27 April 2024
#දේශීය

පොදු රාජ්‍ය මණ්ඩලීය දුරස්ථ අධ්‍යාපන සංවිධානයෙහි පාලක මණ්ඩලයේ නියෝජිතයක් ලෙස ඇමැති සුසිල් පත් කෙරේ

පොදු රාජ්‍ය මණ්ඩලීය දුරස්ථ අධ්‍යාපන සංවිධානයෙහි පාලක මණ්ඩලයේ ආසියානු කලාපීය නියෝජිතයා වශයෙන් ගරු අධ්‍යාපන අමාත්‍ය සහ පාර්ලිමේන්තු සභානායක ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පත් කර ඇත.

දුරස්ථ අධ්‍යාපනය සහ විවෘත අධ්‍යාපනය සංවර්ධනය කිරීම සඳහා ලෝකයේ පිහිටුවා ඇති එක ම අන්තර් රාජ්‍ය සංවිධානය, පොදුරාජ්‍ය මණ්ඩලීය දුරස්ථ අධ්‍යාපන සංවිධානයයි. පොදු රාජ්‍ය මණ්ඩලය වෙනුවෙන් කැනේඩියානු රජය මෙම සංවිධානය මෙහෙයවනු ලබන අතර එය කැනඩාවේ බි්‍රටිෂ් කොලොම්බියා ප්‍රාන්තයේ බර්නබිහි පිහිටුවා ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *