යාපනය මුහුදු තීරයේ සිදුවූ බෝට්ටු අනතුර පිළිබඳව සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා අදාළ නිලධාරීන්ට අද (06) උපදෙස් ලබා දුන්නේය. නාවික හමුදාව ඇතුළු අංශ කිහිපයක සහභාගීත්වයෙන් මෙම පරීක්ෂණ සිදු කිරීමට නියමිතය.
අමාත්‍යවරයා විසින් නිකුත් කරන ලද ප්‍රධාන නියෝග මෙසේය. අනතුරට ලක් වූ බෝට්ටුවේ මගීන් සංඛ්‍යාව නියමිත සීමාව ඉක්මවා තිබුණේද සහ එහි ධාවන යෝග්‍යතාව පිළිබඳව සවිස්තරාත්මක වාර්තාවක් ඔහු කැඳවා තිබේ. එසේම මුහුදේ අතරමං වූවන් සෙවීමේ සහ ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා නාවික හමුදාව සහ පොලිසිය සතු සියලු සම්පත් උපරිමයෙන් භාවිත කරන ලෙස ද අමාත්‍යවරයා දන්වා ඇත.
අනතුරෙන් පීඩාවට පත්ව දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයින්ට අවශ්‍ය උපරිම වෛද්‍ය පහසුකම් සලසන ලෙස රෝහල් බලධාරීන්ට උපදෙස් දී ඇති අතර, මියගිය අයගේ පවුල් වෙත අමාත්‍යවරයා සිය බලවත් ශෝකය ප්‍රකාශ කරමින් ඔවුන්ට අවශ්‍ය ආධාර ලබා දීමට රජය කටයුතු කරන බව සහතික කළේය.














