ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සහ ඔස්ට්‍රෙලියානු රජයේ ආධාර යටතේ ශ්‍රී ලංකාව තුල රෝහල්වල කොරොනා වෛරස තත්ත්වයන් සදහා සිදු කරන ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීම සදහා සහ රෝහල්වල ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීමේ අරමුණින් රුපියල් මිලියන 105 ක වටිනාකමකින් යුත් අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කිරීම පසුගිය 20 දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජීව වෛද්‍ය ඉංජිනේරු අංශයේ දී සිදු කෙරුනි.
එම වෛද්‍ය උපකරණ තොගය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත වෛද්‍ය රාෂියා පෙන්ඩ්සේ මහත්මිය (Dr. Razia Pendse) විසින් සෞඛ්‍ය ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය වෙත භාර දෙන ලදි. පරිත්‍යාග කරන ලද උපකරණ තොගය අතර HDU Beds, Multipara Monitors, Pulse Oximeter, Infusion Pumps, Syringe Pump, Suction Apparatus, ECG Machine, X-ray Portable, Defibrillator, Autoclave Table Top, High Flow Oxygen System විය.