27 April 2024
#දේශීය

වෙළෙඳපොළේ ඇති කහ ගැන විශේෂ පරීක්ෂණයක්

පරිභෝජනයට ගන්නා කහවලට විවිධ ද්‍රව්‍ය මිශ‍්‍ර කර ඇති බවට ලද තොරතුරු අනුව කහවල ප‍්‍රමිතිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා මේ දිනවල වෙළඳසැල් හදිසි පරීක්ෂාවන්ට ලක් කෙරෙන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

 එම අධිකාරියේ අධ්‍යක්‍ෂ අසේල බණ්ඩාර පවසා ඇත්තේ  මේ වන විටත් වෙළෙඳපොළ තුළින්     ලබාගෙන ඇති කහ සාම්පල කිහිපයක් දැනටමත් රසායානාගාර වෙත යොමු කර ඇති බවයි  

පාරිභෝගික අධිකාරිය මගින් සිදුකෙරෙන අනෙකුත් වැටලීම් කටයුතු ද සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බවත් ඔහු පවසයි.

තවද වංචනික වෙළඳුන් සම්බන්ධයෙන් තොරතුරු දැනුම්දීම සඳහා ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් ජනතාවට කෙටි ඇමතුම් අංකයක් ලබාදී ඇත.

 ඒ අනුව 1977 අංකය අමතා එවැනි පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවත් පාරිභෝගික  අධිකාරිය ජනතාවට දැනුම්දී සිටියි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *