• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ආණමඩුව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සතු ගොඩනැගිලි සහිත ඉඩම ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයට පවරයි

20 November 2020
in සංවර්ධන

පුත්තලම දිස්ත්‍රික්කයේ ආණමඩුව ප්‍රදේශයේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සතු ගොඩනැගිලි සහිත ඉඩම ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය වෙත පැවරීමේ අවබෝධතා ගිවිසුම අත්සන් කිරිම ඊයේ (19)සිදු කෙරිණි.

ඒ නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රේණුක දුෂ්ෂන්ත පෙරේරා මහතා සහ ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ සභාපති විනෝද් කුමාර් මුණසිංහ මහතා ඊට අත්සන් තැබුවේ නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහතාගේ ප්‍රධානත්වයෙනි.

ක්ෂේත්‍රවල තාක්ෂණික හා වෘත්තීය පුහුණු කිරීම් පවත්වා ගෙන යාම සහ අධ්‍යාපනය ලබා දිමේ කාර්යය සඳහා නිවාස සංවර්ධන අධිකාරිය සතු පුත්තලම දිස්ත්‍රික්කයේ ආණමඩුව, තම්මැන්නාගම ගම්උදා භූමියෙහි අක්කර 07 ක ඉඩම තුල පිහිටි ගොඩනැගිලි උපයෝගී කර ගෙන කලාපීය මධ්‍යස්ථානයක් පිහිටුවීමට සැළසුම් කර ඇත.

එම ගොඩනැගිලි ප්‍රතිසංස්කරණයෙන් පසු පළමු අදියර ලෙස 2021 ජනවාරි මාසයේදී කෘෂි යන්ත්‍ර උපකරණ කාර්මික ශිල්පි පාඨමාලාව ආරම්භ කිරීමටත් දෙවන අදියරේදී ධීවර බෝට්ටු එන්ජින් කාර්මික ශිල්පි පාඨමාලාව සහ විදුලි මෝටර් එතුම් කාර්මික ශිල්පි පාඨමාලාව ආරම්භ කිරීමටත් නියමිතය.

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සතු ගොඩනැගිලි සහිත ඉඩම සේවා හුවමාරුවකට යටත්ව ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය වෙත පැවරීම මෙම අවබෝධතා ගිවිසුම මඟින් සිදු කරනු ලබන අතර, එමඟින් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සේවකයින්ගේ අධයාපන සුදුසුකම් සපුරා ඇති දූ දරුවන්ට සහන පදනම යටතේ පුහුණුව ලබා දීමත්, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සතු වාහන අමතර කොටස් සපයා දීමෙන් පසු අළුත්වැඩියා කිරීමත් ආදී ද්වි පාර්ශික ප්‍රතිලාභ මෙම අවබෝධතා ගිවිසුම මඟින් අපේක්ෂිතය.

මෙම අවස්ථාව සඳහා අමාත්‍යංශයේ ලේකම් පද්මා රාජපක්ෂ මහත්මිය, නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රේණුක දුෂ්ෂන්ත පෙරේරා මහතා සහ ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ සභාපති විනෝද් කුමාර් මුණසිංහ ඇතුලු රාජ්‍ය නිළධාරීන් රැසක් සහභාගී වූහ.

Post Views: 14
Previous Post

සති අන්තයේ මගී දුම්රිය ධාවනය නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි

Next Post

රුසියාවට හොරට යැවූ ශ්‍රී ලාංකිකයින් 27 ක් එරටදී අත් අඩංගුවට – විදේශ අමාත්‍යංශය

editor

editor

Next Post

රුසියාවට හොරට යැවූ ශ්‍රී ලාංකිකයින් 27 ක් එරටදී අත් අඩංගුවට - විදේශ අමාත්‍යංශය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved