27 April 2024
#දේශීය

නවක වෛද්‍යවරුන් 1367 ක් සීමාවාසික පුහුණුවට – සෞඛ්‍ය අමාත්‍යංශය

නවක වෛද්‍යවරුන් 1367 දෙනෙකු සදහා සීමාවාසික පුහුණුව ආරම්භ කිරීමේ පත්විම් ලිපි ප්‍රදානය අද (31) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී සිදු කෙරිණි.

 මෙම පත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවයේදී සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් නවක වෛද්‍යවරුන් පිරිසකට නිල වශයෙන් සීමාවාසික පුහුණුව ආරම්භ කිරීමේ පත්විම් ලිපි ලබාදිම සිදු විය.

මෙසේ පත්වීම් ලබාගත් නවක වෛද්‍යවරුන් මුළු දිවයිනම ආවරණය වන පරිදි රෝහල් වෙත අනියුක්ත කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා කියා සිටියේ සම්මානනීය වෘත්තියකට සීමාවාසික වෛද්‍යවරුන් පා තබන බවත්, එහි ගුණාත්මකභාවය රඳා පවතින්නේ ඔවුන්ගේ ගුණාත්භාවය තුළ බවත්ය. රෝගියා යනු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධානම අංශයක් බැවින්, රෝගීන් කෙරෙහි කාරුණිකව අවධානය යොමු කර ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් වෙනුවෙන් කැපවිමට අදිටන් කරගන්නා ලෙසද ඒ මහතා පැවසීය.

 

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (වෛද්‍ය සේවා) වෛද්‍ය සුනිල් ද අල්විස්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) I වෛද්‍ය ලාල් පනාපිටිය, තෘතීයික සත්කාර සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මහතා ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *