Coca-Cola Beverages Sri Lanka සමාගම 2026 SLIM ජාතික විකුණුම් සම්මාන උළෙලේදී සම්මාන හයක් දිනාගැනීමට සමත්ව තිබෙනවා.
එම සම්මාන අතර රන් සම්මාන දෙකක් සහ කුසලතා සම්මාන හතරක් ඇතුළත් වන අතර, සමාගමේ විකුණුම් කණ්ඩායමේ දක්ෂතා, කැපවීම සහ වෘත්තීය නිපුණතාව මෙහිදී ඇගයීමට ලක්ව තිබෙනවා.
මෙවර සම්මාන උළෙලේදී සමාගමේ ගයාන් මින්දික සහ චාමර පෙරේරා රන් සම්මාන දිනාගෙන ඇති අතර, අසංක ප්‍රදීප්, ඉෂාන් සලින්ද, උමේන්ද්‍ර අබේනායක සහ ඇලිස්ටෙයාර් සේන කුසලතා සම්මාන හිමිකරගෙන තිබෙනවා.
විකුණුම්, විකුණුම් ක්‍රියාත්මක කිරීම, කලාපීය කළමනාකරණය සහ ජාතික විකුණුම් නායකත්වය ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක ඔවුන් දැක්වූ දක්ෂතා මෙම සම්මාන සඳහා පදනම් වී ඇති බවයි සමාගම සඳහන් කරන්නේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් Coca-Cola සමාගමේ ශ්‍රී ලංකා සහ මාලදිවයින් ප්‍රධානී මාරියෝ පෙරේරා මහතා සඳහන් කළේ, සාර්ථක ව්‍යාපාරයක් පිටුපස කැපවීමෙන් සහ නොපසුබට උත්සාහයෙන් කටයුතු කරන කණ්ඩායමක් සිටින බවයි.
පාරිභෝගිකයන් සමඟ සබඳතා ශක්තිමත් කිරීම සහ දිවයින පුරා නිෂ්පාදන පහසුවෙන් ලබාගැනීමට අවස්ථාව සැලසීම වෙනුවෙන් විකුණුම් කණ්ඩායම ඉටුකරන කාර්යභාරය මෙම සම්මාන මගින් ඇගයීමට ලක්වන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.















