ලාබාල දැරියකට බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකර එය වීඩියෝගත කළ ව්‍යාපාරිකයකු සම්බන්ධ පොලිසියට පැමිණිලි කළද කිසිදු පියවරක් ගෙන නැත.
එසේම මේ තත්වය යටතේ ළමා අපචාරවලට එරෙහිව හා පොලීසිය, ළමාරක්ෂක අධිකාරිය ඇතුළු බලධාරින් විසින් සිය වගකීම ඉටු නොකිරීම පිළිබඳ විරෝධය පළ කිරීමට ‘නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය‘ මගින් සංවිධානය කළ උද්ඝෝෂණය ඊයේ (19) සවස 3.00ට කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්විනි.
මේ සම්බන්ධයෙන් මාදිවෙල, තලවතුගොඩ පාරේ, අංක. 330 ස්ථානයේ පිහිටි ජාතික ළමාරක්ෂක අධිකාරියට පැමිණිල්ලක් භාරදීම ද එදින පෙරවරු 11.00ට නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය විසින් සිදුකරනු ලැබිණි.
එම අවස්ථා දැක්වෙන ජායාරූප පෙළ පහත දැක්වෙයි.