ලෝක පාරිභෝගික අයිතිවාසිකම් දිනය අදට (මාර්තු 15) යෙදී තිබේ. “නිෂ්පාදනවල ආරක්ෂාව සහ පාරිභෝගික විශ්වාසය” යන්න මෙවර තේමාව වී ඇති අතර, පාරිභෝගික අයිතීන්, ආරක්ෂාව සහ වගකීම් පිළිබඳව ගෝලීය වශයෙන් අවධානය යොමු කිරීම මෙහි ප්‍රධාන අරමුණයි. 1962 වසරේදී අමෙරිකානු හිටපු ජනාධිපති ජෝන් එෆ්. කෙනඩි මහතා විසින් ප්‍රථම වරට හඳුන්වා දුන් මෙම සංකල්පය, 1983 වසරේ සිට ජාත්‍යන්තරව සැමරීම ආරම්භ විය.
ශ්‍රී ලංකාවේ පාරිභෝගික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත ක්‍රියාත්මක වේ. භාණ්ඩවල ගුණාත්මකභාවය, මිල ප්‍රදර්ශනය සහ අසාධාරණ වෙළඳ සිරිත් පාලනය කිරීම මෙමගින් සිදු කෙරේ. ඔබ කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් මිලදී ගැනීමේදී අසාධාරණයකට ලක්වූයේ නම්, 1977 යන ක්ෂණික දුරකථන අංකය ඔස්සේ පාරිභෝගික අධිකාරිය වෙත පැමිණිලි කිරීමේ හැකියාව පවතී.














