27 April 2024
#දේශීය

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කොවිඩ් මර්දන රාජකාරී වලින් ඉවත්වෙයි

 කොවිඩ් 19 පාලනයට අදාළ සියලු රාජකාරීවලින් ඉවත්වීමට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කර තිබේ.

ඒ අනූව අද (17) පස්වරු 12.30 සිට ඔවුන් රාජකාරී වලින් ඉවත්වීම සිදුවෙයි.

එම සංගමයේ සභාපති, එම්.ජී.යු.රෝහණ  විසින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය ලේකම්වරයා වෙත මේ බව ලිඛිතව යොමු කර ඇත.

නීතිමය රැකවරණය රහිතව රාජකාරී කිරීමට නොහැකිවීම පදනම් කර ගනිමින් එම සංගමය මෙම තීරණය ගත් බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

ඒ අනුව එම සංගමයේ විධායක සභාව විසින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ගෙන ඇති අතර, හෙට (18) දිනයේ දී පැවැත්වෙන දිස්ත්‍රික් නියෝජිත හමුවේ දී මේ සම්බන්ධයෙන් සමාලෝචනය කර ඉදිරි තීරණ දැනුම් දෙන බව ද සභාපතිවරයා වැඩිදුරටත් දක්වයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *