27 April 2024
#දේශීය

තියුණු ආයුධයකින් පහර දී කාන්තාවක් මරුට

පන්නල, කැකිල්ලපිටිය ප්‍රදේශයේදී ඊයේ (12) පෙරවරුවේදී පුද්ගලයෙකු විසින් කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ මිය ගිය කාන්තාව වයස අවුරුදු 39 ක් වු තලම්මැහැර, පන්නල ප්‍ර දේශයේ පදිංචිකාරියකි බවයි.

මිය ගිය කාන්තාව සහ සැකකරුවන් අඹු සැමියන් වන අතර කලක පටන් දෙදෙනා අතර පැවැති පවුල් ආරවුල් හේතුවෙන් දෙදෙනා වෙන් වෙන්ව ජිවත්ව සිටි ඇති බව මුලික විමර්ශනවලදී හෙලිව ඇති බව පොලිසිය පවසයි.

සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පන්නල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *