27 April 2024
#දේශීය

රට මේ තත්ත්වයට පත් කලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සන්ධානයයි – දුමින්ද දිසානායක

අද මේ රට පත්ව ඇති තත්ත්වයට වගකිව යුත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සන්ධානය ආණ්ඩුව බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (31) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේය.

රට පත්ව ඇති ඉරණමට රාජපක්ෂවරුන්ට චෝදනා එල්ල කරනවා සේම රාජපක්ෂවරුන් රැක්ක ඒ අය එක්ක ආණ්ඩු කරපු ඒ අයට ජනාධිපතිධුරයට පත් කරපු අපි හැමෝටම මේකේ වගකීමක් තියෙන බව හෙතෙම පැවසිය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම් සඳහා පසුගිය දින කිහිපයේදීම දුමින්ද දිසානායක මහතාට කැඳවීමක් නොලැබුණේ ඇයිදැයි මෙහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්ණ කල සිටි අතර එයට පිළිතුරු ලබා දුන් දුමින්ද දිසානායක මහතා පවසා සිටියේ තමාට අද ලැබුණු ආරාධනාවට අනුව රැස්වීමට සහභාගී වු බවයි. පසුගිය දිනවලදී පැමිණෙන ලෙස නොදන්නවා සිටියේ ඇයි දැයි තමා නොදන්නා බවයි.

එසේම ආණ්ඩුවේ සුභවාදී කටයුතු වලට සහය ලබා දෙන බව ද දිසානායක මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *