ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ නියමුවෙකු හට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.
එම ගුවන් නියමුවා පසුගිය 16 වනදා මෙල්බන් නුවර බලා ගුවන් ගත කල ගුවන් යානයේ ගොස් ඇති බවත් පසුව මෙරටට පැමිණි පසු ගුවන් නියමුවා විසින් සාකච්ඡාවකට සහභාගී වි ඇති බව දැනගන්නට ඇත.
කෙසේ වෙතත් අදාල සාකච්ඡාව සඳහා ගුවන් සේවයේ සභාපතිවරයා, ප්‍රධාන විධායක නිලධාරියා සහ ගුවන් නියමුවන් 40 කට වැඩි පිරිසක් සහභාගී වී ඇත.
ගුවන් නියමුවා මෙල්බන්වලදී සිදු කල පි.සී.ආර් පරික්ෂයෙන් ඒ බව තහවුරු වී ඇති නමුත් ඒ අවස්ථාවේදී ගුවන් යානය මෙරටට පැමිණෙමින් සිට ඇත. කෙසේ වෙතත් මේ වන විට ගුවන් සේවයේ 40 දනෙකු කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තා වී ඇත.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ අභ්‍යන්තර තොරතුරු සපයන්නෙකු විසින් පවසා සිටියේ මේ වන විට තවත් කිහිප දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවත් කිසිදු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයක් අනුගමනය නොකිරීම නිසා තවදුරටත් මෙය වර්ධනය විය හැකි බවයි. කෙසේ වෙතත් අදාළ නියමුවා වුවද තමා මෙම වෛරසය ආසාදනය වී ඇති බව දැන දැනම අන් අයට එය බෝ වීමට අවස්ථාව උදා කර ඇති බවයි අනෙකුත් කාර්ය මණ්ඩලය විසින් චෝදනා එල්ල කර සිිටියේ.