27 April 2024
#ව්‍යාපාර

“විස්කම් පියස” නව මුහුණුවරකින් ගෙන ඒමට රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මැදිහත් වෙයි

අනුරාධපුර කඩ 50 ප්‍රදේශයේ පිහිටි විස්කම් පියස පාරිභෝගිකයන්ගේ සිත් ඇදගන්නා සුළු ආකාරයට පරිවර්තනය කිරීම සදහා අවශ්‍ය සැලසුම් සකස් කිරීමට නිරීක්ෂණය කිරීම රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා විසින් අද(22 දින) සිදුවිය.

මෙම වෙළද සංකීර්ණය මගින් දේශිය මෙන්ම විදේශිකයන්ද පැමිණ භාණ්ඩ මිලදීගන්නා අතර මෙම වෙළදපොල සදහා විශේෂ ඉල්ලුමක් පාරිභෝගික ජනතාවගෙන් පවතී.

දැනට මෙම වෙළද සංකීර්ණය ආරක්ෂිත වැටක් තිබීම නිසා පාරිභෝගික ජනතාව හට මේ දෙසට ඇස නොගැටේ. මෙහි ආරක්ෂිත වැට ඉවත් කර විවෘත පරිසරයකින් පාරිභෝගික ජනතාවට පැමිණිමට ඉඩ සැලසිය යුතු බව අමාත්‍යවරයා යෝජනා කල අතර, මෙහි දැනට වෙළද කුටි පවත්වාගෙන යන ව්‍යවසායකයින්ගේද අදහස් යෝජනා මේ සමග එකතු කර මෙය සංවර්ධනය කිරීමට නියමිතය.

මෙහි විශේෂත්වය වන්නේ දේශිය අත්කම් නිර්මාණ වැනි ලංකාවට ආවේණික නිශ්පාදන ව්‍යවසායකයින් විසින් නිශ්පාදනය කර තිබීමයි.

පසුගිය සමයේ විදේශිකයන්ගේ පැමිණිමද මෙම වෙළද සංකීර්ණය තුළ දක්නට ලැබුණි. මෙම සංකීර්ණය විවර කිරීම තුලින් ව්‍යාපාරික ප්‍රජාවට හා පාරිභොගික ජනතාවට තම අවශ්‍යතා හා වුවමනා සපුරා ගැනීමට හැකිවනු ඇත. මේ තුලින් ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීම හා වයවසායකයින් තම නිශ්පාදන මෙම වෙළදපොල වෙත ලබාදී තම ආර්ථිකය ශක්තිමත් කරගනිමින් දැවන්ත සංවර්ධනයක් කරා යනු නොඅනුමානය.

මෙම විස්කම් පියස මහල් දෙකකින් හා වෙළද කුටි 36 කින් සමන්විත වේ. මෙම අවස්ථාව සදහා සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු ශෙහාන් සේමසිංහ මැතිතුමා සහ ප්‍රධාන ලේකම් එච්.එම්.පී. බණ්ඩාර මහතාද, නියෝජ්‍ය ප්‍රධාන සැලසුම් පී.බී. දයාරත්න මහතාද, කර්මාන්ත අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ බණ්ඩාර බුලත්සිංහල මහතාද, සහකාර ලේකම් ක්‍රිෂාන්ත මහතාද ඇතුළු රාජ්‍ය නිළධාරීන් රැසක් එක්ව සිටියහ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *