27 April 2024
#දේශීය

කුළු හරකෙකු මස් කළ අයෙකු හරකාගේ හිස සමග අත්අඩංගුවට

මාතලේ හතමුණගාල අංකන්ද ප්‍රදේශයේ දි ඊයේ (29) පස්වරුවේ දී කම්බි මදු අටවා කුළු හරකෙකු මැරු පුද්ගලයකු ගවයාගේ හිස කොටසක් සමග අත්අඩංගුවට ගත් බව මාතලේ රජ්ජම්මන වනජිවි කාර්යාලය පවසයි.

වනජිවි නිලධාරින්ට ලැබුණු තොරතුරක් අනුව මෙම සැකකරු සහ මස් සමග අත්අඩංගුවට ගත් බවත් අංකන්ද ප්‍රදේශයේ කැලැබදව ඇති ස්ථානවල මෙම කම්බිමදු ගසා හරකුන් අල්ලා මස් පිණිස හොර රහසේ අලෙවි කරන බවට මුලික පරික්ෂණවලදි අනාවරණය වි තිබේ.

සැකකරු අත්අඩංගුවට ගත් අවස්ථාවේදි ඔහු සන්තකයේ තිබු කම්බි මදු.පිහි.විදුලි පන්දම් ඇතුලු උපකරණ රැසක් සොයා ගත් බවත් සැකකරු මඩවල උල්පත කැටවල ප්‍රදේශයේ පදිංචි අයෙකු බවද වනජිවි නිලධාරිහු කියයි.

සැකකරු මාතලේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමිට නියමිතය.

මාතලේ රජ්ජම්මන වනජිවි කාර්යාල‍යේ අඩවි ආරක්ෂත එම්.බි විජේකොන් මහතා ඇතුලු නිලධාරින් මෙම වැටලිම සිදු කළහ.

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *