• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අමාත්‍යංශයේ සියළු ආයතන එකම ගොඩනැගිල්ලක්‌ තුල කිරීමේ වැඩපිලිවෙලක් – ලේකම් වියානි ගුණතිලක

2 January 2024
in දේශීය, පුවත්
අමාත්‍යංශයේ සියළු ආයතන එකම ගොඩනැගිල්ලක්‌ තුල කිරීමේ වැඩපිලිවෙලක් – ලේකම් වියානි ගුණතිලක

විවිධ ස්ථානවල ක්‍රියාත්මක වන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ආයතන එකම ගොඩනැගිල්ලක්‌ තුළට ගෙන ඒමට මේ වසර තුළ අප කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වියානි ගුණතිලක මහතා පවසයි.

ලේකම්වරයා මේ බව පැවසුවේ 2024 නව වසර වෙනුවෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ නිල රාජකාරි ආරම්භ කිරිමේ අවස්ථාවට ඊයේ (01) බත්තරමුල්ල සුහුරුපාය පරිශ්‍රයේදී එක්වෙමිනි.

එහිදී අදහස් දැක්වූ වියානි ගුණතිලක මහතා,“රටත්, ජනතාවත් රාජ්‍ය සේවය තුළින් බලාපොරොත්තු වන කාර්යභාරය වඩාත් ඵලදායි ලෙසත් යථාර්ථවාදී ලෙසත් ඉටු කිරීමට සියලු දෙනා අධිෂ්ඨාන කරගත යුතුයි. අමාත්‍යංශයක්‌ වශයෙන් විශාල මහජන සේවාවන් රැසක් සපයන දෙපාර්තමේන්තු පහක් අප යටතේ ක්‍රියාත්මක වනවා. එම සියලුම අංශවල නිලධාරීන් එකම කණ්ඩායමක් ලෙස කටයුතු කිරීම තුළින් ජනතාවට වඩාත් සමීප සේවාවක් සැපයීමට හැකියාව ලැබෙනවා. අමාත්‍යංශයේ විෂය භාරවකටයුතු කරන ටිරාන් අලස් මහතා ඒ ඒ විෂය සම්බන්ධව ඉතාමත් පුළුල් අවබෝධයක් සහිතව එතුමාගේ කාලය සහ ශ්‍රමය අමාත්‍යංශයේ දියුණුව වෙනුවෙන් කැප කිරීම මේ මොහොතේ විශේෂයෙන් සිහිපත් කළ යුතුයි. ඒ නායකත්වය තුලින් තවදුරටත් ශක්තිමත් මේ වසර සාර්ථක කර ගැනීමට හැකියාව ලැබෙනු ඇති බව මා විශ්වාස කරනවා. එම පසුබිම යටතේ පසුගිය කාලය තුළ ජනතාව සමාජ මාධ්‍ය තුළද මෙම ආයතන පිළිබඳ බොහෝ ප්‍රශංසා මුඛයෙන් කතා කිරීමේ තත්වයක් ඇතිවී තිබෙනවා. එමෙන්ම ජනතාවට වඩාත් පහසු සහ සමීප සේවාවක් ලබාදීම සඳහා විවිධ ස්ථානවල ක්‍රියාත්මක වන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ආයතන එකම ගොඩනැගිල්ලක්‌ තුළට ගෙන ඒමට මේ වසර තුළ අප කටයුතු කරනවා “ යැයි ලේකම් වියානි ගුණතිලක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 60
Tags: ministry
Previous Post

නිවැරදි තීන්දු තීරණ සමඟ 2024 වසරේදී ශ්‍රී ලංකාව සීඝ්‍ර ආර්ථික වර්ධනයක් කරා ගෙන යනවා – ජනපති

Next Post

සිරි දේවමිත්ත ධම්මපාල හිමියන්ගේ ප්‍රතිමාව නිරාවරණය ජනවාරි 05දා

editor ttvnews

editor ttvnews

Next Post
සිරි දේවමිත්ත ධම්මපාල හිමියන්ගේ ප්‍රතිමාව නිරාවරණය ජනවාරි 05දා

සිරි දේවමිත්ත ධම්මපාල හිමියන්ගේ ප්‍රතිමාව නිරාවරණය ජනවාරි 05දා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved