27 April 2024
#දේශීය

අනුරගේ එහා පැත්තේ රනිල් අසුන් ගනිවිද?

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මෙම මස අවසන් වීමට පෙර පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරය සඳහා දිවුරුම් දෙන බව වාර්තා වේ.

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා එහි නායක රනිල් වික්‍රමසිංහ පත් කිරීමට තීරණය කර ඇති අතර මැතිවරණ කොමසාරිස්වරයා අදාල නාමය මෙතෙක් ගැසට් නිවේදනයක් මගින් දැනුම් දී නොමැති බව දැනගන්නට ඇත.

එම ගැසට් නිවේදනය මෙම මාසය අවසන් වීමට පෙර නිකුත් කරනු ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ ආසන්නේ අසුන් ගෙන සිටින්නේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකයයි .

පසුගිය දිනවලදී මෙන්ම ආණ්ඩුවට එරෙහිව හඩ නගන්නේ ද අනුර කුමාර දිසානායක වන අතර රනිල් වික්‍රමසිංහ හට ද චෝදනා එල්ල කර සිටියේ ඔහුය.

එවැනි අවස්ථාවකදී දෙදෙනාම ආසන්නයේ සිට වාග් ප්‍රහාරය එල්ල කරන්නේ කෙසේද යන්න පිළිබඳ දේශපාලන විචාරකයින් පවා බලා සිටි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *