27 July 2024
#දේශීය

අපොස සාමාන්‍ය පෙළ ලියූ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යාපන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම් පත්‍ර කැඳවීමේ දිනය දීර්ඝ කර ඇති බව වාර්තා වෙයි.

විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පුජීත  නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.

එගි සඳහන් වන්නේ , අදාළ අයදුම් පත්‍ර කැඳවීමේ අවසාන දිනය 2020.07.31 දිනය දක්වා දිර්ඝ කර ඇති බවය.

ඒ සඳහා වන අයදුම් පත්‍ර ජුලි මස 31 වන දා හෝ ඊට පෙර ලැබෙන සේ ලියාපදිංචි තැපෑලෙන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තු ව වෙත එවිය යුතු වේ.

වැඩිදුර තොරතුරු සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙත පිවිසෙන ලෙස විභාග කොමසාරිස් ජනරාල්වරයා ඉල්ලා සිටී.උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව හැදෑරීමට 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීම සඳහා අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය 2020 ජූලි මස 20 වන දා තෙක් දීර්ඝ කර ඇත.

මේ සඳහා අදාළ අයදුම්පත් සහ වෘත්තීය විෂයධාරාව ක්‍රියාත්මක වන පාසල් ලේඛනය අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවිය වන www.moe.gov.lk වෙත පිවිසීමෙන් ලබාගත හැකි බව එම අමාත්‍යාංශය නිවේදනය කරයි.

වැඩිදුර තොරතුරු සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ “සැමට අධ්‍යාපන ශාඛාවේ“ දුරකථන අංක 0112 787136 මඟින් විමසීම් කළ හැකිය.

එමෙන් ම ඒ ඒ පළාත්හි වෘත්තීය විෂය ධාරාව සහිත පාසල්වල පවත්නා වෘත්තීය විෂයයන් පිළිබඳ වැඩිදුර තොරතුරු පහත සඳහන් දුරකථන අංක අමතා පළාත් සම්බන්ධීකරණ නිලධාරීන් වෙතින් ද ලබා ගැනීමට අවස්ථාව සලසා ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *