• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home විශේෂාංග

වන අලි කළමණාකරණය යළි හමස්පෙට්ටියට…. සපුගල ගොවින් යළි සත්‍යග්‍රහයක

30 January 2022
in විශේෂාංග
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

වල් සපුගල ගොවි ජනතාව දෙදහස් විසි එක වසරේ පැවැති අඛණ්ඩ සත්‍යග්‍රහයකින් අනතුරුව දිනා ගත් වන අලි කළමණාකරණ රක්ෂිතයට අදාල 2021 අප්‍රේල් 09 වන සිකුරාදා දින අංක 2222/ 62 දරණ ගැසටි පත්‍රයට අනුව කිසිදු ප්‍රයොගික ක්‍රීයාමාර්ගයක් ගෙන නොමැති නිසා නැවතත් අඛංඩ සත්‍යග්‍රහයක් වල් සපුගල ගොවි ජනතාව විසින් ආරම් කර තිබේ.

වන සත්ව හා වෟක්ෂලතා අඥාපනතේ 2 වගන්තියෙ දෙවන උපවගන්තිය ප්‍රකාරව අමාත්‍යවරයාට පැවරෙන බලතල අනුව 2021 අප්‍රේල් 09 වන සිකුරාදා දින අංක 2222 /62 හෙක්ටයාර 23,746ක භූමි ප්‍රමාණයකින් යුතු ප්‍රදේශයක් එම වනඅලි කළමණාකරණ රක්ෂිතය ලෙස නම් කර ඇති අතර එම භූමියේ පිහිටා ඇති හෙක්ටයාර 866 කින් යුත් ගුවන් තොටුපොළ ලෙස නම්කර ඇති භූමි ප්‍රමාණය ඉන් ඉවත් කර තිබේ.

හම්බන්තොට වනඅලි රක්ෂිතයක අවශ්‍යතාවය පැන නගින්නේ 2009 වසරේ යුද්ධය අවසන් වීමත් සමඟම ජාතික භෞතික සැලැස්ම ක්‍රියාත්මක කිරීමට රජය මුලීක වීමත් සමගය . එහි එක් ව්‍යාපෘතියක් ලෙස හම්බන්තොට මහානගර සැලැස්ම ක්‍රියාත්මක විය.එම නිසා හම්බන්තොට සූරියවැව තිස්සමහාරාමය ලුණුගම්වෙහෙර තණමල්විල මේ ප්‍රදේශ ගණනාවක්ම ඉතා සීග්‍ර ලෙස කැලෑ කැපීම සිදුවිය .

විශේෂයෙන්ම පැරණි හමිබන්තොට පුළුල් කිරීමේ ව්‍යාපෘතිය යටතේ හම්බන්තොට වරාය, හම්බන්තොට නගරය, ක්‍රීඩා පිටි, මත්තල ගුවන්තොටුපල, සම්මන්ත්‍රණ ශාලා ,හෝටල්, අධිවේගී මාර්ග ආදී විශාල ඉදිකිරීම් සඳහා කැළෑ ඉඩම් අත්පත් කරගැනීම සිදුවිය .

2006 වැනි කාලවලදී ඉතාමත් කැලෑබදව තිබූ ප්‍රදේශ විශාල ලෙස එළි කිරීමේ ප්‍රතිඵලයක් ලෙස හම්බන්තොට දිස්ත්‍රික්කයේ අලි මිනිස් ගැටුම ඉතාමත් දරුණු ලෙස වර්ධනය විය .ඒ අනුව 2006 වර්ෂයේදී සාදන ලද වන අලි කළමනාකරණ කළමනාකරණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියට අනුව මෙවන් අලි මිනිස් ගැටුමට ගොදුරුවන ප්‍රදේශ වල අලි කළමනාකරණ කලාප ඉදි කිරීමේ ප්‍රතිපත්තියක් එළිදැක්වෙන ලදී .

ඒ අනුව හම්බන්තොට දිස්ත්‍රික්කයේ වන අලි කළමනාකරණ රක්ෂිතය යෝජනා වූ අතර බහුතර ඉඩමි ප්‍රමාණයක් චීන ව්‍යාපෘති වලට ලබාදිම හා ව්‍යාපාරීක අවස්ථාවලට ලබාදීමේ අවශ්‍යතාවය මත හම්බන්තොට වනාතර ඉඩම් කොල්ල කෑම පසුගිය වසර දෙලහ තුල වැඩි වශයෙන් සිදුවිය . එහි ප්‍රතිපලයක් ලෙස වන අලි ඇතුලි සතුන්ගේ වාස භූමි අහිමි වීම ,අලි මිනිස් ගැටුම් වර්ධනය විම ,ප්‍රදේශයේ පුරාණ වාරි පද්ධතිය විනාශ වී යාම හා ජලය සතුන්ට හා ගොවි බිමිවලට හිගවීම , වනාන්තර ආශ්‍රීත ආර්ථිකය ගොඩ නගාගන සිටි ජනතාවද දුප්පත්කමේ අන්තයට ඇද වැටීම සිදුවිය

මෙම තත්වයන් පදනම් කරගනිමින් හා එහි පිඩාව දැනුන ජනතාව දෙදහස් පහළව වසරේ සිට වන අලි රක්ෂිතය ප්‍රකාශයට පත්කර කැලෑ ප්‍රදේශය ආරක්ෂා කරන ලෙස විවිධ අරගල ගෙන ගිය අතර අවසාන දින අසුහයට පෙර වසර හයක් එම අරගලය අඛණ්ඩව ගෙන යන ලදී. සංවර්ධනයෙන් වඩා පිඩාවට පත්වූ ගොවි ජනතාව දෙදහස් නවය වැනි වසර වලදී සංවර්ධන සිහිනය දැක එයට අනුමැතිය දුන්නද එම සිහිනය බිද වැටී එයින් පිඩාවට පත්වන විට ඒ වෙනුවෙන් අරගල කර තමන්ට හා වන සතුන්ට ජයග්‍රණ ලබාදීම ඉතාමත් වටි.

සංවර්ධනයට අත එසවු ජනතාව එය වෙනුවට කැලෑ ඉල්ලා අරගල කරන්නේ ඇයි ?

හම්බන්තොට ජනතාවගේ ආර්ථිකය සම්පුර්ණ වශයෙන් ගොඩ නැගී තිබුනේ කෘෂි කර්මය හා වනාන්තර පදනමි කරගනිමින්ය. විශාල ලෙස වනානතර අහිමි විමත් සමගම වන සතුන්ට වාසස්ථාන අහිමි වුවා පමණක් නොව මිනිසුන්ගේ ආර්ථිකය බරපතල ලෙස කඩා වැටුන අතර බරපතල පෝෂණ ඌණතාවයන්ට හා දුප්පත් කමේ අන්තයට අද වන විට මිනිසුන් වැටි ඇත.

වනාන්තරයෙන් ලැබූ ආර්ථිකය හා පෝෂණය අහිමිවිමත් ,කාබන් ප්‍රමාණය ඉහළයාම නිසා උෂ්නත්වය වැඩි විමත්, ජල හිගයන් වලට මුහුණ දිමත් ඒ සියල්ල සමගින් අලි මිනිස්ගැටුමට ගොවි ජනතාව මුහුණ දීමත් යන සියල්ල එක් වී මෙම අරගලය ආරම්භය සනිටුවහන් කෙරුණේ දෙදහස් පහළව වසරෙදිය.

වනාන්තර අහිමි වීම නිසා තමන්ගේ ජීවිත වලට එල්ලවී ඇති බලපෑම ජයගත හැක්කේ වනානත්ර රකින ලෙස රජයට බලකිරමින් අරගල කිරීම බව වටහා ගත් ගොවි ජනතාව සංවර්ධනයට කියා දුන් අවසරයට දුන් මනාපයෙන් වනාන්තර අහිමිවීම හා එහි පිඩාව මනාව වටහා ගන එයට විරුද්ධව පෙළ ගැසීම පැසසිය යුතුය .

1986 සංවර්ධනයට ඇති අයිතිය පිළිබඳ ප්‍රකාශනයෙහි පළමු වෙනි වගන්තියෙහි දැක්වෙන්නේ සංවර්ධනය වීම සඳහා ඇති අයිතිය අහිමි කළ නොහැකි මානව අයිතිවාසිකමක් බවයි. මෙම ප්‍රකාශනයට ජාත්‍යන්තර ප්‍රජාවගේ අතිමහත් සහයෝගයක් ලැබුණි.

1992 රියෝ ප්‍රකාශනයේ 3 වන මූලධර්මය මගින් සංවර්ධනයට ඇති අයිතිය සපුරාලීමේ අවශ්‍යතාව නැවත වරක් සහතික කෙරිණි. සංවර්ධනය යනුවෙන් අදහස් කරන්නේ ඇත්ත වශයෙන්ම එය සංවර්ධනය උදෙසාම හෝ එමගින් බිහි කරන ආර්ථික ප්‍රතිලාභ උදෙසාම ක්‍රියාත්මක වන දෙයක් නොවන බව සංවර්ධනය මානව ඉතිහාසයේ සිට සිදුවු යම් යම් ආකාරයන්ගෙන් හඳුනා ගත හැකිය.

එහෙයින් සියළුම ජනතාවන්ට සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමටත් ඒවායෙහි ප්‍රතිලාභ භුක්ති ඳීමටත් අයිතියක් ඇති අතරම එබඳු ව්‍යාපෘති මගින් පරිසරයට ප්‍රතිනිර්මාණය කළ නොහැකි හානියක් සිදු නොවන තැනට වගබලා ගැනීම සම්බන්ධයෙන් එකි රාජ්‍යයන් මෙන්ම ජන සමාජයද වග බලා ගත යුතුය.

 

පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය

 

 

 

 

Post Views: 8
Previous Post

කුළු හරකෙකු මස් කළ අයෙකු හරකාගේ හිස සමග අත්අඩංගුවට

Next Post

සිසු ජීවිතයෙන් වසරක් එකහමාරක් ඉතිරි කිරීම ජාතියෙ අනාගතයට කෙරෙන ස්වර්ණමය ආයෝජනයක් – -අධ්‍යාපන අමාත්‍ය

editor

editor

Next Post

සිසු ජීවිතයෙන් වසරක් එකහමාරක් ඉතිරි කිරීම ජාතියෙ අනාගතයට කෙරෙන ස්වර්ණමය ආයෝජනයක් - -අධ්‍යාපන අමාත්‍ය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025
AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025

Recent News

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025
AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved