• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අනුරාධපුරය සංවර්ධනය කටයුතු කඩිනමින් – ඇමති චම්පික

29 June 2019
in සංවර්ධන

අනුරාධපුරයේ ජලය බැස යන ජල මාර්ග 6 ක් සංවර්ධනය කිරීමට කටයුතු කරන බවත්, දුම්රිය, බස් නැවතුම්පල සහ සියළු ප‍්‍රවාහන මාදිලි එකට යාකෙරෙන බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානයක් අනුරාධපුරයේ ඉදිකිරීමට සැලසුම්කර ඇති බවත් මහනගර ඇමති චම්පික රණවක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රුපියල් මිලියන 53 ක වියදමින් සංවර්ධනය කරන ලද ජය ශ‍්‍රී මහා බෝධින්වහන්සේගේ නැගෙනහිර ප‍්‍රවේශ මාර්ගය බැතිමතුන් උදෙසා විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින්. මෙම අවස්ථාවට අටමස්ථානාධිපති, උතුරු මධ්‍යම දිසාවේ ප‍්‍රධාන සංඝනායක අති පූජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය, ඇමති චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්විය.

අමාත්‍යවරයා පැවසූවේ අනුරාධපුරයේ ශුද්ධ නගරයට ද්වාර 6 ක් සහ ද්වාර 6 හරහා දිවෙන පෙත් මං 6 ක් ඉදිකෙරෙන බවත්, ශුද්ධ නගරයේ අනවසර ඉදිකිරීම් ලෝලූ ගස් වැවට රැගෙන යාමට කටයුතු කරන බවත්, අතීත ශ‍්‍රී විභූතියෙන් පිරි අනුරපුර නගරය නවීන තාක්ෂණයට යටත්ව සංවර්ධනය කරන බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, අනුරාධපුර ජය ශ‍්‍රී මහා බෝධිය අවට ප‍්‍රදේශය සම්පූර්ණයෙන්ම වෙන් කොට වෙනම ශුද්ධ නගරයක් හැටියට පවත්වා ගැනීම සඳහා අපි බලාපොරොත්තු වෙනවා. ද්වාර 6 ක් ඉදිකරන්න සැළසුම් සකස් කර තිබෙන්නේ. එයින් පසුව ද්වාර 6 සිට ජය ශ‍්‍රී මහා බෝධිය, රුවන්වැලි සෑය සහ අටමස්ථානය දක්වා දිවයන පෙත්මං මේ ආකාරයටම සුන්දරව පවත්වාගැනීම තමයි අපගේ සැලැස්ම. ඒ සඳහා අපේ ශ‍්‍රී ලංකා රජයේ අරමුදල් පාවිච්චි කරනවා. ඊට අමතරව අපි බලාපොරොත්තුවනවා අනුරාධපුරයේ ජලය බැස යන ඇල මාර්ග 6 ක්, ඒ වගේම දුම්රිය ස්ථාන සහ බස්නැවතුම්පළ එකට යා කරන ප‍්‍රවාහන මධ්‍යස්ථානයක් ඇතුළු අනෙකුත් සංවර්ධන කටයුතු සිදු කිරීම සඳහා ප‍්‍රංශ ආධාර යටතේ කටයුතු කරන්න. එහි පළවෙනි ව්‍යාපෘති 6 මේ වසරේදී ආරම්භ කරනවා. ඒ වගේම විදේශ අරමුදල් වලින් කොටසක් නගරයේ අනෙකුත් පහසුකම් නැංවීමට ඉදිරි වසර 03 දී අපි කටයුතු කරනවා. සුරම්‍ය නගරයක් ගොඩනැගෙන කොට පූජා භූමිය ඉතාමත්ම හොඳින් ගොඩනැගෙයි. ඒ වගේම වසර 10ක් පමණ විශාල උත්සාහයක් ගනු ලැබූ ලෝලූගස්වැව ව්‍යාපෘතියත්, ඒ කටයුත්තත් ඉදිරි කාලයේ අපේ ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවත් එම කටයුතු ඉටු කරයි. එතකොට අපේ ප‍්‍රශ්න ගොඩාක් මේ කලාපයේ විසඳෙයි. පොදුවේ බොදු සැදැහැවතුන්ටත් සතුටු විය හැකියි ශ‍්‍රී විභූතියෙන් යුතු අනුරපුර නගරය නැවත නවීන තත්වය යටතේ ගොඩනැගී ඉදිරියට යාම පිළිබඳව යැයි අමාත්‍යවරයා පැවසීය.

Post Views: 7
Previous Post

ජුලි පලමු වෙනිදා එජාපයේ පිබිදීමක් – ඇමැති රවි කියයි

Next Post

මාකදුරේ මධුෂ්ගේ හෙළි කිරිම් ගැන ඇමැති රාජිතගෙන් අනාවරණයක්

editor

editor

Next Post

මාකදුරේ මධුෂ්ගේ හෙළි කිරිම් ගැන ඇමැති රාජිතගෙන් අනාවරණයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved