• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඇමෙරිකාවට ඇති ප්‍රබල තර්ජනය ගැන එරට බුද්ධි ප්‍රධානීන් කියයි

26 March 2025
in පුවත්, විදෙස්
ඇමෙරිකාවට ඇති ප්‍රබල තර්ජනය ගැන එරට බුද්ධි ප්‍රධානීන් කියයි

අමෙරිකා එක්සත් ජනපදයට හමුදාමය වශයෙන් සහ සයිබර් අවකාශයේ ප්‍රබලතම තර්ජනය එල්ල කරන්නේ චීනය විසින් බව අමෙරිකානු බුද්ධි අංශ ප්‍රධානීන් පෙන්වා දෙයි.

අමෙරිකානු බුද්ධි අංශ විසින් වාර්ෂිකව නිකුත් කරන, අමෙරිකාවට ඇති තර්ජන පිළිබඳ ඇගයීම් වාර්තාවේ මේ බව සඳහන් වේ.

එහිදී ඔවුන් අවධාරණය කර ඇති ප්‍රධාන කරුණ තමයි චීනය සිය සන්නද්ධ සහ තාක්ෂණික හැකියාවන්වල ක්‍රමානුකූල වර්ධනයක් අත්කරගනිමින් සිටින බවය.

එමෙන්ම ඔවුන් තායිවානය අත්පත් කරගැනීම සඳහා එම හැකියාවන් යොදා ගැනීමේ අවස්ථාව පවතින බව අමෙරිකානු බුද්ධි අංශ ප්‍රධානීන් පෙන්වා දෙයි.

චීනයට සාම්ප්‍රදායික යුද අවි යොදාගෙන අමෙරිකාවට ප්‍රහාරයක් එල්ල කළ, හැකි බවත් අමෙරිකානු යටිතල පහසුකම්වලට සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකි බවත් එම වාර්තාවේ සඳහන් කර තිබේ.

එපමණක් නොව අභ්‍යවකාශයේ ඇති අමෙරිකානු උපාංග ද චීන ප්‍රහාරයකට ලක්විය හැකි බව එහි සඳහන් කර තිබේ.

මෙහිදී විශේෂයෙන් කියන්න ඕන කරුණක් තමයි මෙම බුද්ධි අංශ වාර්තාවෙන් ප්‍රකාශ කර තිබෙන්නේ චීනය විසින් අමෙරිකාවට ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමක් හෝ සැලසුමක් පිළිබඳ නොවන බවය.

ඔවුන් කියන්නේ චීනයට එවැනි හැකියාවක් ඇති සහ ඒවා සංවර්ධනය කරමින් සිටින බවය.

වසර 2030 වනවිට AI තාක්ෂණයෙනුත් අමෙරිකාව අභිබවා ප්‍රමුඛයා බවට පත්වීමට චීනය සැලසුම් කරන බව අමෙරිකානු බුද්ධි ප්‍රධානීන් සඳහන් කළේය.

රුසියාව, ඉරානය, උතුරු කොරියාව සහ චීනය අමෙරිකාවට තර්ජනයක් වන, අභියෝගයක් එල්ල කරන රටවල් ලෙස බුද්ධි අංශ වාර්තාවේ සඳහන් කර තිබේ.

මහා පරිමාණ යුද්ධයකදී බටහිරට එරෙහිව යොදාගත හැකි අත්දැකීම් රැසක් යුක්‍රේනය සමග යුද්ධයේදී රුසියාවට, හිමිවී ඇති බව අමෙරිකානු බුද්ධි ප්‍රධානීන්ගේ වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.

විශේෂයෙන් අමෙරිකානු සහ අනෙකුත් බටහිර යුද අවි මෙන්ම බුද්ධි සේවා යොදාගන්නා ආකාරය පිළිබඳ පෙරහුරුවක් රුසියානුවන්ට යුක්‍රේන යුද්ධයෙන් ලැබී ඇති බව මෙම වාර්තාවන් පෙන්වා දී ඇති කරුණකි.

චීන මහජන විමුක්ති හමුදාව AI මාදිලි යොදාගනිමින් වැරදි ප්‍රවෘත්ති නිර්මාණ කිරීමටත්, වෙනත් පුද්ගලයින් ලෙස පෙනී සිටීමටත්, පරිගණක ජාලවලට ප්‍රහාර එල්ල කිරීමටත් සැලසුම් කළ හැකි බව එම වාර්තාවේ සඳහන් කර ඇත.

චීනයේ සන්නද්ධ හැකියාවන් අතරට හයිපර්සොනික්, නැත්නම් ශබ්දයේ වේගය මෙන් පස්ගුණයක් වේගයෙන් ගමන් කරන මිසයිල සහ අවි, රේඩාර්වලට ග්‍රහණය නොවන යුද ගුවන් යානා, නවීන තාක්ෂණයෙන් සන්නද්ධ සබ්මැරීන මෙන්ම ශක්තිමත් අභ්‍යාවකාශ සහ සයිබර් අවි ද අයත් වන බවත් එම වාර්තා දැක්වේ.

චීනය සතු න්‍යෂ්ටික අවි විශාල තොගයක් පවතින බව ද මෙහිදී අවධාරණය කර ඇති කරුණකි.

මේ නිසා චීනය වඩාත් හැකියාවන්ගෙන් යුත් උපක්‍රමීය තරගකරු (most capable strategic competitor)ලෙස අමෙරිකාවේ ජාතික බුද්ධි සේවා අධ්‍යක්ෂිකා තුල්සි ගබාඩ් අමෙරිකානු සෙනෙට් මණ්ඩලය කමිටුව හමුවේ ප්‍රකාශ කළේය.

අදාළ වාර්තාව සකස් කිරීමට එක්වූ CIA සංවිධානයේ අධ්‍යක්ෂ ජෝන් රැට්ක්ලිෆේ සෙනෙට් කමිටුව හමුවේ පවසා ඇත්තේ, අමෙරිකාවේ මත්ද්‍රව්‍ය මරණවලට ප්‍රධාන හේතුව වන ෆෙන්ටනිල් රසායනික අමෙරිකාවට පැමිණීම වැළැක්වීම සඳහා චීනය ප්‍රමාණවත් උත්සාහයක නිරත නොවන බවය.

අමෙරිකානු එක්සත් ජනපද බුද්ධි ප්‍රධානීන්ගේ වාර්තාව පිළිබද අදහස් දක්වමින් වොෂින්ටන් නුවර චීන තානාපති කාර්යාලය සඳහන් කළේ, සිය හමුදාමය ආධිපත්‍යය පවත්වාගැනීම සදහා අමෙරිකාව මේ විදියට චීනය තර්ජනයක් ලෙස අතිශයෝක්තියෙන් හුවා දක්වන බවය.

 

  • අද දෙරණ
Post Views: 50
Previous Post

ලගදීම ජනතාවට ලැබෙන සතුටු ආරංචිය

Next Post

බත් කන මිනිහෙක් නම් ආයේ ආණ්ඩුවට ඡන්දේ දෙන්නේ නෑ – ජගත් කුමාර

Editor TTV News

Editor TTV News

Next Post
බත් කන මිනිහෙක් නම් ආයේ ආණ්ඩුවට ඡන්දේ දෙන්නේ නෑ – ජගත් කුමාර

බත් කන මිනිහෙක් නම් ආයේ ආණ්ඩුවට ඡන්දේ දෙන්නේ නෑ - ජගත් කුමාර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved