• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home Uncategorised

බලය තියෙනකොට අපිට පක්ෂය සහ පක්ෂයේ යාන්ත්‍රණය අමතක වුණා – මන්ත්‍රී නාමල් රාජපක්ෂ

31 October 2022
in Uncategorised
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

බලය තියෙනකොට අපිට අපේ පාක්ෂිකයා, පක්ෂය සහ පක්ෂයේ යාන්ත්‍රණය අමතක වුණා යැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ අනුරාධපුර දිස්ත්‍රික්ක‌යේ මිහින්තලය මැතිවරණ කොට්ඨාශයේ ක්‍රියාකාරී පිරිසක් සමඟ පැවති සාකච්ජාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.

මෙම අවස්ථාවට අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.එම් චන්ද්‍රසේන, ශෙහාන් සේමසිංහ යන මහත්වරුන්ද සහභාගී වූහ.එම හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා මෙ‌සේ පැවසීය.

එහිදී නාමල් රාජපක්ෂ මහතාගෙන් මාධ්‍ය වේදීන් මෙසේ ප්‍රශ්ණ කර සිටියේය

මාධ්‍යවේදීන් – ආයෙත් අරගලයක් පටන් ගන්න හදනවා, විපක්ෂ කණ්ඩායම් නොවැම්බර් 02 වැනිදා, මොකක්ද ඔබේ අදහස ඒ ගැන?

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ – ” විපක්ෂයට අරගලයක් කරන්න පුලුවන්, විශේෂයෙන්ම මම ඉල්ලීමක් කරනවා සජිත් ප්‍රේමදාස මහත්තයාගෙන්, අනුර කුමාර දිසානායක මහත්තයාගෙන්, සරත් ෆොන්සේකා මහත්තයාගෙන් සහ මේ අරගලයත් එක්ක හොඳ චේතනාවෙන් හෝ නරක චේතනාවෙන් අරගලයත් එක්ක එකතු වෙන සියලු දෙනාගෙන්, මාර්තු මාසේ 31 වැනිදා අරගලයක් පටන් ගන්න කොට ඔබතුමන්ලා ගෝඨාභය මහත්තයාගේ ගෙදරට ඇවිල්ලා, මේ රටට එක් ලක්ෂ හය දහසකට වැඩි සංචාරකයෝ පිරිසක් ආවා, හැබැයි එදා ඉඳන් අද වන විට සමස්ථ සංචාරක ව්‍යාපාරයම කඩා වැටිලා තියෙනවා.ඒ නිසා අරගලයේ ප්‍රථිපලය මොකක්ද, එක පැත්තකින් සංචාරක ව්‍යාපාරය කඩන් වැටෙනවා, ආර්ථිකය කඩන් වැටෙනවා සහ මේ රටේ දේශපාලන විපර්යාසයක්, අස්ථාවරත්වයක් ඇති වුණා,හැබැයි දැන් යාන්තම් දේශපාලන ස්ථාවරත්වයක් ඇති කර ගෙන සංචාරක ව්‍යාපාරයත් ඉදිරියට දියුණු කර ගෙන, ඒ වගේම අයි.එම්.එෆ් වැනි ආයතන එක්ක සාකච්ජා සාධනීය ලෙස ක්‍රියාත්මක කරන් යන කාළ සීමාවක්.ඒ වගේම අපි ඉදිරි කාළසීමවා තුළ අපි බලාපොරොත්තු වෙනවා ,මේ රටට නැවත වාතවක් සංචාරකයෝ පැමිණෙයි කියන කාරණය විශ්වාසයෙන් අපි ඉන්නවා.ආණ්ඩුවත් විශාල කැප කිරීමක් කරමින් සංචාරක ප්‍රවර්ධනයක් කරනවා, ක්ෂ්‍රේත්‍රයේ අයත් වෙනදාට වඩා එකමුතුවකින් මේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කරන්න කටයුතු කරනවා. යම් කිසි හෙයකින් නැවත වතාවක් අරගලයක් ගෙනල්ලා මේ ර‌ටේ ආර්ථිකය වට්ටන්න උත්සහ කරනවා නම් ඒක සාධාරණ නෑ.ඔබට දේශපාලනික වශයෙන් අපි එක්ක ප්‍රශ්නයක් තියෙනවා නම් අපි එක්ක බේරා ගන්න,හැබැයි ඒක මේ රටේ ආර්ථිකයට පහර එල්ල කරන තැනකට ගේන්න එපා.අරගලයේ අවසාන ප්‍රථිපලය මේ රටේ ආර්ථිකය කඩාගෙන වැටීම කියන එක දැන් කාටත් තේරිලා තියෙනවා. ඒ හින්දා මේ වෙලාවේ අපි ඉල්ලන්නේ අරගලයෙන් යම්කිසි ප්‍රථිපලයක් බලාපොරොත්තු වෙනවා නම් ඒක ප්‍රජාත්‍රන්තවාදී රාමුව ඇතුලේ, මැතිවරණ ක්‍රමවේදය ඇතුලේ ආණ්ඩුව එක්ක කටයුතු කරන්න, අපි එක්ක පෞද්ගලික ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක අපි එක්ක බේරගන්න, හැබැයි සංචාරක කර්මාන්තය ඔලුව උසස්ගෙන එන මේ වෙලාවේ ලංකාවේ ලක්ෂ 30 කට වැඩි ප්‍රමාණයක් සංචාරක ව්‍යාපාරයෙන් සෘජුව හා වක්‍රව ජීවත් වෙනවා, ඩොලර් බිලියන 05 ක් පමණ අපේ රටට ආදායම ආපු ව්‍යාපාරයක්.ඒ නිසා ඔබතුමන්ලාගෙන් කරුණාවෙන් ඉල්ලන්නේ ඔබතුමන්ලාගේ අරගලය කර ගන්න.හැබැයි මේ සංචාරක ව්‍යාපාරය වට්ටන තැනට මේ අරගලය ගෙන යන්න එපා කියලා ඉල්ලීමක් කරනවා.

මාධ්‍යවේදීන් – ආණ්ඩුවට චෝදනාවක් තියෙනවා ,ඡන්ද කල් දානවා කියලා, ඔබතුමන්ලා විපක්ෂයේ ඉද්දී ඡන්ද තියන්න කියපු අය නේද?

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ – අපි අදටත් කියන්නේ පොදු ජන පෙරමුණු පක්ෂය විදිහට, පොහොට්ටු පක්ෂය විදිහට ඡන්දය තියන්න කියලා, ඔ්නෑම චන්දයක් තියන්න, පාර්ලිමේන්තුව තියන්න ඔ්න නම් ඒකත් තියන්න.

මාධ්‍යවේදීන් – යළි නැගිටිමු කියලා ඔබතුමන්ලා රැස්වීම් මාලාවක් ආරම්භ කරලා තියෙනවා, ඒකේ අරමුණ මොකක්ද?මැතිවරණයක් ඉලක්ක කර ගෙනද මේක කරන්නේ?

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ – ඒකේ අරමුණ දේශපාලනය, අපි කරපු එක වැරැද්දක් තියෙනවා, අපි අදත් ආණ්ඩුවේ කොටස් කරුවෝ විදිහට ඉන්නවා, හැබැයි අපි පූර්ණ බලය තියෙනකොට අපිට අපේ පාක්ෂිකයා, පක්ෂය සහ පක්ෂයේ යාන්ත්‍රණය අමතක වුණා, ඒක නිවැරදි කරන්න ඔ්න, ඉතින් මං අනෙක් දේශපාලන පක්ෂ වලටත් ඉල්ලන්නේ කරුණාකරලා, විපක්ෂයේ ඉන්න කොට විතරක් නෙමෙයි ආණ්ඩුවේ ඉන්න කොටත් තමන්ගේ දේශපාලන පක්ෂය, පාක්ෂිකයෝ එක්ක දේශපාලනය කරන්න කියලා.

මාධ්‍යවේදීන් -ඔබතුමන් ජනාධිපති කරන්න මේ රැස්වීම් මාලාව කරනවා කියලා චෝදනාවක් තියෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ -ඒ අයගේ හිතේ එහෙම ඇති, හැබැයි පක්ෂයක් විදිහට අපි තාම කිසිම තීරණයක් අරගෙන නෑ.

මාධ්‍යවේදීන් – ඔබතුමන්ද දැන් පොදු ජනපෙරමුණ පාලනය කරන්නේ, කලින් නම් බැසිල් රාජපක්ෂ මැතිතුමා කියලා කිව්වා.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ – මේ පක්ෂය පොදු ජන පෙරමුණ, මේක ගම් මට්ටමින් ගොඩනැගුණු දේශපාලන පක්ෂයක් ,පක්ෂයේ නිර්මාතෘවරයා බැසිල් රාජපක්ෂ මැතිතුමා, පක්ෂයේ නායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමා, ජනවාරී මාසය වන විට අපි අපේ විදායක සභාව කැඳවනවා, එහිදී ආසන සංවිධායකවරු හා පක්ෂයේ අනෙකුත් නිළ තල ටික පත් කරනවා, ඒ අනුව අපි පක්ෂයක් විදිහට ඉදිරියට ගත යුතු ක්‍රියාමාර්ග අපි ගන්නවා.

 

තිසර සමල් – අනුරාධපුර

Post Views: 6
Previous Post

රට මේ තත්ත්වයට පත් කලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සන්ධානයයි – දුමින්ද දිසානායක

Next Post

නවක වෛද්‍යවරුන් 1367 ක් සීමාවාසික පුහුණුවට – සෞඛ්‍ය අමාත්‍යංශය

editor

editor

Next Post

නවක වෛද්‍යවරුන් 1367 ක් සීමාවාසික පුහුණුවට - සෞඛ්‍ය අමාත්‍යංශය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

13 June 2025

Recent News

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

13 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved