සන්ෂයින් හෝල්ඩිංග්ස් (Sunshine Holdings) සමාගමේ සුව සේවා අංශයට අයත් මෙරට ප්රමුඛ ඖෂධ හා සුවතා සේවා ජාලයක් වන Healthguard සිය 17 වැනි ශාඛාව ගල්කිස්ස නගරයේදී විවෘත කර තිබේ.
ගුණාත්මක ඖෂධ සහ සෞඛ්‍ය සේවා ජනතාවට වඩාත් පහසුවෙන් ලබාදීමේ අරමුණින් මෙම නව ශාඛාව ආරම්භ කර ඇත.
නව ශාඛාව විවෘත කිරීමේ උත්සවය සන්ෂයින් හෝල්ඩිංග්ස් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ශ්‍යාම් සතාසිවම් සහ සමූහයේ ප්‍රධාන මානව සම්පත් හා ආයතනික සන්නිවේදන නිලධාරිනී මිෂෙල් සේනානායක යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
Healthguard ආයතනයට අනන්‍ය වූ ‘Purple Service’ සේවා ආකෘතිය ඔස්සේ පාරිභෝගිකයන්ට අවශ්‍ය උපදෙස්, ගුණාත්මක ඖෂධ සහ පුද්ගල අවශ්‍යතාවන්ට ගැළපෙන සේවාවක් ලබාදීමට මෙහිදී පියවර ගෙන තිබේ.
Healthguard ෆාමසි ජාලයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ෆර්මාන් නිසාර් මහතා සඳහන් කළේ ගුණාත්මක සුව සේවා ජනතාවට වඩාත් සමීප කිරීම සඳහා සමාගම අඛණ්ඩව කැපවී සිටින බවයි.
උසස් නිෂ්පාදන ප්රමිතීන් සහ පාරිභෝගික සේවාව පවත්වා ගනිමින් දිවයින පුරා සිය ශාඛා ජාලය තවදුරටත් පුළුල් කිරීමට සමාගම අවධානය යොමු කර ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
















