27 April 2024
#දේශීය

දෘශ්‍යාබාධයෙකු නිසා වගකිවයුතු ආයතනයක වැඩ හරහාට – ජනපතිගේ අවධානයට

මෙරට ඉඩම් අමාත්‍යංශයට අයත් විශේෂ ආයතනයක් වන ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ යම් කාර්යභාරය වලදී හොරපාරින් වැඩ කරන්නට වීමක් පිලිබඳ දැනගන්නට ඇත.

එම ආයතනයේ ඉහළ පුටුවක සිටින දෘශ්‍යාබාධ නිලධාරියෙකු නිසා එම ආයතනයේ සේවය ලබා ගන්නන් හට අපහසුතා රැසකට මුහුණ පෑමට සිදුව ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත් අදාළ නිලධාරියා බෙල් ක්‍රමයට කටයුතු කරන අයෙකු වන අතර ඔහුට සහාය දීමට එම ආයතනයේ නිලධාරින්ට සිදුව ඇති බව දැනගන්නට ඇත.

එම ඉහළ නිලධාරියා එසෙම ආබාධයට ලක් වීම හෙයින් මහජනතාවට අදාල කටයුතු සිදු කිරීමේදී යම් යම් පහල නිලධාරින්ට මුදල් දීමට පවා සිදුවන බවත් පහල නිලතල දරන අයගෙන් අශෝභන වාක් ප්‍රහාරවලට පවා ලක් වන බව දැනගන්නට ඇත.

කෙසේ වෙතත් එම දෘශ්‍යාබාධ විධායක ශ්‍රේණි නිලධාරියා හිටපු අග්‍රාමාත්‍යවරයෙකුගේ සහෝදරයෙකු විසින් පත් කිරීම් සිදු කර ඇති බව ඉතා විශ්වාසනීය ආරංචි මාර්ග සඳහන් කර සිටි.

අදාල පුද්ගලයා මේ වන විට අමාත්‍ය ධුරයක් දරන්නෙකු වන අතර ඔහුට රඹුරන් වගා කිරීමට අවශ්‍ය වු ඉඩමක් සොයා දීමේ කාර්ය සිදු කර ඇත්තේ මෙම විධායක ශ්‍රේණියේ දෘශ්‍යාබාධයට ලක් වු නිලධාරියා විසිනි.

එහෙයින් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ඉහල පුටුවකට පත් කිරීම් සිදු කිරීම එම කාර්යයට ප්‍රතිඋපකාරයක් බව දැනගන්නට ඇත.

එම ප්‍රතිඋපකාරයක නම් කෙසේ නමුත් අදාළ ආයතනයෙන් සේවය ලබා ගන්නා ජනතාවට සිදුව ඇති අපහසුතාවය නම් නිමක් නැති තරම්. අත යටින් මුදල් විසි කරමින් රාජ්‍ය ආයතනයකින් කාර්යයක් කර ගැනීමට සිදු වීම තරම් අපේ රට තවත් සිටින්නේ යල් පැන ගිය හොරුම නොවේද? ජනාධිපතිතුමනි මෙම දෘශ්‍යාබාධයට ලක් වු අදාල නිලධාරියා රැකියාව අවශ්‍ය බව දන්නා නමුත් රජයේ ආයතනයක ඉහළ තනතුරකට පත් කල යුතු වන්නේ මනා දැනුමත් ඇති නිරෝගි අයෙකු නොවේද?

ඔහු රට ආපස්සට ගෙන යන ගොඩේ අයෙක් බව අපි යලි යලිත් පසක් කරනෙමු. ජනාධිපතිතුමනි ඔබගේ වැඩපිළිවෙලෙහි යම් හරයක් කරන්නේ නම් මෙම ආයතනයේද සුද්ධ පවිත්‍ර කල යුතු වන්නේ බව අප අවධාරණය කරන්නේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *