාරවල් වලවල් හැදිලා තාර දාපු පාරවල් තිබුණේ. පාරවල් කොන්ක්‍රීට් කරන ක්‍රමවේදය හදුන්වා දීම සිදු කළේ අපේ වකවානුව තුළයි. කොන්ක්‍රීට් පාරවල් වලින් පස්සේ කාපට් පාරවල් වලට ගියා. අධිවේගී මාර්ගය හදනකොට අධිවේගී මාර්ගය කන්නද කියලා ඇහුවා. ලෝකයේ අනිත් රටවල් දිහා බලන්න අපිට වඩා ඉදිරියෙන් ඉන්නේ. අපිට වඩා පසුපසින් සිටි රටවල් ඉන්න තැන බලන්න. ඒවගේ වැඩ පිළිවෙලවල් හදන්න අපිට පුළුවන් වුණා. අද පොහොට්ටුවේ අයට ගමට එන්න දෙන්න එපා කියලා සමහරු කියනවා. අද ඉන්න සෑම දේශපාලන පක්ෂයකටම වඩා පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට ගම්වලට ගිහින් වැඩක් කරන්න තියෙන අයිතිය තියෙනවා. මොකද අපි අපේ අත්වල ලේ තවරගෙන නෑ. අපි මිනී මරලා නෑ, රාජ්‍ය දේපළ විනාශ කරලා නෑ. එහෙම පක්ෂයක නියෝජිතයෝ තමයි අපි. අනිත් හැම පක්ෂයකටම ඔය කුණු නාම අහන්න පුළුවන්කම තියෙනවා. අපේ පක්ෂය වැඩ කරපු මිනිස්සු ඉන්න පක්ෂයක්. ඔය හැමෝටම වඩා අපිට අයිතියක් තියෙනවා ගමට ගිහින් වැඩ කරන්න. ආර්ථික අර්බුදය ඇති වෙන්න සිදු වූ දේවල් එක්ක අවාසනාවකට ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට එයට මුහුණ දෙන්න සිද්ධ වුණා. අපි දැනන් හිටියා 2021/ 2022 වනවිට කොවිඩ් වසංගතය එක්ක මේ ආර්ථික අර්බුදයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියලා. ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා මුලින්ම කිව්වේ මොකක්ද?, එතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තිබෙන වරප්‍රසාද සියල්ල අහෝසි කළා. වාහන පර්මිට් ටික නැති කළා. රට ගොඩගන්න කැප කිරීම් කරන්න කිව්වා. අර්බුදයක් ඇති වී ජනතාවට තිබුණ පීඩනයත් එක්ක සිටින විට ඔවුන්ව පාවිච්චි කරලා රටේ ඊනියා අරගලයක් නිර්මාණය කළා. ඊනියා අරගලයෙන් රටේ සංවර්ධනය සිදු වූවාද? ආර්ථිකය ගොඩ ගන්න පුළුවන් වුණාද? ඒ කිසිවක් සිදු වූනේ නෑ. ඊනියා අරගල හරහා ප්‍රජාතන්ත්‍රවාදී ලෙස බලයට පැමිණීමට නොහැකි පක්ෂ ගෙවල් ගිනි තියලා, මිනිස්සුන්ව මරලා, රාජ්‍ය දේපළ විනාශ කරලා ඔවුන්ගේ න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කළා. මේවාට කවුද වියදම් කළේ. අරගලයේ හිටපු අයට බුරියානි දෙන්න රෑට කෑම ටික දෙන්න කෝටි ගණන් වියදම් කළේ කවුද? ඒ අයගේ නඩත්තුවට වියදම් කළේ කවුද? එදා අපි ඒ දේවල් කතා කරනකොට අපිව හෑල්ලුවට ලක් කළා. අපිව හංවඩු ගැහුවා. අරගලයෙන් පසු ඒ සල්ලි ටික බෙදා ගන්න බැරිව හොරු හොරු රංඩු කරනකොට, ඒ සල්ලි ආවේ කොහෙන්ද, සල්ලි ගියේ කාටද කියලා අද ඔප්පු වෙලා ඉවරයි.
අද අපිට ලොකු වගකීමක් තිබෙනවා. සියළු දේශපාලන පක්ෂ, එහි නායකයෝ එකතු වෙලා තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය පැත්තකින් තබා රටේ අනාගතය වෙනුවෙන් එකතු විය යුතුයි. පසුගිය වසරේ මේ වනවිට පැය ගාණක් අපිට ඉන්ධන පෝලීම් වල ඉන්න සිද්ධ වුණා. පිට රටින් තෙල්, බෙහෙත්, ගෑස් ටික ගෙන්න අපිට ඩොලර් නැති වුණා. අපි එහෙම කාලෙකට මුහුණ දුන්නා. එදා ජනාධිපතිතුමා, අගමැතිතුමා ඇතුළු ඇමති මණ්ඩලය ඉවත් වෙලා සියළු දෙනාට ආරාධනා කළා මේ රට භාර අරගෙන කටයුතු කරන්න කියලා. කයිය ගහන්න බොහෝ දෙනෙක් හිටියත් මේ රට භාර ගන්න හිටියේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා විතරයි. මම තරම් එතුමාව විවේචනය කළ කෙනෙක් නැතිව ඇති. අපි දේශපාලන මත පැත්තකින් තියලා රට ගැන හිතලා එතුමාට උදව් කළා. අද ක්‍රමාණුකූලව රුපියල ශක්තිමත් වනවා. ක්‍රමාණූකූලව බඩු මිල අඩු වෙනවා. සංචාරකයින් එන්න පටන් ගෙන තියෙනවා. ගම්වල ඉන්න කුහකයොන්ට දැන් රිදෙන්න අරන්. 225 ම හොරු කියනකොට තුන්දෙනෙක්ට විතරක් වෙන් වෙලා ඉන්න බෑ. ඒ තුන්දෙනා අද ඉදිරිපත් වෙන්නේ අපි මුකුත්ම කළේ නෑ වගේ. ඒ දේශපාලන පක්ෂය චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියවථ මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා බලයට ගේන්න කටයුතු කළා. 225ම වග කිව යුතු නම් එදා මෙදා තුර මේ පක්ෂ, ආණ්ඩු සියල්ල වග කිව යුතුයි. අද එක වසමක රජයේ නිලධාරීන් 05 දෙනෙක් පමණ සිටිනවා. එක නිලධාරියකුගේ මාසික වැටුප රු 60,000 පමණ වනවා. මේ 05 දෙනාගේම මාසික වැටුප එකතු කළොත් රුපියල් ලක්ෂ තුනක් පමණ වනවා. ඒ එක ග්‍රාම සේවා වසමක නිලධාරීන්ට පමණක්. ගාමිණි හේවගේ මැතිතුමා පමණක් බලන වසම් දෙකට රාජ්‍ය නිලධාරීන්ට ලක්ෂ 06ක් පමණ ගෙවනවා. හැබැයි මේ වසම් දෙකම බලන්නේ එක මහජන නියෝජිතයයි. ඒ මහජන නියෝජිතයාගේ පඩිය කීයද? දීමනාවක් වශයෙන් ලැබෙන රුපියල් 15,000 පමණයි. නිලධාරීන් 16 දෙනෙක් කරන දේ එක මන්ත්‍රීවරයෙක් කරනවා. ගමේ මරණයක් වුනොත් හට් එක පුටු ටික ඉන්ලන්නේ කාගෙන්ද? පාරේ තියෙන ලයිට් එක පිච්චුනාම කතා කරන්නේ කාටද? සමෘද්ධියේදී අසාධාරණයක් වුනොත් කියන්නේ කාටද? ඒ හැමදේම කියන්නේ ගමේ මන්ත්‍රීතුමාටයි. ඒ දේශපාලන අධිකාරියේ ගෞරවය නැති කරන්න සමහරු කටයුතු කළා. ඒ ඔවුන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරන්න ඕනි නිසා. අද රාජ්‍ය සේවකයෝ වැඩ වර්ජනය කරනවා. අද වැඩියෙන්ම වැඩ වර්ජනය කරන්නේ වරාය සේවකයෝයි. එහි අවම පඩිය ගන්න කෙනා රුපියල් ලක්ෂ දෙකක් පමණ ගන්නවා. අද ඒ අය තමයි වැඩ වර්ජනය කරන්නේ. ඒකෙන් දවසට රටට වෙන පාඩුව පියවන්නේ කවුද? මේ ආර්ථික අපහසුතා එක්ක රටේ ජනතාව නොයෙකුත් ප්‍රශ්නවලට මුහුණ දෙන වෙලාවක්. මේ රට ගොඩ ගන්න ආණ්ඩුව හදන වෙලාවේදී මේ රටට එන විදේශ විනිමය නැති කර, මේ රටට එන සංචාරකයෝ ටික නැති කර ගන්න අරගල කරන එක හරිද? ඔවුන් රටේ සංවර්ධනයට දායකත්වයක් දෙනවද? ඔවුන් හදන්නේ තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය පමණක් ක්‍රියාත්මක කරන්නයි.” යනුවෙන්ද අමාත්‍යවරයා පැවසීය.

කටුනායක සීදුව නගර සභාවට අයත් ඉඩමක මෙම බහුකාර්ය ගොඩනැගිල්ල ඉදිකර තිබේ. මෙහි කටුනායක සීදුව නගර සභා කාර්යාලය, ආර්ථික සංවර්ධන නිළධාරී, ග්‍රාම නිළධාරී, සමෘද්ධි නිළධාරී ඇතුළු රාජ්‍ය නිළධාරීන් සදහා කාර්යාල ඉදිකර තිබේ. කටුනායක සීදුව නගර සභාවේ ප්‍රතිපාදන මත මේ සදහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 16 කි. 2022 වසරේ පෙබරවාරි මාසයේදී මෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇති අතර මාස 8 ක් තුළ මෙහි වැඩ අවසන් කර තිබේ.
මෙම අවස්ථාවට හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ආනන්ද හරිස්චන්ද්‍ර, කටුනායක සීදුව නගර සභාවේ සභාපති චමිත් නිශාන්ත ප්‍රනාන්දු, නාගරික මන්ත්‍රී එච්.ඒ. ගාමිණි හෙට්ටිආරච්චි, මහත්වරුන් ඇතුළු නිළධාරීන් පිරිසක් එක් විය.

 

Post Views: 4
Previous Post

යටවත්ත ප්‍රදේශයට ජල පහසුකම් ලබා දෙයි

Next Post

පොදු රාජ්‍ය මණ්ඩලීය දුරස්ථ අධ්‍යාපන සංවිධානයෙහි පාලක මණ්ඩලයේ නියෝජිතයක් ලෙස ඇමැති සුසිල් පත් කෙරේ

editor

editor

Next Post

පොදු රාජ්‍ය මණ්ඩලීය දුරස්ථ අධ්‍යාපන සංවිධානයෙහි පාලක මණ්ඩලයේ නියෝජිතයක් ලෙස ඇමැති සුසිල් පත් කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved